Browsing by Author "තිලකරත්න, ඒ. එල්. පී. වාසනා"
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item අතීතයේ භාවිත ගබ්සා ක්‍රම පිළිබඳ බෞද්ධ මූලාශ්‍රය නයින් විමර්ශනයක්(Faculty of Humanities, University of Kelaniya, 2021) තිලකරත්න, ඒ. එල්. පී. වාසනාඉංග්රීසි භාෂාවෙන් “Abortion” වශයෙන් හඳුන්වන ගබ්සාව සිංහල භාෂාවෙන් “ගබ්සාව” යනුවෙන් ද, සංස්කෘත භාෂාවෙන් “ගර්භක්ෂ” යනුවෙන් ද, පාලි භාෂාවෙන් “ගර්භපාතන” යනුවෙන් ද හඳුන්වයි. වර්තමානය වන විට මෙය දිනෙන් දින සමාජය තුළ නොවිසඳෙන ගැටලුවක් දක්වා වර්ධනය වී ඇත. ගබ්සාව යන්නෙහි සාමාන්‍ය අර්ථකථනය වන්නේ කලලය නොමේරූ අවධියේදීම ගර්භාෂයෙන් ඉවත් වීම හෝ ඉවත් කිරීමයි. නූතන වෛද්‍ය විද්‍යාවට අනුව ‘ස්වාභාවික ගබ්සාව’ හා ‘සාපරාධී ගබ්සාව’ ලෙස ගබ්සාවෙහි කොටස් දෙකක් දැක්වේ. ප්‍රජනනයෙන් පසු කලලයක් ගර්භාෂය තුළ නොපිහිටන අවස්ථාව ස්වාභාවික ගබ්සාව ලෙසත්, හිතාමතා බාහිර උපක්‍රම මඟින් දරුගැබ විනාශ කිරීම සාපරාධී ගබ්සාව ලෙසත් හැඳින්වේ. ලොව සමහර රටවල් ගබ්සාව නීත්‍යනුකූල කොට ඇති අතර ඇතැම් රටවල ගබ්සාව සම්බන්ධයෙන් ආගමික, සමාජයීය හා නෛතික වශයෙන් ගැටලු පැන නැඟී ඇත. බුදුදහමට අනුව දරුගැබක් හටගැනීම සඳහා කරුණු ත්‍රිත්වයක් පූරණය විය යුතු බව මජ්ඣිම නිකායේ මහා තණ්හාසංඛ්‍ය සූත්‍රය දක්වයි. සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රයෙහි මව්කුස තුළ දරුවෙකු පියවර පහක් ඔස්සේ කලල අවධියේ දී වර්ධනය වන ආකාරය දක්වා ඇත. මව්කුසට බැසගන්නා ලද ප්‍රතිසන්ධි විඥානය පහළ වීමත් සමඟම සත්ත්වයෙක් ලෙස පිළිගන්නා බවත් එබඳු සත්ත්වයන් විනාශ කිරීම ප්‍රාණඝාත අකුසල කර්මයක් බවත් බුදුදහම පෙන්වා දෙයි. ධම්මපදට්ඨකතාවේ එන කාලි යක්ෂණියගේ කතාව තුළින් පැරණි ගබ්සා ක්‍රමයන් පිළිබඳ ප්‍රකට වන අතර බුද්ධ කාලයට පෙරද අද මෙන්ම නොයෙක් ගබ්සා ක්‍රම සමාජය තුළ පැවති බවට එය සාධකයකි. පාරාජිකා පාළියෙහි ගබ්සාව සම්බන්ධ සිද්ධි අටක් පමණ දැකගත හැකිය. ථුස නම් ජාතකයේ වර්තමාන කතා පුවත තුළින්ද ගබ්සාව පිළිබඳ තොරතුරු අනාවරණය වේ. ‘ගබ්බපාතකං’ (ගැබ් හෙළීම) සඳහා ලබාදෙන ඖෂධ ආදිය පිළිබඳ තොරතුරු විනය පිටකයෙන් දැකගත හැකිය. එමෙන්ම ඇතැම් කාන්තාවන් මරණයට පත්වූ අවස්ථාවන්ද සඳහන් වේ. බෞද්ධ ආගමික මූලග්‍රන්ථ ප්‍රාථමික මූලාශ්‍රය වශයෙනුත්, ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ හා පර්යේෂණ ලිපි ආදිය ද්විතීයික මූලාශ්‍රය වශයෙනුත් උපයෝගී කර ගනිමින් පර්යේෂණය සිදු කෙරෙන අතර ඇතැමුන් ගබ්සාව සාධාරණීකරණය කළද එයItem ක්ලමථය දුරු කරගැනීමෙහි ලා පෞරුෂ වර්ධනය උපයුක්ත වන ආකාරය පිළිබඳ බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ආශ්‍රයෙන් සිදුකෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්(Faculty of Humanities, University of Kelaniya, 2021) තිලකරත්න, ඒ. එල්. පී. වාසනාක්ලමථය දුරු කරගැනීම සඳහා බුදුසමය ඇසුරෙන් මනෝවිද්‍යාත්මක උපදේශනයක් ඉදිරිපත් කිරීමේදී ඊට සුදුසු ප්‍රවේශ අතර පෞරුෂ වර්ධනය කෙරෙහි බෞද්ධ මනෝවිද්‍යාවේදී අවධානය යොමු කෙරේ. බටහිර මනෝවිද්‍යාව තුළද ක්ලමථය පාලනය කරගැනීමෙහිලා පෞරුෂ වර්ධනය උපයෝගී කොටගෙන ඇත. බටහිර මනෝවිද්‍යාව තුළ පෞරුෂය යනුවෙන් අධ්‍යයනය කරනුයේ මිනිසා සතු කායික, මානසික විෂමතාවන්ය. පෞරුෂය පිළිබඳ හමුවන නිර්වචන අනුසාරයෙන් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සුවිශේෂ වන, ගතික බවකින් යුක්ත වන, භෞතික මානසික අංශ ද්වයෙන්ම සමන්විත වන ගුණාංගයක් බව පැහැදිලි වේ. පෞරුෂය නියත කරවන කාරකයන් සමඟ පුද්ගලයා දෛනික ජීවිතයේදී ගැටෙන විට ආයාසයට පත්වේ නම් එය ක්ලමථයට පත්වන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. සමාජ සබඳතා බිඳවැටීම්, ජීවිතයේ වෙනස්කම් ආදිය පිළිබඳ ඍණාත්මක ආකල්ප සමඟ මානසික ආතතියෙන් පෙළෙන විට එය පුද්ගල ජීවිතයට අනිසි බලපෑම් එල්ල කරයි. තමාට මුහුණ පෑමට සිදුවන කවර උත්තේජනයකට වුවද නොසැලී මුහුණ දීමට මනා පෞරුෂයක් අත්‍යවශ්‍ය වන අතර ක්ලමථය පාලනය කරගැනීමට පෞරුෂය ගොඩනඟා ගතහැකි අන්දම බුදුදහම පෙන්වා දෙයි. එසේම දුර්වල පෞරුෂ ලක්ෂණ ක්‍රමානුකූලව දුරු කර පූර්ණ පෞරුෂ සංවර්ධනයක් සඳහා මඟ පෙන්වයි. පුද්ගලයා ආචාරශීලීව හා සමාජානුශීලීව නිර්මාණය කිරීම උදෙසා දායක වන පෞරුෂ වර්ධන ගුණාංග අධ්‍යයනය කිරීමේදී උපයෝගී කොටගත හැකි වැදගත් සූත්‍රයක් ලෙෂ සුත්තනිපාතයේ මෙත්ත සූත්‍රය හඳුනාගත හැකිය. එහිදී සක්කො, උජු, සුජූ, මුදු, අනතිමානි, සන්තුස්සක, සුභර, අප්පකිච්චො, සල්ලහුකවුත්ති, සන්තින්ද්‍රිය, නිපක, අප්පගබ්බ, කුලෙසු අනනුගිද්ධො යන පෞරුෂ ගුණාංග ක්ලමථය සමනයට ඉවහල් වන ආකාරය පැහැදිලි වේ. මෙම ගුණධර්ම දෛනික ක්‍රියාකාරකම්වලදී ප්‍රදර්ශනය වන්නේ නම් එම පුද්ගලයාගේ මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතයද සුඛිත මුදිත වන්නේය. මංගල සූත්‍රය, ධම්මපදය තුළද මානසික ආතතිය දුරු කර ගැනීමට උපයුක්ත කොටගත හැකි උද්ගාමී පෞරුෂයකට උරුමකම් කියන ගුණාංග රාශියක් පෙන්වාදී ඇත. මෙත්ත සූත්‍රය, මංගල සූත්‍රය හා ධම්මපදය ප්‍රාථමික මූලාශ්‍රය වශයෙනුත්, ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ හා විවිධ පර්යේෂණ ලිපි ද්විතීයික මූලාශ්‍රය වශයෙනුත් උපයෝගී කර ගනිමින් මෙම පර්යේෂණය සිදු කෙරෙන අතර උදාර පෞරුෂයක් ගොඩනංවා ගැනීමෙන් ක්ලමථය පාලනය කරගත හැකි ආකාරය බෞද්ධ මනෝවිද්‍යාත්මකව අධ්‍යයනය කිරීම අපේක්ෂා කෙරේ.