Browsing by Author "බණ්ඩාර, එම්.ජී.යූ.එස්."
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) බණ්ඩාර, එම්.ජී.යූ.එස්.විද්‍යුත් තාක්ෂණික ක්ෂේත්‍රයේ සහ සන්නිවේදන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක්ව ඇති අතර එමනිසා වර්තමානය වනවිට සාමාන්‍ය අලෙවිකරණ ක්‍රමවේදයද අන්තර්ජාලයේ බලපෑමත් සමඟ නව්‍යකරණයව ඇති බව දැක්විය හැකිය. මෙම පසුබිම තුළ ගොඩනැගුණු නව ව්‍යාපාර ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් වාණිජ්‍යය හඳුන්වාදිය හැකි අතර විද්‍යුත් වාණිජ්‍යය ක්ෂේත්‍රයට අයත් ප්‍රධාන ව්‍යාපාර ආකෘතියක් වන ඊ2ක් ආකෘතිය ආශ්‍රිතව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය තුළ පාරිභෝගික හැසිරීම පිළිබඳව මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වශයෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම (මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය) ආශ්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක හඳුනාගැනීම දැක්විය හැකිය. අධ්‍යයනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-24 වයස් කාණ්ඩයට අයත් ජනගහනය සංගහනය ලෙස යොදාගෙන ඇති අතර තෝරාගත් නියැදියට සංරචක 100 ක් ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය සඳහා සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරීක්ෂාව යොදා ගෙන ඇත. කයි වර්ග පරීක්ෂාවට අනුව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය, වයස සහ ප්‍රාදේශීත්වය යන සාධක සමඟ සම්බන්ධතාවයක් පවතින බව හඳුනාගන්නා ලද අතර මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසිරීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ආයතනික හා සමාජ සාධක, තාක්ෂණික පිළිගැනීම හා තාක්ෂණික අවබෝධය සහ පාරිභෝගික ලක්ෂණ පිළිබඳ සාධක යන සාධක තුන සාධක විශ්ලේෂණය හරහා හඳුනාගන්නා ලදී. මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය සඳහා පාරිභෝගිකයන්ගේ අනුගතවීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ලෙස; පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබාදීම, නොමිලේ භාණ්ඩ බෙදාහැරීම :ත්‍රුැ ෘැකසඩැරහ* සහ පළමු වරට වෙබ් අඩවිය භාවිතා කරන පාරිභෝගිකයෙකුට පහසුවන පරිදි රූපමය උපදෙස් මාලාවක් වෙබ් අඩවියට ඇතුළත් කිරීම දැක්විය හැකිය.Item මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) බණ්ඩාර, එම්.ජී.යූ.එස්.වර්තමානය වනවිට විද්යුත් තාක්ෂණික ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදුවන අඛණ්ඩ වර්ධනය සහ අන්තර්ජාල සේවාව හා නව තාක්ෂණය භාවිතයට මිනිසා යොමුවීමේ ප්‍රවණතාව ඉහළයාම යන කරුණු හේතු කර ගෙන සම්ප්‍රදායික ව්‍යාපාරික ක්ෂේත්‍රය නව දිශානතියක් වෙත යොමුව ඇති බව හඳුනාගත හැකිය (Goyal, Sergi & Esposito, 2019). Sarkar සහ Das (2016) විසින් දක්වන පරිදි මෙම පසුබිම තුළ අන්තර්ජාලය මූලික කරගෙන නව ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් වානිජ්‍යය ක්ෂේත්‍රය ගොඩනැගී ඇති අතර (Turban, King, Lee, Liang සහ Turban (2015) විසින් විද්‍යුත් වානිජ්‍යය ක්ෂේත්‍රය, අන්තර්ජාලය ඇසුරු කරගෙන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා අලෙවිකරණය පහසු කිරීම සඳහා වේදිකාවක් සහිතව නිර්මාණය වූ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වාදී ඇත. Weghmare (2012) දක්වා ඇති ආකාරයට විද්‍යුත් වානිජ්‍ය ආශ්‍රිතව ප්‍රධාන ව්‍යාපාර ආකෘති තුනක්: B2C, B2B සහ B2G ලෙස හඳුනාගත හැකි අතර මෙම අධ්‍යයනය හරහා ප්‍රධාන වශයෙන් B2G ආකෘතිය ආශ්‍රිත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අවදානය යොමු කරයි. Visser සහ Nemoto (2002) විසින් B2C ආකෘතිය අන්තර්ජාලය හරහා ව්‍යාපාර සහ පාරිභෝගිකයා අතර සිදුවන ව්‍යාපාර ගණුදෙනු ලෙස හඳුන්වාදී ඇති අතර Rahman, Islam, Esha, Sultana සහ Chakravorty (2018) අදහස් දක්වා ඇති ආකාරයට අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන් විකුණුම්කරුගෙන් ඍජුවම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය, මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ලෙස දැක්විය හැකිය. පාරිභෝගිකයා ව්‍යාපාරයක පැවැත්ම සහ සාර්ථකත්වය සඳහා තීරණාත්මක සාධකයක් වේ. එමනිසා පරිභෝගිකයන් පිළිබඳ උපරිම අවධානයක් යොමු කිරීම සහ වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. පාරිභෝගිකයා භෞතික වෙළෙදසැල් ආශ්‍රිතව නිෂ්පාදන මිලදී ගැනීමේදී දක්වන හැසිරීම් රටාව හා සාපේක්ෂව සලකා බැලීමේදී, අන්තර්ජාල වෙළෙදසැල් ආශ්‍රිතව නිෂ්පාදන මිලදී ගැනීමේදී දක්වන හැසිරීම් රටාව තුළ වෙනස්කම් හඳුනාගත හැකිය. එම නිසා අන්තර්ජාල පරිසරය තුළ පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය සහ පාරිභෝගික හැසිරීමට බලපාන සාධක හඳුනාගැනීම වැදගත් වනබව දැක්විය හැකිය. ඒ අනුව මෙම පර්යේෂණය හරහා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳව අධ්‍යයනය සිදුකර ඇති අතර ඒ හරහා අන්තර්ජාලය ආශ්‍රිත පාරිභෝගික හැසිරීමට බලපාන සාධක හඳුනාගන්නා ලදී.