අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)

dc.contributor.authorබණ්ඩාර, එම්.ජී.යූ.එස්.
dc.date.accessioned2023-02-22T05:38:53Z
dc.date.available2023-02-22T05:38:53Z
dc.date.issued2021
dc.description.abstractවිද්‍යුත් තාක්ෂණික ක්ෂේත්‍රයේ සහ සන්නිවේදන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක්ව ඇති අතර එමනිසා වර්තමානය වනවිට සාමාන්‍ය අලෙවිකරණ ක්‍රමවේදයද අන්තර්ජාලයේ බලපෑමත් සමඟ නව්‍යකරණයව ඇති බව දැක්විය හැකිය. මෙම පසුබිම තුළ ගොඩනැගුණු නව ව්‍යාපාර ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් වාණිජ්‍යය හඳුන්වාදිය හැකි අතර විද්‍යුත් වාණිජ්‍යය ක්ෂේත්‍රයට අයත් ප්‍රධාන ව්‍යාපාර ආකෘතියක් වන ඊ2ක්‍ ආකෘතිය ආශ්‍රිතව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය තුළ පාරිභෝගික හැසිරීම පිළිබඳව මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වශයෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම (මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය) ආශ්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක හඳුනාගැනීම දැක්විය හැකිය. අධ්‍යයනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-24 වයස් කාණ්ඩයට අයත් ජනගහනය සංගහනය ලෙස යොදාගෙන ඇති අතර තෝරාගත් නියැදියට සංරචක 100 ක් ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය සඳහා සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරීක්ෂාව යොදා ගෙන ඇත. කයි වර්ග පරීක්ෂාවට අනුව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය, වයස සහ ප්‍රාදේශීත්වය යන සාධක සමඟ සම්බන්ධතාවයක් පවතින බව හඳුනාගන්නා ලද අතර මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසිරීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ආයතනික හා සමාජ සාධක, තාක්ෂණික පිළිගැනීම හා තාක්ෂණික අවබෝධය සහ පාරිභෝගික ලක්ෂණ පිළිබඳ සාධක යන සාධක තුන සාධක විශ්ලේෂණය හරහා හඳුනාගන්නා ලදී. මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය සඳහා පාරිභෝගිකයන්ගේ අනුගතවීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ලෙස; පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබාදීම, නොමිලේ භාණ්ඩ බෙදාහැරීම :ත්‍රුැ ෘැකසඩැරහ* සහ පළමු වරට වෙබ් අඩවිය භාවිතා කරන පාරිභෝගිකයෙකුට පහසුවන පරිදි රූපමය උපදෙස් මාලාවක් වෙබ් අඩවියට ඇතුළත් කිරීම දැක්විය හැකිය.en_US
dc.identifier.citationබණ්ඩාර එම්.ජී.යූ.එස්. (2021), අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්), Journal of Social Statistics, Volume 08, Issue 02, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka, Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 29-39.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26009
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.subjectB2C ආකෘතිය, ඊ-වාණිජ්‍යය, පාරිභෝගික හැසිරීම, මාර්ගගත සාප්පු සවාරි ක්‍රමයen_US
dc.titleඅන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
JSS Vol8 Issue 2 03.pdf
Size:
351.49 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections