කුරසෝවා අකිරා හා යසුජිරෝ ඕෂු යන ජපන් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ තාක්ෂණික සිනමා භාවිතය හා සිනමා රීතීන් පිළිබඳ විමසුමක් - චිත්‍රපට කිහිපයක් ඇසුරෙන්

dc.contributor.authorසඳරුවන්, එල්. ජී. එස්. යූ.
dc.contributor.authorපමෝදා, කේ. වී. ධනේශි
dc.contributor.authorදිසානායක, ඩී. එම්. දනුෂි නවෝදා
dc.date.accessioned2022-06-01T09:30:05Z
dc.date.available2022-06-01T09:30:05Z
dc.date.issued2021
dc.description.abstractශිෂ්ටාචාරයේ සමාරම්භයේ සිටම මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම කලාවන්ගෙන් උකහාගත් ලක්ෂණයන් කැටි කරගත් ලෝකයේ පවත්නා ප්‍රබලම කලා මාධ්‍යය බවට පත්ව ඇති සිනමාපට ලොවට දායාද වී මේ වන විට සියවසකට වඩා කාලසීමාවක් ගතවී ඇත. සිනමාපට එයටම සුවිශේෂ වූ අනන්‍යතා ඇති කර ගනිමින් 1890 දශකයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වීම සිදු විය. සෙන් බුදු දහමින් හා ෂින්තෝ ආගම මඟින් හික්ම වූ ආසියාවේ ප්‍රබලම රාජ්‍යයක් සේ සැලකෙන ජපානයට චිත්‍රපට කලාව අත්විඳීමේ භාග්‍ය හිමිවන්නේද සිනමාවේ මුල් අවධියේදීමය. කබුකි නාට්‍යයන්වල ඇතැම් කොටස් රූගත කිරීමෙන් ජපානයේ පළමු චිත්‍රපටය බිහි වූ අතර එය ජපන් සිනමාවේ ඓතිහාසික සන්ධිස්ථානයකි. ඒ අයුරින් බිහි වූ ජපන් සිනමාවේ මහා සිනමාවේදීන් වන කුරසෝවා අකිරා, යසුජිරෝ ඕෂු නිර්මාණකරුවන්ගේ සුවිශේෂ දායකත්වය මෙන්ම ඔවුන්ගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ අරමුණයි. මෙහිදී කුරසෝවා අකිරා ඔහුගේ නිර්මාණ මුවහත් කර ගැනීම සඳහා බටහිර සිනමාව යොදාගත් අතර යසුජිරෝ ඕෂු බටහිර සිනමා සිත්තම් මඟින් ගත් ආභාසය දේශීය ජපන් සිනමාවේ පිළිබිඹු කිරීමට උත්සාහ කරන ලදී. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත හා ද්විතීයික දත්ත මෙන්ම තෘතීය දත්තද භාවිත කරයි. ප්‍රාථමික දත්ත සපයාගැනීමේදී අදාළ සිනමා නිර්මාණකරුවන්ගේ සිනමා කෘති පරිශීලනයෙන් හා සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් තොරතුරු සපයාගත් අතර, ද්විතීයික දත්ත ලබාගැනීමේදී දේශීය මෙන්ම විදේශීය ග්‍රන්ථ, වාර සඟරා පරිශීලනය කරන ලදී. තෘතීයික දත්ත සපයා ගැනීමේදී මූලික වශයෙන්ම අන්තර්ජාලය හා පුවත්පත් ඒ සඳහා භාවිත කෙරිණ. මේ සඳහා යෝජිත පර්යේෂණ ක්‍රමවේද වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ශාස්ත්‍රවේදී විශේෂ උපාධියේ තෙවන වසර සහ සිව්වන වසර සිසුන් 100ක නියැඳියක් ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය මඟින් තොරතුරු රැස් කිරීමට බලාපොරොත්තු වේ. තෝරාගත් සිනමා කෘති කිහිපයක් ඇසුරෙන් අදාළ සිනමාකරුවන් දෙදෙනාගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් තුලනාත්මකව සංසන්දනය කිරීම මෙහි අරමුණ වේ.en_US
dc.identifier.citationසඳරුවන් එල්. ජී. එස්. යූ.; පමෝදා කේ. වී. ධනේශි; දිසානායක ඩී. එම්. දනුෂි නවෝදා; (2021), කුරසෝවා අකිරා හා යසුජිරෝ ඕෂු යන ජපන් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ තාක්ෂණික සිනමා භාවිතය හා සිනමා රීතීන් පිළිබඳ විමසුමක් - චිත්‍රපට කිහිපයක් ඇසුරෙන්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 13p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24600
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකුරසෝවා අකිරා, ජපන් සිනමාව, යසුජිරෝ ඕෂු, සිනමා රීතීන්en_US
dc.titleකුරසෝවා අකිරා හා යසුජිරෝ ඕෂු යන ජපන් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ තාක්ෂණික සිනමා භාවිතය හා සිනමා රීතීන් පිළිබඳ විමසුමක් - චිත්‍රපට කිහිපයක් ඇසුරෙන්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
HUG Proceedings 2021 13.pdf
Size:
107.02 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections