Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "රත්නමළල, ආර්.බී.අයි.වී."

Filter results by typing the first few letters
Now showing 1 - 2 of 2
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට බලපාන සාධක සහ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයෙහි ප්‍රවණතා අධ්‍යයනය
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) රත්නමළල, ආර්.බී.අයි.වී.
    සමාජයක පවතින සම්මතයන් උල්ලංඝනය කිරීමක්, නොතකා හැරීමක් හෝ ඉක්මවා යාමක් සමාජ සදාචාරය ව්‍යාකූල වීමකි. එවන් එක් අර්බුදකාරී සමාජ ප්‍රවේශයක් ලෙස මත්ද්‍රව්‍ය හැඳින්විය හැකිය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය (NDDCB) සඳහන් කරන පරිදි, වසංගතමය තත්ත්වයක් දක්වා වර්ධනය වූ මත්ද්‍රව්‍ය භාවිතය කෙරෙහි, මත්ද්‍රව්‍ය ආශ්‍රිත නූතන ප්‍රවණතා සහ ඒ ආශ්‍රිත උපනතීන් ඍජුවම බලපෑම් කරනු ලබයි (NDDCB, 2016). මත්ද්‍රව්‍ය සමාජගත වීමේ විවිධ පැතිකඩයන් බොහෝ පර්යේෂණ වාර්තා තුළින් හෙළි කළද, පුද්ගලයෙක් ඊට යොමුවීමට බලපාන හේතු සාධක පිළිබඳව අධ්‍යයනය කිරීමේ විශාල අඩුවක් දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය සමාජගත වීමට බලපාන සාධක කෙරෙහි අවධානය යොමු කිරීම, ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවන අපචාර ක්‍රියාවන් වැළැක්වීමට නිසැක පිටිවහලක් වනු ඇත. එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිලිබඳ සංවිධානය (UNODC) සඳහන් කරන පරිදි 2020 වසර තුළ ලොව පුරා මිලියන 275ක ජනතාවක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අතර, මිලියන 36කට අධික පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත ආබාධවලින් පීඩා විඳිති (UNODC, 2011). ලෝකයේ වැඩි දෙනෙක් භාවිතා කරන මත්ද්‍රව්‍යය ගංජා වන අතර, එය ප්‍රමාණාත්මකව මිලියන 200කි (Elflein, 2021). NDDCB (2020) අනුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සදහා අත්අඩංගුවට ගනු ලැබූ මුළු පුද්ගල සංඛ්‍යාව 2018 වර්ෂය හා සසඳන කළ, 10%ක අඩුවීමකි. මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාවෙන් 55%ක බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. 2019 වර්ෂයේදී මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාවෙහි ප්‍රවණතාවය වයස අවුරුදු 15 - 64 අතර ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට පුද්ගලයන් 439 දෙනෙකි (NDDCB, 2020). මතින් නිදහස් රටක් සඳහා වූ ඉදිරි දැක්ම යාවත්කාලීන කිරීම උදෙසාත්, ගෝලීය වශයෙන් මානව වර්ගයාගේ ප්‍රගමනයට හිතකර ජීවන වටපිටාවක් බිහි කිරීමෙහි ලා උපයුක්ත කොට ගන්නා තිරසාර සංවර්ධන ඉලක්ක අතරින් තෙවැන්න වන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ මානව යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යටතේ, පස්වැනි උප ඉලක්කය වන මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි භාවිතය වැළැක්වීමත්, ඊට අනුබද්ධිත ප්‍රතිකාර ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් සඳහා සමාජ පර්යේෂණ ක්ෂේත්‍රය ඔස්සේ ඉටුකළ හැකි වගකීම පුළුල් පරාසයක් තුළ විහිදී පවතී. ඒ සඳහා වන මූලික අඩිතාලමක් ලෙස මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට බලපාන සාධක සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රවණතා හඳුනා ගැනීම වැදගත් වනු ඇත.
  • Thumbnail Image
    Item
    ශ්‍රී ලංකාව තුළ මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට බලපාන සාධක, භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් හඳුනාගැනීම.
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) රත්නමළල, ආර්.බී.අයි.වී.
    මත්ද්‍රව්‍ය යනු කිසිවිටෙකත් මිනිසා විෂයයෙහි යහපත් බලපෑමක් ඇති කරන ප්‍රස්තුතයක් නොවන අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ මෙය විශාල සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු වීමට බලපාන සාධක, භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් හඳුනා ගැනීම සඳහා කාලීන අවශ්‍යතාවයක් වශයෙන් මෙම පර්යේෂණය සිදු කරන ලදී. 2011-2020 දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත්කොට ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම්, බන්ධනාගාර ගතවීම් සහ පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමුවීම් යන නිර්ණායක මත පදනම්ව ද්විතියික දත්ත ඇසුරින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විස්තරාත්මක සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රම භාවිතා කරන ලදී. පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමු වී සිටින රැඳවියන් ඇසුරින් ප්‍රශ්නාවලියක් භාවිතා කොට ලබාගත් ප්‍රාථමික දත්ත භාවිතයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමට බලපාන සාධක හඳුනාගැනීම සිදු කරන ලදී. බාහිර බලපෑම, පාරිසරික බලපෑම, සමාජයීය බලපෑම, මානසික බලපෑම, අන්තර් පුද්ගල බලපෑම සහ කුටුම්භ බලපෑම යන සාධක පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි කරවීමට සමත් බව සාධක විශ්ලේෂණය තුළින් හඳුනාගත හැකි විය. ශ්‍රී ලංකාව තුළ ගංජා භාවිතය අභිබවා හෙරොයින් මත්ද්‍රව්‍ය ජනගත වී ඇති බව අධ්‍යයනය තුළින් පැහැදිලි වන අතර 2020 වර්ෂයේ හෙරොයින් වැරදි සඳහා 53% ක්ද, ගංජා ආශ්‍රිත වැරදි සඳහා 42% ක්ද අත්අඩංගුවට පත් වූ අතර සමස්තයෙන් 42%ක බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා විය. 2019 වර්ෂය හා සැසඳීමේ දී 2020 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා බන්ධනාගාර ගතවීම 32%කින් අඩුවී ඇති අතර පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමුවීම 54%‍කින් අඩුවී ඇති බව අධ්‍යයනය තුළින් හඳුනාගත හැකි විය. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර බහුවිධ මත්ද්‍රව්‍ය භාවිතය පොදු ප්‍රවණතාවක් වශයෙන්ද, සියලුම වැරදි අතරින් මත්ද්‍රව්‍ය වැරදි ප්‍රමුඛ වන බවද හඳුනාගත හැකි විය. ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා ව්‍යාප්තිය අවම කිරීමෙහි ලා ඊට අනුබද්ධිත නීති රීති හා දණ්ඩන දැඩි කිරීම යථොක්ත නීතිමය පසුබිම තුළ අධ්‍යාපනික සහ ආගමික වශයෙන් සමාජ උපදේශනයේ අවශ්‍යතාවයත් නිර්දේශ කළ හැකිය.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify