මූඩ්ල් (Moodle) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හා එහි අඩංගු ක්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමක්

dc.contributor.authorSomananda Thero, Bopeththe
dc.date.accessioned2021-05-06T04:35:05Z
dc.date.available2021-05-06T04:35:05Z
dc.date.issued2020
dc.description.abstractතොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයන් සහ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) ඇතුළු විද්‍යුත් ඉගෙනුම් මෙවලම් භාවිතය අධ්‍යාපන ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වී තිබේ. බොහෝ උසස් අධ්‍යාපන ආයතන ඉගෙනීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඉගෙනුම්කරුවන්ට තාක්‍ෂණික කුසලතා ඇති කිරීම, ඉගෙනගන්නන් වඩාත් අන්තර්ක්‍රියාකාරී වීමට දිරිගැන්වීම සහ උපදේශන ක්‍රියාවලීන්හි කාලය හා අවකාශයේ සීමාවන් ඉවත් කිරීම සඳහා LMS භාවිත කර ඇත (අල්-සයිඩියීන්, සහ වෙනත්, 2008; චැං,2008). උසස් අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහාය වීම සඳහා මූඩ්ල් වැනි ඉගෙනුම් කළමනාකරණ පද්ධති භාවිත කරන විට බොහෝ වාසි ඇත. සිසුන්ගේ සහයෝගය සහ මාර්ගගත අන්තර්ක්‍රිරියාකාරිත්වය සඳහා වන එහි ඇඟවුම් ද සලකා බලනු ඇත. තවද මෙමගින් විවිධ ඉගෙනුම් පරිසරයන්හි සහයෝගීතාවයකට අධ්‍යාපන නියෝජිතයින් යොමු කරයි. එහිදී ඔවුන්ට මුහුණට මුහුණලා ඇති උපදෙස්, පරිගණක-මැදිහත් උපදෙස්, මිශ්‍ර-ඉගෙනුම් සමඟ ඒකාබද්ධ කළ හැකි අතර එමගින් මානව සන්නිවේදනයේ වඩා හොඳ ගුණාත්මකභාවය සඳහා ඇති හැකියාව වැඩි කරයි. ඉගෙනුම් කළමණාකරණ පද්ධතිවල පොදු සංරචක වල සමමුහුර්ත හා අසමමුහුර්ත සන්නිවේදන මෙවලම්, කළමනාකරණ ලක්‍ෂණ සහ තක්සේරුකරණ උපයෝගිතා අඩංගු වේ.en_US
dc.identifier.citationSomananda Thero, Bopeththe.2020, මූඩ්ල් (Moodle) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හා එහි අඩංගු ක්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමක්,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lankaen_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22265
dc.publisherSDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectඉගෙනුම් කළමනාකරණ පද්ධති, උසස් අධ්‍යාපනය, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය, මූඩ්ල්, විද්‍යුත්-ඉගෙනීමen_US
dc.titleමූඩ්ල් (Moodle) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හා එහි අඩංගු ක්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
මූඩ්ල් (Moodle) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS).pdf
Size:
65.97 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections