සුඩාන් අර්බුදය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්

No Thumbnail Available

Date

2020

Journal Title

Journal ISSN

Volume Title

Publisher

SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka

Abstract

මානව සබඳතා ඇතිවීමේ හා වර්ධනය වීමේ නිශේධනීය ප්‍රතිඵලයක් වශයෙන් ගැටුම හඳුනාගත හැකිය- ඇතැම් අවස්ථාවන්හි දී ගැටුම තුළින් යහපත් තත්ත්වයන් උදා කරන බවට මත පැවතිය ද වඩාත් අවිවාදාත්මක වන්නේ ගැටුම වූ කලි සමාජය අස්ථාවරත්වය උදා කරන විනාශකාරී ක්‍රියාවලියක් වන බවයි- ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දැක්වෙන පරිදි “ගැටුමක් යනු ප්‍රචණ්ඩ හැප්පීමක්, අරගලයක් හෝ හරඹයක්, මානසික වශයෙන් සිදුවන අරගලයක්” වශයෙන් අර්ථකථනය කර ඇත- මේ අනුව ගැටුම යන්න විවිධාකාරයෙන් හඳුනාගත හැකි අතර එය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද සිදුවන්නා වූ ක්‍රියාවලියක් වශයෙන් හඳුනාගත හැකිය- මේ අනුව මෙම ලිපියේ ප්‍රධානතම අරමුණ වන්නේ දිග්ගැස්සුණු ගැටුමක් වශයෙන් ලොව තුළ බොහෝ කතිකාවන්ට භාජනය වූ සුඩාන් අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීමයි- මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය තොරතුරු සපයා ගැනීම ද්විතියික තොරතුරු මූලාශ්‍ර මත පදනම්ව විස්තරාත්මක ක්‍රමවේදය යොදා ගනිමින් තොරතුරු රැස් කරන ලදි- සුඩාන අර්බුදය සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී ගැටුමට අදාළ මූලයන්, ගැටුමේ ස්වභාවය, වර්ධනය හා සුඩාන අර්බුදය විසඳීමට ගත් උත්සහයන් පිළිබඳව මෙම අධ්‍යයනයේ අන්තර්ගත වී ඇත-

Description

Keywords

ගැටුම, ජාත්‍යන්තර, රාජ්‍යයන්, සුඩානය

Citation

Prashanthika, R.G.A.2020, සුඩාන් අර්බුදය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka

Collections

Endorsement

Review

Supplemented By

Referenced By