Browsing by Author "Dulanjalee, K.A.N."
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
Item චිත්‍රපට දැන්වීම්කරණයේ ඡායාරූපමය භාවිතය : තෝරා ගත් ශ්‍රී ලාංකීය චිත්‍රපට කිහිපයක පෝස්ටර් දැන්වීම්වලට විශේෂිතව*(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Dulanjalee, K.A.N.වර්තමානය වන විට සිනමාව කලාවක් පමණක් නොව, ප්‍රධාන ධාරාවේ කර්මාන්තයක් බවට ද පත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපට වෙළඳපොළක් බිහිවී ඇති අතර චිත්‍රපට නිර්මාණකරුවන්ට එකී වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණ දීමට සිදු වී ඇත. එනිසා චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමේදී ප්‍රචාරණ සැලැසුමක් අනුව කටයුතු කිරීමට ද සිදු වී ඇති අතර එවැනි සැලැසුම් අතර චිත්‍රපට පෝස්ටරයට ප්‍රමුඛතාවයක් ලැබී ඇත. මෙම අධ්‍යයනයේ මූලික අවධානය යොමු කර ඇත්තේ චිත්‍රපට පෝස්ටර් නිර්මාණයයට යොදාගන්නා නිශ්චල ඡායාරූප සම්බන්ධවයි. ‘ශ්‍රී ලංකාව තුළ බිහිවන චිත්‍රපට සඳහා නිර්මාණය කරන පෝස්ටර් දැන්වීම්වලට යොදා ගැනෙන ඡායාරූප මගින්, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිසි පරිදි ප්‍රේක්ෂකයාට සන්නිවේදනය වේ ද?’ යන පර්යේෂණ ගැටලුව පාදක කර ගනිමින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ජාතික චිත්‍රපට සංස්ථාවේ දළ ආදායම් වාර්තාවන්ට අනුව 2015 සිට 2018 දක්වා වසරවල ඉහළ ආදායම් ලැබූ චිත්‍රපට අතුරින්, ශානර 5 ක් නියෝජනය වන සේ චිත්‍රපට 5 ක් පර්යේෂණය සඳහා යොදා ගත් අතර එම චිත්‍රපටවල පෝස්ටරයේ ඇති ඡායාරූප හා චිත්‍රපට අන්තර්ගතය අතර සම්බය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලි හා සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රැස් කරන ලදි. ප්‍රශ්නාවලිය සඳහා නියැදිය වශයෙන් අහඹු නියැදි ක්‍රමයට 50 දෙනෙකු තෝරා ගන්නා ලදී. සම්මුඛ සාකච්ඡා සඳහා නියැදිය තෝරා ගනු ලැබුවේ, තෝරාගත් චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන්, නිශ්චල ඡායාරූපය ශිල්පීන්, ග්‍රැෆික් නිර්මාණකරුවන් සහ සිනමා ක්ෂේත්‍රයේ විෂය ප්‍රවීණයන්ය. රැස් කර ගත් ප්‍රමාණාත්මක දත්ත SPSS මෘදුකාංගය හරහා ද ගුණාත්මක දත්ත ගුණාත්මක විශ්ලේෂණය හරහා ද විශ්ලේෂණය කරන ලදි. බහුතරයක් ශ්‍රී ලාංකික චිත්‍රපට පෝස්ටර් සඳහා යොදා ගන්නා ඡායාරූප, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය කරන ඒවා නොවන බවත්, ඒ වෙනුවට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබා දෙන ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් හෝ නැතිනම් චිත්‍රපටය විසින් ඉලක්ක කරන ලද ප්‍රේක්‍ෂක ප්‍රජාව වඩාත් ඉක්මණින් ආකර්ෂණය කර ගැනීමේ සන්නිවේදනාත්මක ශක්‍යතා සහිතව පෝස්ටර් නිර්මාණය කර ඇති බවත් පැහැදිලි විය. පෝස්ටර් මගින් චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය වී ඇති අවස්ථාවලදීට වඩා ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් පෝස්ටර් නිර්මාණය කර ඇති අවස්ථාවලදී එම පෝස්ටර් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳී ඇති බව ද තහවුරු විය.