Browsing by Author "තන්තිරිගෙ, ප්‍රසාදිනි"
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නියැලෙන්නන්ගේ මාසික අලෙවි ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) තන්තිරිගෙ, ප්රසාදිනිශ්රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය 1970 ගණන්වල එහි දියුණුම අවස්ථාවට ළඟා වූ අතර 1978 න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල සහ ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ ඇඟලුම් කර්මාන්ත අංශයේ වර්ධනයත් සමඟ පසුබෑමකට ලක් විය. කෙසේ නමුත් පශ්චාත් යුධ සමයේ රටේ සංවර්ධන අවශ්‍යතා ඉහළ නැංවීමත් සමඟ දේශීය ආර්ථිකයේ දියුණුව සඳහා ව්‍යාපාරික අවස්ථා දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය වඩාත් වැදගත් කර්මාන්තයක් ලෙස නැවත ස්ථානගත කරන ලදී (ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, 2017). දේශීය අනන්‍යතාවය හා සංස්කෘතියට උචිත පරිදි මෙන්ම දේශීය හා විදේශීය වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය ජයගත හැකි පරිදි අත්යන්ත්‍ර පේෂකර්ම ක්ෂේත්‍රයෙහි නිර්මාණශීලි සහ තරඟකාරී රෙදිපිළි නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයින් යොමු කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වේ (ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, 2018). ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පේෂ කර්මාන්ත නිෂ්පාදන සමූපකාර සමාගම්, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යනාදී ප්‍රධාන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ රැකියා උත්පාදනයකට එය හේතු වී ඇත. 2020 වර්ෂයේ පේෂ කර්මාන්ත නිෂ්පාදන ආශ්‍රිත වැඩිම අලෙවි ආදායමක් උපයා ඇත්තේ දකුණු පළාතේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 53% ක් විය. එසේම දෙවනුවට වැඩිම අලෙවි ආදායමක් උපාය ඇත්තේ බස්නාහිර පළාත සහ වයඹ පළාත වන අතර එම අගය ප්‍රතිශතාත්මකව 12% ක් වේ. 2020 වර්ෂයේ මධ්‍යම පළාතේ අලෙවි ආදායම රුපියල් 3,668,000 වන අතර ප්‍රතිශතාත්මකව 7්% ක් වේ. එය සිව්වනුවට වැඩිම ආදායමක් උත්පාදනය කර ඇති පළාත වේ. (ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු සංවර්ධන අමාත්‍යංශය, 2020). මෙසේ නිෂ්පාදනය වන පේෂ කර්මාන්ත නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් පවතින අතර 2014 වර්ෂයේ දී අපනයනය කරන ලද අත්යන්ත්‍ර රෙදිපිළිවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1.08 ක් විය. එසේම 2019 වර්ෂයේ දී අපනයනය ඉලක්ක කරගත් බතික්, අත්යන්ත්‍ර නිෂ්පාදන සහ ඇඟලුම් කර්මාන්ත විසින් ඩොලර් මිලියන 5.6 ක අපනයන ආදායමක් උපයාගනු ලබන අතර එය 2020 වර්ෂය වන විට ඩොලර් බිලියන 4.4 කි. එනම් ඩොලර් බිලියන 1.2 ක පාඩුවකට මුහුණපෑමට සිදු වූ අතර එයට හේතුව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කාර්මික අංශයේ බිඳවැටිමක් ඇති වූ බැවිනි (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, 2015).Item පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නිරතවන්නන් මුහුණපාන ගැටළු (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) තන්තිරිගෙ, ප්රසාදිනිශ්රී ලංකාව තුළ පේෂ කර්මාන්තය ක්‍රිස්තු පූර්ව 543න් වැනි ඔබ්බට දිවෙන දිගු ඉතිහාසයක් ඇති අතර එමඟින් ග්‍රාමීය ප්‍රජාවන් කෙරෙහි රැකියා උත්පාදනය කරනු ලබයි. නමුත් වර්තමානයේ පේෂ කර්මාන්තය ඵලදායිතාවය පවත්වාගෙන යාම සඳහා විවිධ ගැටළු රැසකට නිෂ්පාදකයින් මුහුණ දෙමින් සිටිති. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වනුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ගැටළු හඳුනා ගැනීමයි. ශ්‍රී ලංකාව තුළ දිස්ත්‍රික්කය මට්ටමෙන් පේෂ කර්මාන්ත නිෂ්පාදකයින් වැඩි පිරිසක් සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කය වන බැවින් අධ්‍යයන ප්‍රදේශය ලෙස මහනුවර යොදා ගනිමින් සරල සසම්භාවී නියැදි ක්‍රමවේදය යටතේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචිව සිටින නිෂ්පාදකයින් 240දෙනෙකුගෙන් ප්‍රශ්නාවලි ක්‍රමය මඟින් දත්ත රැස් කර ඇත. මෙම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා බහුගුණ ප්‍රතිපායනය, සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරික්ෂාව යන දත්ත විශ්ලේෂණ ක්‍රම යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය මඟින් පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ප්‍රධාන සාධක 3ක් ගම්‍ය විය. ඒවා නම් රජය මැදිහත් නොවීමේ ගැටළු, තාක්ෂණික හා සුබසාධක ගැටළු, මූල්‍ය හා නව්‍යකරණ ගැටළු යන සාධක බලපාන බව සොයා ගනියි. මෙලෙස පේෂ කර්මාන්තය නිෂ්පාදකයින් මුහුණ පාන ගැටළු මඟහරවා ගැනීම සඳහා රජය මඟින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, අන්තර්ජාලය හා නවීන විද්‍යුත් ක්‍රම හරහා අලෙවිකරණ කටයුතු සිදු කිරීම ආදිය යෝජනා ලෙස පෙන්වා දිය හැකිය.