ටිබෙට් රාජ්‍යයෙහි ස්වාධීනත්ත්වය විෂයෙහි වත්මන් දලයි ලාමාතුමා කළ කාර්යභාරය පිළිබඳ විමසීමක්
Date
2021
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
වත්මන් දාහතර වන දලයි ලාමාතුමා (ටෙස්නිං ගයට්සෝ) ටිබෙටය පාලනය කරනසමයෙහි චීනය ටිබෙටය ආක්‍රමණය කළ අතර එතුමා තම පිරිසද කැටුව ඉන්දියාවට පලා ගියේය. මෙතුමා අවිහිංසාවාදී නායකයෙකු බැවින් කිසිවිටෙකත් දෙපාශවයෙහිම රුධිරය වැගිරෙන යුද්ධයක් අපේක්ෂා නොකළේය. 1987 දී වොෂිංටනයේ පැවති මානව හිමිකම් සමුළුවේදී පස් වැදෑරුම් සාම සැලසුමක් (Five Point Peace Plan) ද ඉදිරිපත් කළේය. තවද ටිබෙටය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කිරීමට අවැසි ව්‍යවස්ථාවක් (Character Of Tibetans In Exile) සකස් කළ අතර එහි කමා කිරීමේ නිදහස, විශ්වාසයෙන් රැස්වීමේ හා සංවිධානයන් පැවැත්වීමේ නිදහස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට ඇති අතර තම ටිබෙට් සරණාගත ජනතාවට උපදෙස් මාලාවක්ද එහි විය. දලයි ලාමාතුමා ටිබෙට් හා චීන ජාතිකයන් මගින් ස්වයං පාලනයක් සහිත ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ස්වභාවයක් ටිබෙටයට හිමිවිය යුතු බව 1988 ජූනි 15 වෙනිදා ප්‍රංශයේ ස්ටාර්ස්බර්ග්හි පැවති යුරෝපීය පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය. ඔහු යුරෝපයේ සංචාරය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ටිබෙට් ළමුන් 220ක් පමණ ස්විස් රටේ වැසියෝ දරුවන් ලෙස හදාවඩා ගනු ලැබූහ. එමෙන්ම අවස්ථාව ලද සෑම මොහොතකම තම වැසියාගේ ස්වාධීනත්වය පිළිබඳව කථිකා කළ අතර ඒ වෙනුවෙන් කෘති බොහෝමයක්ද රචනා කළේය. මෙබඳු අවිහිංසාවාදී හා වීර්ය, අධිෂ්ඨානය පිරි ක්‍රියාකලාපයන් නිසා සම්මාන එකසිය පනහකට (150) අධික සංඛ්‍යාවකින් මෙතුමා සම්භාවනාවට පත්ව ඇති අතර 1989 දී නොබෙල් ත්‍යාගයද හිමිකර ගත්තේය. එම අවස්ථාවේදීද ඔහු ප්‍රකාශ කළේ තම ටිබෙට් ජනතාවගේ ස්වාධීනත්වය වෙනුවෙනි. ටිබෙට්හි ස්වාධීනත්වය විෂයෙහි දලයි ලාමාතුමාගේ කාර්යභාරය කෙබඳුද? යන්න මෙහි පර්යේෂණ ගැටලුවත් එය අධ්‍යයනය කිරීම අරමුණත් වන අතර මේ පිළිබඳ කැමැත්තක් දක්වන්නවුන් කෙරෙහි මෙය වැදගත් වනු ඇත. මෙය සිදුකරනු වස් මේ හා සබැඳි කෘති හා අන්තර්ජාලය භාවිතයට ගැනේ.
Description
Keywords
චීනය, ටිබෙටය, ප්‍රජාතන්ත්‍රවාදී, ස්වාධීනත්වය, සරණාගත
Citation
මීදෙණියේ ධම්මවංස හිමි (2021), ටිබෙට් රාජ්‍යයෙහි ස්වාධීනත්ත්වය විෂයෙහි වත්මන් දලයි ලාමාතුමා කළ කාර්යභාරය පිළිබඳ විමසීමක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 28p.