Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Dissanayake, D.M.C."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    දෙමාපියන්ගේ විදේශගතවීම ළමා අපයෝජනය කෙරෙහි සිදු කරන බලපෑම (කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්)
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2019) Dissanayake, D.M.C.
    ළමා අපහරණය වූ කලී ලාංකික ජන සමාජය විෂයෙහි උද්ගත වී ඇති සංකීර්ණ සමාජ ගැටලුවකි. 1977 ශ්‍රී ලාංකික ආර්ථිකයේ සිදුකළ ව්‍යුහාත්මක වෙනස්කම් සමඟ නව රැකියා හා ආදායම් ප්‍රවේශයක් ලෙස දෙමාපියන්ගේ විදේශගතවීම වර්තමානය වනවිට රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රබල ආර්ථික සාධකයක් බවට පත් වී ඇත. නමුත් දෙමාපියන් විදේශගත පවුල් ආශ්‍රිතව ළමා අපයෝජන සිද්ධීන් ක්‍රමිකව වාර්තා වීමේ උපනතියත් සමඟ මෙම පර්යේෂණය කාලෝචිත මෙන්ම ප්‍රායෝගික වූවක් වේ. මේ අනුව දෙමාපියන්ගේ විදේශගතවීම ළමා අපයෝජනය ඇති වීමට සිදු කරන බලපෑම කෙබඳුද? යන්න පර්යේෂණයේ ගැටලුව වේ. මෙහි මුඛ්‍ය පරමාර්ථය දෙමාපියන්ගේ විදේශගතවීම හා ළමා අපයෝජනය අතර ඇති සම්බන්ධය කෙබඳුදැයි අවබෝධ කරගැනීමයි. ළමයින් කෙරෙහි ඇති කරන බලපෑම්වල ස්වරූපය හඳුනා ගැනීම, දෙමාපියන්ගේ විදේශගතවීම සඳහා බලපාන සමාජ ආර්ථික පසුබිම හඳුනා ගැනීම හා ළමයින් ඇතිකර ගන්නා ඍණාත්මක ප්‍රතිවිපාක අවම කරගැනීම සඳහා උචිත ක්‍රමෝපායන් හඳුන්වාදීම මෙම පර්යේෂණයේ අරමුණු විය. පර්යේෂණ ක්‍රමවේදය ලෙස සිද්ධි අධ්‍යයනය භාවිත කරන ලදී. මෙම ක්‍රමවේදය ඔස්සේ ළමා අපයෝජනය කෙරෙහි බලපාන සමාජ සාධක හඳුනාගෙන එම සාධක වෙත දෙමාපියන්ගේ විදේශගතවීම කොතරම් බලපෑමක් කර ඇති ද යන්න තහවුරු කරමින් පොදු සාමාන්‍යාකරණයක් කර ඇත. ප්‍රාථමික හා ද්විතියික දත්ත ද්විත්යම යොදාගත් අතර ප්‍රශ්නාවලී හා අර්ධ ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා යන ශිල්ප ක්‍රමයන් මඟින් ප්‍රාථමික දත්ත රැස් කිරීම සිදුකර ඇත. නිස්සම්භාවී ක්‍රමයේ සාරත නියැදිය යටතේ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මව හෝ පියා විදේශගත වූ පවුල් 50 ක නියැදියක් තෝරා ගන්නා ලදී. විස්තරාත්මක සංඛ්‍යායනය ද ඇතුළත්ව මධ්‍යස්ථය, සහසම්බන්ධතාවය හා කයිවර්ග පරීක්ෂාව වැනි ක්‍රම දත්ත විශ්ලේෂණය සඳහා යොදාගත් අතර ඒ සඳහා SPSS හා Excel මෘදුකාංග භාවිත විය. මේ අනුව මව හෝ පියාගේ විදේශගතවීම ළමා අපයෝජනය කෙරෙහි ඍජු හේතු සාධකයක් වී ඇති බව නිගමනය කරගත හැකි විය. එමෙන්ම පවුලේ සමාජිකයන් හා ඥාතීන්ගෙන් ළමා අපයෝජන සිඳු වීමේ ඉහළ ප්‍රවණතාවයක් පැවතීම හා සිදුවන ළමා අපයෝජනවලින් බහුතරයක් නීතිය ඉදිරියේ වාර්තා නොවීම ආදිය ද අනාවරණය කරගත හැකි විය. මෙම ගැටලුවට පිළියම් ලෙස ළමයින්ගේ අපයෝජන සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන නෛතික රාමුව යාවත්කාලීන කරමින් විධිමත් ලෙස පවත්වාගෙන යා යුතුය. ළමා අපයෝජනයන් සම්බන්ධව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම හා මේ සඳහා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් ක්‍රියාකල යුතුය. එනම් දෙමාපියන්ගේ විදේශගතවීම හා ළමා අපයෝජනය යන විචල්‍යයන් හි ප්‍රතිජානාත්මක සම්බන්ධතාවයක් පවතින බව පැහැදිලිය.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify