පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නියැලෙන්නන්ගේ මාසික අලෙවි ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)

dc.contributor.authorතන්තිරිගෙ, ප්‍රසාදිනි
dc.date.accessioned2023-06-13T06:28:39Z
dc.date.available2023-06-13T06:28:39Z
dc.date.issued2021
dc.description.abstractශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය 1970 ගණන්වල එහි දියුණුම අවස්ථාවට ළඟා වූ අතර 1978 න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල සහ ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ ඇඟලුම් කර්මාන්ත අංශයේ වර්ධනයත් සමඟ පසුබෑමකට ලක් විය. කෙසේ නමුත් පශ්චාත් යුධ සමයේ රටේ සංවර්ධන අවශ්‍යතා ඉහළ නැංවීමත් සමඟ දේශීය ආර්ථිකයේ දියුණුව සඳහා ව්‍යාපාරික අවස්ථා දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය වඩාත් වැදගත් කර්මාන්තයක් ලෙස නැවත ස්ථානගත කරන ලදී (ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, 2017). දේශීය අනන්‍යතාවය හා සංස්කෘතියට උචිත පරිදි මෙන්ම දේශීය හා විදේශීය වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය ජයගත හැකි පරිදි අත්යන්ත්‍ර පේෂකර්ම ක්ෂේත්‍රයෙහි නිර්මාණශීලි සහ තරඟකාරී රෙදිපිළි නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයින් යොමු කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වේ (ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, 2018). ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පේෂ කර්මාන්ත නිෂ්පාදන සමූපකාර සමාගම්, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යනාදී ප්‍රධාන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ රැකියා උත්පාදනයකට එය හේතු වී ඇත. 2020 වර්ෂයේ පේෂ කර්මාන්ත නිෂ්පාදන ආශ්‍රිත වැඩිම අලෙවි ආදායමක් උපයා ඇත්තේ දකුණු පළාතේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 53% ක් විය. එසේම දෙවනුවට වැඩිම අලෙවි ආදායමක් උපාය ඇත්තේ බස්නාහිර පළාත සහ වයඹ පළාත වන අතර එම අගය ප්‍රතිශතාත්මකව 12% ක් වේ. 2020 වර්ෂයේ මධ්‍යම පළාතේ අලෙවි ආදායම රුපියල් 3,668,000 වන අතර ප්‍රතිශතාත්මකව 7්‍% ක් වේ. එය සිව්වනුවට වැඩිම ආදායමක් උත්පාදනය කර ඇති පළාත වේ. (ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු සංවර්ධන අමාත්‍යංශය, 2020). මෙසේ නිෂ්පාදනය වන පේෂ කර්මාන්ත නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් පවතින අතර 2014 වර්ෂයේ දී අපනයනය කරන ලද අත්යන්ත්‍ර රෙදිපිළිවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1.08 ක් විය. එසේම 2019 වර්ෂයේ දී අපනයනය ඉලක්ක කරගත් බතික්, අත්යන්ත්‍ර නිෂ්පාදන සහ ඇඟලුම් කර්මාන්ත විසින් ඩොලර් මිලියන 5.6 ක අපනයන ආදායමක් උපයාගනු ලබන අතර එය 2020 වර්ෂය වන විට ඩොලර් බිලියන 4.4 කි. එනම් ඩොලර් බිලියන 1.2 ක පාඩුවකට මුහුණපෑමට සිදු වූ අතර එයට හේතුව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කාර්මික අංශයේ බිඳවැටිමක් ඇති වූ බැවිනි (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, 2015).en_US
dc.identifier.citationතන්තිරිගෙ ප්‍රසාදිනි (2021), පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නියැලෙන්නන්ගේ මාසික අලෙවි ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්), 7th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 91-95en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26383
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.titleපේෂ කර්මාන්ත නිෂ්පාදනවල නියැලෙන්නන්ගේ මාසික අලෙවි ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2021 16.pdf
Size:
659.56 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections