Browsing by Author "දිසානායක, ඩී.එම්. ඉන්දික මධුෂංක"
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
Item මාර්ගගත අධ්‍යාපනය සඳහා ග්‍රාමීය හා වතු අංශයන්ගේ ජනතාව මුහුණ දෙන අභියෝග, දුෂ්කරතා හා අනිසි මාර්ගගත ඇබ්බැහිවීම් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) දිසානායක, ඩී.එම්. ඉන්දික මධුෂංකශ්රී ලංකාව තුළ සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදය වසර ගණනාවක් මුළුල්ලේ පැවතියේ පංති කාමරයක් තුළ රැස්වී ගුරුවර ශිෂ්‍ය දෙපාර්ශවය අභිමුඛව සිදුකරන ලද අධ්‍යාපන ක්‍රමවේදයයි. නමුත් පසුගිය වසර දෙකක කාලය පුරාවට පැවති කොරෝනා වෛරස තත්වය හේතුවෙන් මෙම ක්‍රමවේදය උඩුයටිකුරු වීමක් සිදුවෙමින් මාර්ගගත අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වන්නට විය. ඒ අනුව මෙම මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවේදය සඳහා ග්‍රාමීය හා වතු අංශයන් අනුගත වීමේදී මොවුන් මුහුණ දෙන අභියෝග හා දුෂ්කරතාවන්, මොවුන්ට පවතින සම්පත් ප්‍රමාණයන් පිළිබඳව මෙන්ම මොවුන්ගේ ආදායම් හැකියාවන් පිළිබඳව අධ්‍යයනය මගින් තොරතුරු ඉදිරිපත් කිරීම මෙම අධ්‍යයනය තුළ ඉතා වැදගත් අංගයක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව මෙම අධ්‍යයනය තුළදී ග්‍රාමීය හා වතු ජනතාව මාර්ගගත අධ්‍යාපනය සඳහා දක්වන අදහස පිළිබඳව මෙන්ම මොවුන්ට මෙම ක්‍රමවේදය හේතු වෙමින් ඇතිවන අයහපත් ප්‍රතිවිපාකයන් පිළිබඳව මෙම අධ්‍යයනයේදී කරුණු පිරික්සීම සිදුකරනු ලබයි. තවදුරටත් මෙම මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය සාර්ථකව ග්‍රාමීය ප්‍රදේශයන්ගේ ව්‍යාප්ත කිරීම සඳහා අවධානය යොමුවිය යුතු අංශයන් පිළිබඳව මෙන්ම ඒ සඳහා පර්යේෂණය දත්ත මත පිහිටුවමින් යෝජනා ඉදිරිපත් කිරීමක් සිදුවීම හේතුවෙන් සංවේදි අංශයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට අවකාශය සලසාදීම මෙම අධ්‍යයනයෙන් සිදුකරයි.