ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය

dc.contributor.authorකුමාරි, ඩබ්.එම්.අයි.එස්.එස්.
dc.date.accessioned2023-02-22T05:34:18Z
dc.date.available2023-02-22T05:34:18Z
dc.date.issued2021
dc.description.abstractසියදිවි නසා ගැනීම යනු ගෝලීය වශයෙන් මිනිසුන් 703,000ක ප්‍රමාණයක් සෑම වසරකදී ම මිය යන බව දැක්වෙන ලොව පුරා දරුණු ඛේදවාචකයකි. ලෝකයේ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ද සියදිවි නසා ගැනීම යනු දැඩි අවධානයකට ලක්විය යුතු පැතිකඩකි. 2019 වර්ෂය වන විට සියදිවි නසා ගැනීමේ අනුපාතිකය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 29වන ස්ථානයේ පසු වී ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එබැවින් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී ද්විතියික දත්ත මූලාශ්‍රයක් වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධ දත්ත යොදා ගෙන ඇත. මෙහිදී එම කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධව පුමිතිරිභාවය, වයස් මට්ටම, ආගම, විවාහක අවිවාහකභාවය සහ අධ්‍යාපන මට්ටම යන ප්‍රජාවිද්‍යාත්මක සාධක ඔස්සේ අවධානය යොමු කර ඇත. ඒ සඳහා විස්තරාත්මක සංඛ්‍යානමය ශිල්ප ක්‍රම යොදා ගෙන ඇත. මෙහිදී පුරුෂයන් අතර සියදිවි නසා ගැනීම් 75%කට වඩා ඉහළ බව, සමස්ත සියදිවි නසා ගැනීම්වලින් 26%ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව, සියදිවි නසා ගැනීම්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් 1-10 වසර දක්වා අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයින් අතර සිදු වී ඇති බව, විවාහක පුද්ගලයන් අතර සියදිවි නසා ගැනීම 76%ක් පමණ වන බව සහ සියදිවි නසා ගත් පුද්ගලයින්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් බෞද්ධාගමිකයන් වන බව තහවුරු කර ගෙන ඇත.en_US
dc.identifier.citationකුමාරි ඩබ්.එම්.අයි.එස්.එස්. (2021), ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය, Journal of Social Statistics, Volume 08, Issue 01, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka, Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 19-31.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26003
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.subjectඅධ්‍යාපන මට්ටම, පුමිතිරිභාවය, ප්‍රජාවිද්‍යාත්මක සාධක, වයස් මට්ටම, සියදිවි නසා ගැනීමen_US
dc.titleශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනයen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
JSS Vol8 Issue 1 02.pdf
Size:
387.27 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections