Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Wijesingha, W.M.W.M."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    රජයේ පාසල් ගුරුවරුන්ගේ සේවා තෘප්තිමත්භාවය හා ඒ කෙරෙහි බලපාන සාධක : කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Wijesingha, W.M.W.M.
    පාසල් මට්ටමින් ගුරුවරුන් යනු අධ්‍යාපන පද්ධතියක විශාලතම පිරිවැය සහ විශාලතම මානව ප්‍රග්ධන සම්පතයි. ගුරුවරුන් සම්බන්ධ වැදගත් සාධකයක් වන්නේ රැකියා තෘප්තියයි. හුදෙක් රැකියාවක් ලෙස නොව වෘත්තියක් ලෙස ඉගැන්වීම පිළිබඳ තෘප්තිය වැදගත් ප්‍රතිපත්තිමය ගැටලුවක් වන අතර එය ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාවය සමඟ සම්බන්ධ වී එය අවසානයේ සිසුන්ගේ ජයග්‍රහණයට බලපායි. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් ගුරුවරුන්ගේ රැකියා තෘප්තියෙහි ස්වභාවය අධ්‍යයනය කිරීම හා ඒ කෙරෙහි බලපාන සාධක සොයා බැලීම යන්න මෙම අධ්‍යයනයට පසුබිම වේ. මෙම ගැටලුව මත පදනම් ව රැකියා තෘප්තියෙහි ස්වභාවය විමසා බැලීම, රැකියා තෘප්තිය කෙරෙහි බලපාන සාධක විමසා බැලීම, රැකියා තෘප්තිය හා වෘත්තීය කැපවීම අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම, රැකියා තෘප්තිය ඉහළ නැංවීමට යෝජනා ඉදිරිපත් කිරීම ආදිය මෙහි අරමුණු වේ. මේ සඳහා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ රජයේ පාසල් ගුරුවරුන් 138 ක නියැදියක් සරල සසම්භාවී නියැදීම යටතේ ලබාගත් අතර ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදා ගනිමින් දත්ත රැස් කරන ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යානය, කයි-වර්ග පරීක්ෂාව, පෙළ පරීක්ෂාව හා සාධක විශ්ලේෂණ ක්‍රමය යොදාගෙන ඇත. වයස, සේවා කාලය, වැටුප් ශ්‍රේණිය, වැටුප, දැනට සේවය කරන පාසලේ සේවා කාලය, අධ්‍යාපන මට්ටම, නිල නිවාස, අතිකාල දීමනා, මුල්‍ය ප්‍රතිලාභ, සේවක ණය, වැටුප් රහිත විදේශීය නිවාඩු, රක්ෂණ ප්‍රතිලාභ, නිවසේ සිට පාසලට ඇති දුර, වෘත්තීය නිපුණතා සංවර්ධනය, කාර්ය මණ්ඩලය, රැකියා අවස්ථා හා පිළිගැනීම්, වෘත්තීය කැපවීම ආදිය රැකියා තෘප්තිමත්භාවය කෙරෙහි බලපාන සාධක වේ. ගුරුවරුන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව සසම්භාවීව ව්‍යාප්ත වී නොමැති බව දැක ගත හැකි විය. වැටුපල අතිකාල දීමනා, නිල නිවාස, ලබාදෙන මුල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගුරුවරුන් තෘප්තිමත් නොවේ. සේවක ණය, රක්ෂණ ප්‍රතිලාභ, වැටුප් රහිත විදේශීය නිවාඩු, වෘත්තීය නිපුණතා සංවර්ධනය සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව මධ්‍යස්ථය තෘප්තිමත්භාවයක් දක්වයි. රැකියාවෙහි වෙනස් විය යුතු අංග පිළිබඳව ගුරුවරුන්ගේ අදහස විමසීමේදී 54.3% ක් වැටුප, ඇගයීම් ක්‍රම, දිනසටහන් හා වාර සටහන්ල මාරුවීම් ක්‍රම යන සියල්ල වෙනස් විය යුතු බවත් 21.9% ක් වැටුප වෙනස් විය යුතු බවත් 13% ක් ඇගයීම් ක්‍රම ද 7.2% ක් දින සටහන් හා වාර සටහන් ද වෙනස් විය යුතු බව හා ප්‍රගති සටහන් ආදිය වෙනස්විය යුතු බව ප්‍රකාශ කරන ලදී.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify