Issue 02
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/26006
Browse
1 results
Search Results
Item නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වය : (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) පීරිස්, ටී.එච්.එම්.නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යනු බොහෝ රටවල් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන විශාල අභියෝගයකි. ශ්‍රී ලංකාවේද මෙය ජාතික ගැටලුවක් බවට පත් වී ඇත. පුරවැසියන් සෑමවිටම උපකල්පනය කරනු ලබන්නේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පළාත් පාලන ආයතනවල වගකීමක් බවත් ඔවුනට කිසිඳු වගකීමක් ඒ සඳහා නොමැති බවත්ය. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජනනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පුරවැසියන්ගේද වගකීමක් වේ. එබැවින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ප්‍රජා සහභාගීත්වය තීරණාත්මක සාධකයක් වන අතර එය තිරසාර ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ උපාය මාර්ගයක්ද වේ. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ මහ නගර සභාව කේන්ද්‍ර කොටගෙන සිදු කර ඇති අතර තෝරාගත් නිවාස 100ක් ආවරණය කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. මෙම අධ්‍යයනයේ අරමුණ වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය කවර ආකාරයෙන් බලපෑමක් සිදු කරයිද යන්න හඳුනා ගැනීමයි. එහිදී ලැබුණු ප්‍රතිඵල වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි.