Browsing by Author "මධුෂානි, කේ. දිනිති ප්‍රදීපා"
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක අධ්‍යයනය. (බස්නාහිර පළාත ඇසුරින්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) මධුෂානි, කේ. දිනිති ප්රදීපාඅන්තර්ජාල තාක්ෂණය සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය වේගවත් වූ අතර වර්තමානය වනවිට ලෝකයේ මෙන්ම ලංකාවේද ඒ හරහා අපරාධවලට යොමු වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත (ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, 2020). එනම් අනවසරයෙන් ඇතුල් වීම, මාර්ගගත තර්ජනය, ලුහුබැඳීම හා ව්‍යාජ සැබැඳි මිත්‍රත්වය එසේ බහුලව සමාජ මාධ්‍ය හරහා සිදු වූ අපරාධ වර්ග ලෙස හඳුනාගත හැකි විය. ලංකාවේ 2019ට සාපේක්ෂව 2020 වර්ෂයේ 16376කට අධික අපරාධ ප්‍රමාණයක් සමාජ මාධ්‍ය හරහා සිදු වී ඇත (ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, 2020). Carter, (2013) විසින් සිදුකර ඇති අධ්‍යයනයට අනුව උපාධි අපේක්ෂකයන් සඳහන් කර ඇත්තේ වෙනස් සහ නිතර මුරපද වෙනස් කිරීම, ශක්තිමත් අනන්‍යතාවයක් සමාජ මාධ්‍ය හරහා ගොඩනගා ගැනීමට දැනුවත්භාවයක් පැවතීම වැදගත් බව පෙන්වා දී ඇත. තවද Keipit,et al., (2017) සිදුකර ඇති අධ්‍යයනය තුළින් අන්තර්ජාල හිංසනය පිළිබඳ විශ්ලේෂණය කරන අතර එයට ප්‍රධාන හේතුවක් ලෙස පෞද්ගලික අමනාපකම් පෙන්වා දී ඇත. Gatti සහ Napoli, (2019) විසින් සිදුකර ඇති අධ්‍යයනයේදී දෙමාවුපියන්ගේ සංජානනය සහ දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පවුල් සබඳතාවලට හානියක් නොවන පරිදි කලමනාකරණය කළ හැකි බව පෙන්වා දී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ දේශීය හා විදේශීය වශයෙන් සමාජ මාධ්‍ය ආශ්‍රිතව පරිශීලකයන් මුහුණ දෙන හිරිහැර පිළිබඳවත් ඒ සඳහා බලපාන කරුණු පිළිබඳවත් අධ්‍යයනය කර ඇති බව ය. නමුත් මොවුන් සමාජයේ එක් ජන කොට්ඨාසයක් හෝ ෆේස්බුක් වැනි එක් සමාජ ජාලා වර්ගයක් තුළ සිදුවන අපරාධ පිළිබඳව පමණක් අනාවරණය කර ඇති නමුත් සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදුවන අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක පිළිළිබඳ අධ්‍යයන සිදු කර ඇත්තේ ඉතා සුළු වශයෙනි. එමනිසා සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක යන මාතෘකාව කාලීන මෙන්ම සමාජයීය වශයෙන් වැදගත් ය. එසේම මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සමාජ මාධ්‍ය පරිශීලකයන් පදනම් කරගෙන සිදුකරනු ලබන අතර එම නිසා මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල සාමාන්‍යකරණය කිරීමේ හැකියාව සීමා වෙයි. තවද වර්තමානය වනවිට සමාජය තුළ අපරාධ රැසක් හඳුනාගත හැකි අතර මෙම අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ පිළිබඳපමණක් සීමා වී අධ්‍යයනය කිරීම සිදු කරනු ලබයි. එසේම දත්ත රැස් කිරීමේදී භාවිත කරන ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රමයක් වන ප්‍රශ්නාවලි ක්‍රමය පමණක් භාවිත කිරීම හා එය සිංහල මාධ්‍යයෙන් පමණක් ලබාදීම සිදුකරන නිසා භාෂා සාක්ෂරතාවය පවතින ජනගහනය පමණක් අධ්‍යයනය සඳහා යොදා ගැනීමටද සිදුවේ. මේ ආකාරයට අධ්‍යයන සීමා කිහිපයක් මෙහිදී හඳුනාගත හැක.Item සමාජ මාධ්‍ය හරහා අපරාධ වින්දිතයන් බවට පත්වීමට බලපාන හේතු අධ්‍යයනය: බස්නාහිර පළාත ඇසුරින්(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) මධුෂානි, කේ. දිනිති ප්රදීපාඅන්තර්ජාල තාක්ෂණය සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය වේගවත් වූ අතර වර්තමානය වනවිට ලෝකයේ මෙන්ම ලංකාවේ ද සමාජ මාධ්‍ය හරහා අනවසරයෙන් ඇතුළු වීම, මාර්ගත තර්ජනය, ලුහුබැඳීම, වෛරස්වලට ගොදුරුවීම, වාණිජ පැතිකඩයන් හරහා මුදල් වංචා සිදුකිරීම හා ව්‍යාජ සබැඳි මිත්‍රත්වය වැනි අපරාධයන් රැසක් නිර්මාණය වී ඇත. තවද බස්නාහිර පළාත තුළින් 2019 වර්ෂයේ දී වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් වූ 368 දෙනෙකු සමාජ මාධ්‍ය අපරාධ ගොදුරු බවට පත්වී ඇති බව වාර්තා කර ඇත. එමනිසා මෙම අධ්‍යයන සංගහනය ලෙස බස්නාහිර පළාතේ අපරාධ ගොදුරු බවට පත්වූ පරිශීලකයන් 100 දෙනෙකු ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය මඟින් තෝරා ගන්නා ලද අතර අදාළ දත්ත රැස් කිරීම ප්‍රශ්නාවලි ක්‍රමවේදය යටතේ සිදු කරන ලදී. ඒ අනුව මෙම අධ්‍යයන විශ්ලේෂණය තුළින් පුරුෂ 51්‍රක් සමාජ මාධ්‍ය අපරාධවලට ගොදුරු වී ඇති බවත් එම පරිශීලකයන් අතරින් 50්‍රක්ම වයස අවුරුදු 25 - 30ත් වයස් කාණ්ඩයේ පසුවන බවත් හඳුනාගත හැකිය. තවද මෙම පරිශීලකයන් අතරින් 69්‍රක් අවිවාහක වූ අතර 32්‍රක් උපාධි අපේක්ෂකයන් ලෙස අනාවරණය විය. එසේම 35්‍රක ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ රැකියාවල නිරත විය. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වූ සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක විශ්ලේෂණයේදී “සාධක බලපෑම“, “ආර්ථික බලපෑම“ සහ “පරිශීලක හැසිරීමේ බලපෑම“ ලෙස ප්‍රධාන සාධක තුනක් යටතේ තෝරාගත් විචල්‍යයන් හඳුනාගත හැකිය. තවද සෙසු අරමුණක් වු අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන විචල්‍යයන් සහ ප්‍රජා විද්‍යාත්මක සාධක අතර සම්බන්ධතාව සලකා බැලීමේ දී වයස සමඟ දැනුවත්භාවය නම් විචල්‍යය පමණක් සම්බන්ධතාවක් දක්වන බව පැහැදිලි වේ. තවද මෙම සම්බන්ධතා සලකා බැලීමේ දී සමාජ මාධ්‍ය අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන විචල්‍යයන් සහ පුමිතිරිභාවය පිළිබඳ සිදුකළ පරීක්ෂාවේ ප්‍රතිඵලවලට අනුව ශක්තිමත් මුරපදයක් භාවිත නොකිරීම, ව්‍යාජ දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම, ලින්ක් විවෘත කිරීම යන විචල්‍යයන් තුන සඳහාම 91ග5්‍රක ඉහළ පුරුෂ එකඟතාවයක් දක්වා ඇත. මෙම අධ්‍යයනයේ තවත් එක් සෙසු අරමුණක් වු පූර්ව සහ පශ්චාත් පරිශීලක හැසිරීම් වන සමාජ මාධ්‍ය භාවිතය, සමාජ මාධ්‍ය තුළ සිටින මිතුරන් සංඛ්‍යාව සහ සමාජ මාධ්‍ය වෙත ඡායාරූප උඩුගත කිරීම යන විචල්‍යයන් අතර වෙනසක් පවතින බව ද නිගමනය විය.