Issue 01
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/26323
Browse
5 results
Search Results
Item Identify the Factors of Visual Merchandising on Customer Behavior on Apparel Sector (With reference to Colombo District)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) Dharmarathna, R.G.R.T.Apparel industry is one of the fast-growing industries in Sri Lanka. So Due to increasing high competition in retail sector and the similarity of selling same merchandise. Therefore, now days every marketer pays more attention to visual merchandising aspect to attract the customers and to survive in the industry. The purpose of this research is to study the identify factors of visual merchandising on customer purchasing behavior on apparel in Colombo district. Hence, the problem of the study is “what are the factors affecting for customer purchasing behavior on apparel”, the main objective of the study is to identify the factors of visual merchandising on customer purchasing behavior. There is one sub objective of the study is to find out the demographic factors of respondents that affecting to the overall shopping experience. The data was collected by Google form from the selected of sample of the customers who visit selected retail shops, the sample size was decided by “Yamane” calculation method. Factor analysis chi square test, Descriptive statistics used to analyze the collected data. According to the result of analysis, the factors that affecting to the customer purchasing behavior of retails shops has been identified namely, Facilities of shopping, time saving and comfortable environment which are evident from the analysis that out of 10 factors given. Gender education level, monthly income of the respondents’ is affecting the shopping experience.Item පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නිරතවන්නන් මුහුණපාන ගැටළු (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) තන්තිරිගෙ, ප්රසාදිනිශ්රී ලංකාව තුළ පේෂ කර්මාන්තය ක්‍රිස්තු පූර්ව 543න් වැනි ඔබ්බට දිවෙන දිගු ඉතිහාසයක් ඇති අතර එමඟින් ග්‍රාමීය ප්‍රජාවන් කෙරෙහි රැකියා උත්පාදනය කරනු ලබයි. නමුත් වර්තමානයේ පේෂ කර්මාන්තය ඵලදායිතාවය පවත්වාගෙන යාම සඳහා විවිධ ගැටළු රැසකට නිෂ්පාදකයින් මුහුණ දෙමින් සිටිති. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වනුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ගැටළු හඳුනා ගැනීමයි. ශ්‍රී ලංකාව තුළ දිස්ත්‍රික්කය මට්ටමෙන් පේෂ කර්මාන්ත නිෂ්පාදකයින් වැඩි පිරිසක් සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කය වන බැවින් අධ්‍යයන ප්‍රදේශය ලෙස මහනුවර යොදා ගනිමින් සරල සසම්භාවී නියැදි ක්‍රමවේදය යටතේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචිව සිටින නිෂ්පාදකයින් 240දෙනෙකුගෙන් ප්‍රශ්නාවලි ක්‍රමය මඟින් දත්ත රැස් කර ඇත. මෙම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා බහුගුණ ප්‍රතිපායනය, සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරික්ෂාව යන දත්ත විශ්ලේෂණ ක්‍රම යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය මඟින් පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ප්‍රධාන සාධක 3ක් ගම්‍ය විය. ඒවා නම් රජය මැදිහත් නොවීමේ ගැටළු, තාක්ෂණික හා සුබසාධක ගැටළු, මූල්‍ය හා නව්‍යකරණ ගැටළු යන සාධක බලපාන බව සොයා ගනියි. මෙලෙස පේෂ කර්මාන්තය නිෂ්පාදකයින් මුහුණ පාන ගැටළු මඟහරවා ගැනීම සඳහා රජය මඟින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, අන්තර්ජාලය හා නවීන විද්‍යුත් ක්‍රම හරහා අලෙවිකරණ කටයුතු සිදු කිරීම ආදිය යෝජනා ලෙස පෙන්වා දිය හැකිය.Item නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වයට බලපාන හේතු සාධක (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) පීරිස්, ටී.එච්.එම්.නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ප්‍රධානතම ගැටලුවක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවද මෙම ගැටලුවට මුහුණ දී ඇත. මක්නිසාදයත් සීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනය සහ නාගරීකරණය නිසාය. නාගරික ඝන අපද්‍රව්‍ය උත්පාදනය වීම සිදු වන්නේ ප්‍රජාවගේ ඍජු දායකත්වය නිසාය. එමනිසා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ප්‍රජාවගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. නමුත් ප්‍රජාව සෑමවිටම උපකල්පනය කරනුයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය රජයට අයත් වගකීමක් බවත් ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය අනවශ්‍ය බවත්ය. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ මහ නගර සභාව කේන්ද්‍ර කොටගෙන සිදු කර ඇති අතර මේ සඳහා ප්‍රාථමික දත්ත භාවිතා කර ඇත. සරල සසම්භාවි නියැදුම් ක්‍රමය යටතේ තෝරාගත් නිවාස 100ක් ආවරණය කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. ගෘහස්ත මට්ටමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ප්‍රජා සහභාගිත්වය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රශ්නාවලියක් සමඟ සමීක්ෂණයක් භාවිතා කරන ලදී. මෙම අධ්‍යයනයේ අරමුණ වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වයට බලපාන සාධක මොනවාද යන්න හඳුනා ගැනීමයි. මේ සඳහා සාධක විශ්ලේෂණය සිදුකොට ඇත. එහිදී ලැබුණු ප්‍රතිඵල වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වයට බලපාන සාධක ලෙස ඝන අපද්‍රව්‍ය නැවත භාවිතා කිරීම, ඝන අපද්‍රව්‍ය අවම කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය, ඝන අපද්‍රව්‍ය මගින් ආර්ථික ප්‍රතිලාභ ලැබීම, ඝන අපද්‍රව්‍ය එකතු කිරීම හා බැහැර කිරීම සහ කොම්පෝස්ට්කරණය කිරීම පෙන්වා දිය හැකි බවයි.Item Factors affecting the Severity of Motorcycle Accidents in Sri Lanka(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) Peiris, M.C.B.B.Road traffic accidents have become the first leading cause of death in the young generation. among these road accidents, motorcycle accidents can be identified as the most prominent case of road traffic death. According to the statistics of Sri Lankan police (2017-2020), motorcycles have become the highest responsible vehicle in road accidents. Motorcycle has become a trend among the young generation due to their easy riding style and affordability. Therefore, it caused to increase in the number of accidents occurred in road accidents. This study, therefore, intended to determine the risk factors associated with motorcycle accidents in Sri Lanka in the year 2020. The results were obtained using three analytical methods. To identify the individual impact of factors two-way analytical methods were used. Focusing the main objective is to identify the risk factors both Binary logistic regression and ordinal logistic regression were used. In 2020, 41% of accidents have been reported as minor accidents, and 34% represented as damage-only accidents while grievous accidents have shown as 22% of total accidents. Although, only 3% of fatal accidents have been occurred in 2020. Moreover, it was found that among all the attributes of road characteristics only time of the day, gender, age of license, & human factor, condition is significantly associated with the severity of accidents. Finally, the findings derived through this study would be useful for policymakers to reduce motorcycle accidents.Item 2010 සිට 2020 කාලයේ ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සඳහා බලපෑ සමාජ ආර්ථික සාධක(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) කුමාරි, ඩබ්. එම්. අයි. එස්. එස්.ලක්දිව රජ කළ කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස අග භාගයේ සීගිරිය නම් අපූර්ව නිර්මාණය කළ බව වංසකථා සනාථ කරයි. සීගිරියේ කැටපත් පවුරේ පද බැඳුණු ගීත කාව්‍ය අපේ අතීත උරුමයේ විශිෂ්ටත්වය මනාව පෙන්වා දෙයි. එමෙන්ම සීගිරිය තරම් ඉපැරණි ගී සම්භාරයක් ඇතුළත් කැටපත් පවුරක් ලෝකයේ වෙනත් කිසිම රටකින් තවමත් සොයාගෙන නොමැත. සීගිරිය නැරඹීමට දසතින් ජනී ජනයා පැමිණ තිබේ. සීගිරි සිතුවම්, සිංහ කෙවෙනිය සහ රජ මාළිගය ආදිය දුටු සීගිරි නැරඹුවෝ ස්වකීය හද සන්තානයට නැඟුණ දේ පද්‍යයට නඟා ඒ අසල වූ කැටපත් පවුරේ ලියූහ. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී සිංහල ගීත සාහිත්‍යයෙන් ශේෂ වූ පැරණිතම සාධක ලෙස ද සැලකේ. මෙම අධ්‍යයනයේ ගැටළුව වූයේ සීගිරි ගීතවලින් නිරූපණය වන්නේ කුමක් ද යන්න අධ්‍යයනය කිරීමයි. සීගිරිකාමීන් කැටපත් පවුරේ කුරුටු ගෑ ගී තුළින් එකල සමාජය මනාව නිරූපණය වන්නේදැයි සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. මේ සඳහා ප්‍රකාශයට පත් වී ඇති මහාචාර්ය පරණවිතානගේ සීගිරි කුරුටු ගී ප්‍රමුඛ කරගත් ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. සීගිරි ගී තුළින් එකල සමාජය කැඩපතක් සේ විනිවිද පෙන්වන බව අවසන පැහැදිලි වෙයි.