Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Sewwandi, W.T.K.T."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    රාජ්‍ය ආයතන මගින් පරිපාලන කාර්යක්ෂමතාවය කෙරෙහි සමාජ මාධ්‍යයක් වන මුහුණු පොත භාවිතයට ගැනීම පිළිබඳ සමාජ අවබෝධය
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Chathurika, K.K.S.; Sewwandi, W.T.K.T.
    වර්තමාන තොරතුරු සමාජ පද්ධතිය කෙරෙහි නව මාධ්‍යයේ ආගමනය සිදු වී ඇති අතර මානව සමාජය එහි පවතින වෙනස්කම් වෙත අනුවර්තනය වෙමින් පවතී. නව මාධ්‍ය සමාජ,ආර්ථික,සංස්කෘතික,දේශපාලන හා ආගමික ආදී සියලුම ක්ෂේත්‍ර කෙරෙහි බලපෑම් සිදු කිරීමට සමත් වී තිබේ. ඒ අනුව විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන ආයතන මගින් පරිපාලන කාර්යක්ෂමතාවය ඇති කරලීම සඳහා මුහුණු පොත යොදා ගැනීමක් දක්නට ලැබෙන අතර එම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සමාජ දැනුවත්භාවය විමසීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. නියැදිය ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෝරා ගනු ලැබූ අතර එමගින් මුහුණු පොත හරහා ගෙන යනු ලබන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් විමසීමක් සිදු කරනු ලැබීය.බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජීවත්වන්නන් වයස අවුරුදු 18ත් 30ත් හා 30ත් 60ත් අතර පසුවන්නන් තිස් දෙනෙකුගෙන් යුත් නියැදියක් තුළින් සම්මුඛ සාකච්ඡා සිදු කිරීම මගින් මුහුණූ පොත හරහා ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සමාජ දැනුවත්භාවය පිළිබඳ දත්ත රැස් කරගන්නා ලදී. රැස් කරගනු ලැබූ දත්ත Microsoft Excel මෘදුකාංගය ඔස්සේ විශ්ලේෂණය කරනු ලැබීය. එමගින් කරුණු කිහිපයක් අනාවරණය විය.නියැදිය ලෙස ගන්නා ලද වයස් කාණ්ඩ මත දැක්විය හැකි කාරණයන් ලෙස වයස අවුරුදු 18ත් 30 අතර පසුවන්නන් මෙන්ම 30ත් 60ත් අතර පසුවන්නන් මුහුණු පොත හරහා සැලකිය යුතු සේවාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා ගන්නා බවත් එලෙස දැනුවත්භාවයක් ඇති පුද්ගලයන් අතරින් කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා තිබීමයි. වයස් මට්ටම අනුව මුහුණු පොත පිළිබඳ ඇති දැනුවත්භාවය විමසීමක් සිදු කිරීමෙන් පසක් වූ කාරණය වූයේ අධ්‍යාපන මට්ටම අනුව දැනුවත්භාවයේ අඩු වැඩි වීමක් සිදු වී ඇති බවයි. කෙසේ නමුත් පරිපාලන කාර්යක්ෂමතාවය කෙරෙහි මුහුණු පොත භාවිතය පිළිබඳව සැලකිය යුතු මට්ටමේ සමාජ දැනුවත්භාවයක් දක්නට ඇති බව සඳහන් කළ හැකි අතර මෙවැනි වූ භාවිතයන් වැඩි දියුණු කිරීම මගින් කාර්යක්ශම පරිපාලන යාන්ත්‍රණයකට මෙන්ම රාජ්‍ය ආයතන මගින් ඉතා සමීප සේවාවක් මහජනතාවට ලබා දිය හැකිවනු ඇති බව නිගමනය කළ හැකි වේ.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify