රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු භාවිතය පිළිබඳ අධ්‍යනයක් (ගම්පහ දිස්ත්‍රික්කය ඇසුරින්)

dc.contributor.authorDeepashika, P.A.S.M.
dc.date.accessioned2021-05-20T10:45:53Z
dc.date.available2021-05-20T10:45:53Z
dc.date.issued2020
dc.description.abstractරටක ආර්ථික ක්‍රියාවලිය තුල බැංකු වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. මන්දයත් නූතන ආර්ථික ක්‍රියාවලිය තුල සියළු ආර්ථික ක්‍රියාවන්ග් මධ්‍යස්ථානයක් ලෙසද, නවීන අංශයේ ව්‍යාපාර වල ශක්තිමත් ප්‍රභවයක් ලෙසද වාණිජ බැංකු ක්‍රියා කරයි. එමනිසා ඔනෑම රටක සංවර්ධනය ප්‍රධාන වශයෙන් බැංකු ක්‍රමය මත රඳා පවතින බව කිව හැකිය. තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ ආකාරයේ මුල්‍යමය සේවාවන් ලබාගැනීමට ගණුදෙනුකරුවන් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ බැංකුද නිරන්තරයෙන් භාවිතා කරයි. බැංකු භාවිතයේදී ගණුදෙනුකරුවන් රාජ්‍ය අංශයේ බැංකු වලට වඩා පෞද්ගලික අංශයේ බැංකු මඟින් සේවාවන් ලබාගැනීමට යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතීදැයි විමසා බැලීම මෙම අධ්‍යනය මඟින් සලකා බලන ප්‍රධාන ගැටළුව වේ. එමෙන්ම මෙම රාජ්‍ය හා පෞද්ගලික අංශවල බැංකු මඟින් සපයන සේවාවන් පිළිබඳව ගණුදෙනුකරුවන්ග් තෘප්තිමත්භාවය , ඔවුන් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ බැංකු වෙත යොමු වීමට බලපාන සාධක හඳුනා ගැනීම, මෙම බැංකු සේවාවන් තුළ පවතින දුර්වලතා හඳුනා ගැනීම මෙම අධ්‍යනයේ අරමුණු වේ. මෙම අධ්‍යනය සඳහා අවශ්‍ය දත්ත රැස්කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු මඟින් සේවාවන් ලබා ගන්නා ගණුදෙනුකරුවන් 150 දෙනෙකු සරල සසම්භාවී නියැඳීම මඟින් තෝරාගන්නා ලදී. එමෙන්ම ඔවුන් වෙත සරල ප්‍රශ්ණාවලියක් ලබා දීම මඟින් අවශ්‍ය දත්ත රැස්කරගැනීමට කටයුතු කරන ලදී. මෙම අධ්‍යනය මඟින් විශේෂයෙන්ම පෙනීගිය කරුණක් නම් පාරිභෝගිකයින් 54% දක්වා ඇති අන්දමට ඔවුන් තම බැංකු සේවාවන් ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ බැංකු භාවිතා කරන බවයි. එයින් 44 % පිරිසකට අනුව ඔවුන් තම ඉතුරුම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයේ බැංකු භාවිතා කරයි. රාජ්‍ය අංශයේ බැංකු භාවිතා කරන පිරිස 46% වූ අතර එයි වැඩි පිරිසක් ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු භාවිතා කර ඇති බව පැහැදිලි වේ. එමෙන්ම පෞද්ගලික අංශයේ බැංකුවල සුහදශීලී බව, කාර්යක්ෂම සේවාව, පුළුල් පරාසයක සේවාවන් සැපයීම, තාක්ෂණික දියුණුව රාජ්‍ය අංශයේ බැංකු වලට සාපේක්ෂව ඉහල බව මෙහිදී අනාවරණය කරගත හැකිවිය. එමෙන්ම රාජ්‍ය අංශයේ බැංකු ආයතන තව දුරටත් සිය කාර්යක්ෂමභාවය සහ සුහදශීලිත්වය වැඩි දියුණු කරගත යුතු බව මෙන්ම ඔවුන් නව්‍ය සේවාවන් ගණුදෙනුකරුවන් වෙත්ස් හඳුන්වා දිය යුතු බව මෙයින් නිගමනය කළ හැක.en_US
dc.identifier.citationDeepashika, P.A.S.M. ( 2020). රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු භාවිතය පිළිබඳ අධ්‍යනයක් (ගම්පහ දිස්ත්‍රික්කය ඇසුරින්). In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.29.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22387
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectරාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, ගණුදෙනුකරුවන්en_US
dc.titleරාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු භාවිතය පිළිබඳ අධ්‍යනයක් (ගම්පහ දිස්ත්‍රික්කය ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2020 Abstract Volume 9.pdf
Size:
151.7 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections