ICH 2020/21
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/23178
Browse
2 results
Search Results
Item බෞද්ධ ප්‍රස්තූත චිත්‍රණය කිරීමේදී චිත්‍ර ශිල්පියා විශද කළ නිර්මාණ ශක්‍යතාවෙහි සමකාලීන උපයෝගිතාව(මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) ඉලංගසිංහ, අයි.එම්.ටී.මහින්දාගමනයෙන් (ක්‍රි:පූ: 250-210) ඉක්බිතිව රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාව හා බිතු සිතුවම් කලාව විධිමත් ලෙස ස්ථාපිත විය. අනුරාධපුර හා පොළොන්නරු අවධියේ සම්භාව්‍ය සාහිත්‍යය සඳහා බුදු දහම ප්‍රමුඛ ප්‍රස්තූතයක් විය. එකී සාහිත්‍යයෙන් අනුප්‍රාණය ලද චිත්‍ර ශිල්පීන් බිතු සිතුවම් සඳහා සාහිත්යික ප්‍රලේඛන ප්‍රස්තූත ලෙස භාවිත කර ඇත. සාහිත්‍ය ප්‍රලේඛනයක විස්තෘත ප්‍රස්තූතයක් චිත්‍රණය කිරීමේදී චිත්‍ර ශිල්පියා සතු නිර්මාණාත්මක ශක්‍යතාව පිළිබඳ හඳුනාගැනීම පර්යේෂණයේ ප්‍රමුඛ අරමුණකි. එසේ හඳුනාගත් අතීත චිත්‍ර ශිල්පියා සතු නිර්මාණාත්මක ශක්‍යතාවෙන් සමකාලීන චිත්‍ර ශිල්පියාට ලබාගතහැකි උපයෝගිතාව පිළිබඳ හඳුනාගැනීමද පර්යේෂණයේ අරමුණකි. මෙම පර්යේෂණයේ ගැටලුව ලෙස “බෞද්ධ සාහිත්‍යයික ප්‍රස්තූත චිත්‍රණය කිරීමේදී චිත්‍ර ශිල්පියා භාවිත කළ දෘශ්‍යමය උපක්‍රම මොනවාද?”යන්න හඳුනා ගැනිණි. “සස ජාතකය” හා එයින් අනුප්‍රාණය ලදුව විරචිත “සසදාවත”හි ප්‍රමුඛ ප්‍රස්තූතය චිත්‍ර ශිල්පියා විසින් දිඹුලාගල මරා වීදියෙහි හා තිවංක පිළිමගෙයි බිතු සිතුවම් ලෙස චිත්‍රණය කරන ලද ආකාරය සන්සන්දනාත්මකව විශ්ලේෂණය කිරීමේදී එක් එක් දෘශ්‍ය රූප සංඥා අත්පත්කරගන්නා අනන්‍යතාව හඳුනාගත හැකිය. මේ සඳහා සංඥාර්ථවේදී ප්‍රවේශය දාර්ශනික සංකථන පර්යේෂණ ක්‍රමවේදය ලෙස භාවිත කෙරිණි. ඒ ආකාරයෙන් විස්තෘත සඳ, සක්දෙවිඳු, වලාකු`ඵ ,ගිනි මැලය මෙන්ම සඳ ස්ථානගත කිරීම, අවකාශය භාවිතය වැනි සංකේත හා දෘශ්‍යමය ශිල්පක්‍රම මගින් බිතු සිතුවම නිමවන ලද්දේ වුව, එකී සංඥා මගින් නරඹන්නා රසවිඳිමින් ගොඩනගන අර්ථාන්විත හැඟවීම් ක්‍රියාවලිය නිර්මාණ කාර්යයේ අවසන් ප්‍රතිඵලය බවට පත්වෙයි. එකී අතීත නිර්මාණ කාර්යයේ ශක්‍යතාවෙන් සමකාලීන චිත්‍ර ශිල්පියා වෙත ලබාගතහැකි උපයෝගිතාව පිළිබද මෙහිදී විශ්ලේෂණය කෙරිණි. අතීත චිත්‍ර ශිල්පියා බිතු සිතුවම් ස්වාධීන මාධ්‍යයක් ලෙස වර්ධනය කර තිබෙන අතර එමගින් තීව්‍ර කෙරෙන දෘශ්‍යමය හැඟවීම් සංඥා තත්කාලීන සංස්කෘතික අනන්‍යතා විශද කරන බව නිගමනය කළ හැකිය.Item බෞද්ධ සාහිත්‍යයෙන් අනුප්‍රාණය ලද තත්කාලීන චිත්‍ර ශිල්පියා ස්වකීය සිතුවම් මාධ්‍ය ස්වාධීනව වර්ධනය කළ ආකාරය පිළිබඳ ප්‍රත්‍යවලෝකනය(මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) ඉලංගසිංහ, අයි.එම්.ටී.ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්‍රමුඛ කලා අංගයන් ලෙස බෞද්ධ සාහිත්‍ය හා බිතුසිතුවම් කලාව හඳුනාගත හැකිය. බිතුසිතුවම්හි සංකේත හැඩතල අංග, ද්‍රව්‍ය, මෙවලම්, සත්ව හා මානව රූ ආදි දෘශ්‍යමය හැඟවීම් සංඥා මගින් විවිධ අරුත් සම්පාදනය කරයි. පර්යේෂණයේ සිතුවම් විශ්ලේෂණය කරන ක්‍රමවේදය වන්නේ දාර්ශනික ජොහැන් ගල්තුංග්ගේ ඒ. බී. සී. ත්‍රිකෝණ න්‍යායයි. :න්‍දය්බ ඨ්කඑයමබට –්ඊක් ඔරසබටකැ* එම සංකථනයට අනුව ත්‍රිකෝණයේ බී ලක්ෂයෙන් දෘශ්‍යමාන වන්නේ එකී චර්යාව ලෙස හඳුනාගත හැකි බිතුසිතුවමේ දෘශ්‍යමය රූපක සමූහයයි. ඒ අනුව තිවංක බිතුසිතුවම් අතර තේමිය ජාතකයේ තේමිය කුමරුගේ ඇඳුම් ආයිත්තම්, උයන්පල්ලා හා අතැති උදැල්ල, අශ්ව කරත්තය සහ ශාක, තිවංක පිළිම ගේ, චුල්ල පදුපම ජාතකය සිතුවමේ ඇඳුම් පැළඳුම්, යමක් ලබාදීම, වසම්මලේ හා ඉන්දියානු අජන්තා සිතුවම්වල ලලනා රුවක් සුරතට බර ලබා දී ඇති ආකාරය ආදි දෘශ්‍යමය හැඟවීම් සංඥාවන් විශ්ලේෂණය කොට ඇත. එකී දෘශ්‍යමය සාධක තීව්‍ර කරන අදෘශ්‍යමාන සංකල්ප ලාංකේය අනන්‍යතාව කියාපාන අතර චිත්‍ර ශිල්පියා බෞද්ධ සාහිත්‍යයෙන් අනුප්‍රාණය ලද ප්‍රස්තුත භාවිත කළද ස්වාධීන ප්‍රකාශන මාධ්‍යක් ඔස්සේ බිතුසිතුවම් වර්ධනය කර ඇති ආකාරය හඳුනාගත හැකිය. මෙම පර්යේෂණයේ ගැටලුව වන්නේ ශ්‍රී ලාංකේය බිතුසිතුවම්හි දෘශ්‍යමාන විලාස මගින් ගම්‍යමාන කෙරෙන්නේ මොනවාද? යන්නයි. එකී බිතුසිතුවම්වල දෘශ්‍ය සාධක මගින් පොළොන්නරු හා අනුරාධපුර අවධියේ පුද්ගල භෞතික ස්වරූපය, පරිසර හිතකාමී හරිත නගර සංකල්පය, ප්‍රාග්ධනය හිමි පාලක හා පාලිත පන්තියේ හා යාචක වැනි පීඩිත පන්තිවල ස්වභාවය මෙන්ම සමාජ විෂමතාව පිළිබඳව දේශපාලනික කියැවීම්ද අන්තර්ගත වේ. එකී දේශපාලන විශ්ලේෂණය පැරණි ශ්‍රී ලාංකේය සමාජය ලබාගත් සංස්කෘතික අනන්‍යතාව බවටද පත් වෙයි. මේ අනුව බිතුසිතුවම්හි දෘශ්‍යමාන රූප සංඥාවන් මගින් සිතුවමේ අදෘශ්‍යමානවන චිත්‍ර ශිල්පියාගේ මතවාදය (ආකල්ප හා සන්දර්භය) නිරූපණය කෙරෙන අතර එය ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව බවටද පත්වී ඇති අතර එමගින් තත්කාලීන චිත්‍ර ශිල්පියා බෞද්ධ සාහිත්‍යයේ අනුප්‍රාණය ලබමින් ස්වාධීන සිතුවම් සම්ප්‍රදායක් වර්ධනය කර ඇති ආකාරය හඳුනාගත හැකි වේ.