Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "දිසානායක, ඩී. එම්. ඒ. එම්."

Filter results by typing the first few letters
Now showing 1 - 2 of 2
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) දිසානායක, ඩී. එම්. ඒ. එම්.
    වර්තමානය වන විට අන්තර්ජාලය යනු පෞද්ගලික ක්ෂේත්‍රයේ මෙන්ම රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයකි. ආරම්භයේ සිට වර්තමානය දක්වාම ගෝලීය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වූ අන්තර්ජාල භාවිතය පුද්ගල දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇත. තොරතුරු සෙවීම, විනෝදාස්වාදය උදෙසා, සමාජ ජාලා භාවිතය, මාර්ගගත බැංකුකරණය, මාර්ගගත සාප්පු සවාරි සහ මාර්ගගත අධ්‍යාපනය යන කාර්යයන් උදෙසා අන්තර්ජාලය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ ආරම්භයේ සිට වර්තමානය දක්වා ම ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන මෙම අන්තර්ජාල භාවිතය ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. අන්තර්ජාල භාවිතය ඉහළ යාමත් සමග අන්තර්ජාල සේවා සපයනු ලබන සන්නාමකරුවන් විසින් පාරිභෝගික ප්‍රජාව උදෙසා ජංගම අන්තර්ජාල පැකේජ හඳුන්වා දෙන ලදී. ඒ තුළින් සාධාරණ මිලක් යටතේ තම අන්තර්ජාල අවශ්‍යතාවය තෘප්තිමත් ආකාරයෙන් ඉටුකරවා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ විය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඒ අතර කාර්යක්ෂම භාවිතයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව මෙම අධ්‍යයනයේ සංගහනය ලෙස ශ්‍රී ලංකාවේ සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් හඳුනාගන්නා ලදී. නියැදිය තෝරා ගැනීම සම්භාවිතා නියදුම් ක්‍රමය යටතේ ස්තෘත සසම්භාවී නියැදීම මගින් නියැදි ඒකක 100 තෝරා ගන්නා ලදී. අධ්‍යයනයට අදාළ තොරතුරු රැස්කිරීම ප්‍රශ්නාවලි ක්‍රමවේදය යටතේ සිදු කරනු ලද අතර අධ්‍යයන අරමුණට අදාළ ව පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක හඳුනාගැනීම සඳහා සාධක විශ්ලේෂණය යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය තුළින් ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීම සඳහා බලපානු ලබන සාධක තුනක් හඳුනා ගන්නා ලදී. එනම් ජංගම අන්තර්ජාල පැකේජය පිළිබඳ බාහිර සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ විස්තරාත්මක සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ තාක්ෂණික සාධක යනාදී වශයෙන් හඳුනාගන්නා ලදී.
  • Thumbnail Image
    Item
    ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) දිසානායක, ඩී. එම්. ඒ. එම්.
    1830 වර්ෂයේ පමණ ආරම්භ වූ විදුලි සංදේශ කර්මාන්තය දෛනික ජීවිතයේ ක්‍රියාපටිපාටියෙන් වෙන් කළ නොහැකි (Henriques, 2005). වර්තමානය වන විට ජංගම දුරකථනය භාවිත කරන්නන්ගේ වර්ධනයත් සමඟ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේද වර්ධනයක් සිදු විය (ITU – The International Telecommunication Union, 2021). ගෝලීය වශයෙන් 2010 වර්ෂය වන විට 28.87% ක අන්තර්ජාල භාවිත කරන්නන් ප්‍රමාණයක් පෙන්නුම් කරන අතර 2021 වර්ෂය වන විට 65.2%ක අන්තර්ජාල භාවිතා කරන්නන් ප්‍රමාණයක් වර්ධනය වී ඇත (ITU, 2021). ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වර්ධනය සමඟ අන්තර්ජාල සේවා සපයනු ලබන සන්නාමකරුවන් විසින් අන්තර්ජාල පරිශීලක ප්‍රජාව වෙත වඩා ප්‍රායෝගික, කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් ලබාගැනීම උදෙසා ජංගම අන්තර්ජාල පැකේජ හඳුන්වා දෙන ලදී (Rajapaksha & Dissanayaka, 2018). 2005 සිට 2007 වර්ෂයන් තුළ අන්තර්ජාල පැකේජ වෙත 4%ට අඩු පාරිභෝගික ප්‍රජාවක් පෙන්නුම් කරන ලද අතර 2020 වර්ෂය වන විට 35%ක පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය වී ඇත. (Telecommunication Regulatory Commision of Sri Lanka, 2021). ඒ අනුව ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක හඳුනාගැනීම අධ්‍යයනයේ අරමුණ විය. පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම් පිළිබඳ ලොව පුරා අධ්‍යයනයන් රාශියක් සිදු කර ඇති නමුත් ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳ අධ්‍යයනයන් ඉතා සීමිත ප්‍රමාණයක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළද අධ්‍යයනයන් ඉතාමත් සීමිත වේ- එමෙන්ම ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිභෝගික පිරිසගේ හැසිරීම පිළිබඳ අවබෝධය නොමැතිකම හේතුවෙන් සිදුවන අසාර්ථකත්වයන් මඟහරවා ගනිමින් මාධ්‍ය අයවැයකරණය, මාධ්‍ය සැලසුම්කරණය සහ මාධ්‍ය සැලසුම්කරණයේ වාසි ලබා ගැනීමට අන්තර්ජාල පැකේජ සන්නාමකරුවන්ට මෙම අධ්‍යයනය මඟින් අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ සන්නාමකරුවන් හට මිලදී ගැනීම කෙරෙහි බලපාන සාධක පිළිබඳ අවධානය යොමු කරමින් ඊට අදාළව තම සේවාව ලබා දීමට හැකියාව ලැබීම සහ ඒ තුළින් තෘප්තිමත් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබීම සහ ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ දී පාරිභෝගික පිරිස විසින් වඩා සැලකිලිමත් විය යුතු සාධක පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. අධ්‍යයනය තුළ හඳුනා ගත හැකි සීමා ලෙස ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුව ද මෙම පර්යේෂණය මඟින් ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාව පිළිබඳ පමණක් අවධානය යොමු කරනු ලබයි- එමෙන්ම අධ්‍යයනය තුළ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික පිරිස ලෙස ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් හඳුනාගෙන ඇති අතර එම නිසා අධ්‍යයන ප්‍රතිඵල සාමාන්‍යකරණය කිරීමේ හැකියාව සීමිත වීම යනාදී වශයෙනි.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify