ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ තේ වගාව සහ ග්‍රාමීය දරිද්‍රතාවය (රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින්)

dc.contributor.authorPiyarathna, S.H.M.P.
dc.date.accessioned2021-05-20T10:49:27Z
dc.date.available2021-05-20T10:49:27Z
dc.date.issued2020
dc.description.abstractතේ ගස ප්‍රථමයෙන්ම සොයාගනු ලැබ ඇත්තේ චීනයේ රජකම් කළ සෙන්නූන් අධිරාජ්‍යයා ය. මෙසේ සොයා ගනු ලැබූ තේ ගස 1867 දී පමණ ශ්‍රී ලංකාව තුළ වාණිජමය වැවිලි බෝගයක් ලෙස ව්‍යාප්ත විය. වර්තමානය වනවිට තේ ප්‍රධාන අපනයන බෝගයක් මෙන්ම අපේ රටට විනිමය සපයන ප්‍රධාන අපනයන මාර්ගයක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය. මේ සඳහා කුඩා පරිමාණ තේ වගාව තුළින් විශාල දායකත්වයක් සපයනු ලබයි. 2018 වර්ෂය වන විට වතු අංශය සඳහා කුඩා පරිමාණ තේ වගාවේ දායකත්වය සියයට 75ක් පමණ වේ. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කුඩා පරිමාණ තේ වගාව විශාල පරිමාණයෙන් සිදුවන බවත් ඒ සඳහා විශාල වගාකරුවන් ප්‍රමාණයක් ශ්‍රම දායකත්වය සපයන බවත් සඳහන් කළ යුතුය. නමුත් එම වගා භූමි තුළින් ඉහළ ගුණාත්මක ඵලදාවක් ලබාගැනීම අසීරු වී ඇත. වගාව සඳහා මූලික අවශ්‍යතා හිඟ වීමෙන් මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තාවලින් හෙළි වී ඇත. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය ප්‍රදේශයක් මුල් කරගෙන කරන ලද මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ තේ වගාව මඟින් ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීමට හැකියාවක් පවතිනවා ද යන්න සොයා බැලීම මෙහි මූලික ගැටලුව වේ. එහිදී ද්විතික දත්ත පදනම් කරගෙන ප්‍රදේශය පිළිබඳ මූලික අධ්‍යයනයක නිරත වී ඇත. මීට අමතරව ප්‍රාථමික දත්ත පදනම් කරගෙන විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රමය යටතේ පාදක කරගත් අරමුණු වන ග්‍රාමීය දරිද්‍රතාවක් ඇතිවී ඇත්තේ කුමන හේතු නිසාවෙන් ද ග්‍රාමීය දරිද්‍රතාව සඳහා කුඩා පරිමාණ තේ වගාවෙන් බලපෑමක් ඇති වනවාද එහිදී වගාකරුවන් විසින් යම්කිසි විසඳුමක් යටතේ දරිද්‍රතාවෙන් මිදීමට කටයුතු කරනවාද යන්නත් පිළිබඳව සොයා බැලීමක් සිදු කෙරිණි. මෙම අධ්‍යයනයට අනුව වගාකරුවන් අපේක්ෂා කරනු ලබන්නේ සහනාධාර යටතේ නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග සකස් කිරීමට අවශ්‍ය බවය. නිශ්චිත ක්‍රියාමාර්ග සඳහා යොමුවීමෙන් අපේක්ෂිත අමු තේ ඵලදායිතාව සහ එහි ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමට හැකියාවක් පවතින බවට ද අපේක්ෂා කළ හැකි බව වගාකරුවන් තුළින් ඉස්මතු වූ කරුණකි. අධ්‍යයනයට අදාළව නිගමනය කළ හැකි වන්නේ කුඩා පරිමාණ තේ වගාව ආශ්‍රිත වගාකරුවන් සැබෑ වශයෙන් ග්‍රාමීය දරිද්‍රතාවයකට මුහුණ දෙන බවයි.en_US
dc.identifier.citationPiyarathna, S.H.M.P. ( 2020). ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ තේ වගාව සහ ග්‍රාමීය දරිද්‍රතාවය (රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින්). In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.33.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22391
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectතේ වගාව, කුඩා පරිමාණ තේ වගාව, කුඩා පරිමාණ තේ වගාකරුවන්, ග්‍රාමීය දරිද්‍රතාවයen_US
dc.titleශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ තේ වගාව සහ ග්‍රාමීය දරිද්‍රතාවය (රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2020 Abstract Volume 13.pdf
Size:
335.41 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections