තොරතුරු ගවේෂණය සඳහා විශ්වවිද්‍යාල පුස්තකාල තුළ භාවිත කරනු ලබන තොරතුරු ගවේෂණ උපක්‍රම පිළිබද විද්‍යාර්ථින්ගේ දැනුවත්භාවය පිළිබද අධ්‍යනයක් (කැළණිය විශ්වවිද්‍යාල පුස්තකාලය ඇසුරින්)

dc.contributor.authorIndrachapa, W.R.N.
dc.date.accessioned2021-05-20T10:53:24Z
dc.date.available2021-05-20T10:53:24Z
dc.date.issued2020
dc.description.abstractතාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වනවිට තොරතුරු බිහිවීමේ සීඝ්‍රතාවය වර්ධනය වී ඇත. මේ හේතුවෙන් විවිධ විෂය ක්ෂේත්‍රයකට අදාළව විවිධාකාර තොරතුරු බිහිවන අතර තොරතුරු බහුලතායක් ඇති වී තොරතුරු පුපුරායාමකට ලක් වේ . මෙලෙස තොරතුරු බහුලතාවය නිසාවෙන් තමාට අවශ්‍ය නිවැරදි තොරතුරු නිවැරදි ආකාරයෙන් ලබා ගැනීමට බොහෝ දෙනා උත්සහ කරනු ලබයි. ඒ අතරින් විශේෂිත කණ්ඩායමක් ලෙස විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දැක්විය හැකිය . එම නිසා වර්තමානයේ විශ්වවිද්‍යාල පුස්තකාලයන් තුළ විද්‍යාර්ථීන්ට නිවැරදි තොරතුරු ගවේෂණය සදහා විවිධ ගවේෂණ උපක්‍රම හදුන්වා දී ඇත . මෙම තොරතුරු ගවේෂණ උපක්‍රම හරහා තොරතුරු අවශ්‍ය වේලාවට , නිවැරදි ආකාරයෙන් ලබා ගැනීමට හැකියාව ලැබේ . මෙලෙස විවිධාකාර වූ ගවේෂණ ක්‍රමවේදයන් විශ්වවිද්‍යාල පුස්තකාලයන් තුළ පැවතියද ඒ පිළිබද විද්‍යාර්ථීන් තුළ පවතින දැනුවත්භාවය මදගතියක් පැවතීම මෙම පර්යේෂණයට පාදක වූ ගැටලුවයි. මෙම අධ්‍යනයේ මූලික අරමූණු වන්නේ , විශ්වවිද්‍යාල පුස්තකාලයන් තුළ තොරතුරු ගවේෂණයට භාවිතා කරනු ලබන ගවේෂණ උපක්‍රම හදුනාගැනීම , ගවේෂණ ක්‍රම භාවිතයෙන් විද්‍යාර්ථීන්ට තොරතුරු දැනගැනීමට ඇති හැකියාව අධ්‍යනය කිරීම හා ගවේෂණ ක්‍රමවේදයන් පිළිබඳ ඔවුන්ගේ පවතින දැනුවත්භාවය හදුනා ගැනීමයි . මෙහිදී දත්ත රැස් කිරීම සදහා ප්‍රථමික හා ද්විතීයික මූලාශ්‍ර භාවිතා කළ අතර ප්‍රථමික මූලාශ්‍රයන් ලෙස නිරීක්ෂණය හා ප්‍රශ්නාවලීන් ද ද්විතීයික මූලාශ්‍රයන් ලෙස පොත්පත් හා වාරසඟරාද භාවිතා කරන්නට විය . මෙම අධ්‍යනය සිදුකරනු ලැබූයේ සමීක්ෂණ පර්යේෂණ ක්‍රමය යටතේ ප්‍රමාණාත්මක පරේය්ෂණ ක්‍රමවේදය මිශ්‍රිතව භාවිතා කර ගනිමිනි. එමෙන්ම සංගහණය වශයෙන් කැළණිය විශ්වවිද්‍යාල පුස්තකාලය භාවිතා කරනු ලබන සියලුම විද්‍යාර්ථීන් තෝරාගනු ලැබූ අතර නියැදිය තේරීමේදී අහඹු නියැදීමේ ක්‍රමට යටතේ විද්‍යාර්ථියින් 200 දෙනෙකු තෝරාගනු ලැබීය . මෙහිදී දත්ත විශ්ලේෂණය සදහා ෑඞක්‍ෑඛ මෘදුකාංගය භාවිතා කරනු ලැබීය . මෙම පර්යේෂණයේ ප්‍රතිඵල වශයෙන් පුස්තකාලයන් තුළ විවිධාකාර තොරතුරු ගවේෂණ උපක්‍රම භාවිතා කළද එකිනෙක විද්‍යාර්ථීන් තුළ ඒ පිළිබද පවතින දැනුවත්භාවය දුර්වල මට්ටමක පවතින බව හා පුස්තකාලය තුළ භාවිත කරනු ලබන ගවේෂණ ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවන බව අනාවරණ කරගත හැකි විය.en_US
dc.identifier.citationIndrachapa, W.R.N. ( 2020). තොරතුරු ගවේෂණය සඳහා විශ්වවිද්‍යාල පුස්තකාල තුළ භාවිත කරනු ලබන තොරතුරු ගවේෂණ උපක්‍රම පිළිබද විද්‍යාර්ථින්ගේ දැනුවත්භාවය පිළිබද අධ්‍යනයක් (කැළණිය විශ්වවිද්‍යාල පුස්තකාලය ඇසුරින්). In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.39.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22396
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectතොරතුරු තාක්ෂණය , තොරතුරු ගවේෂණය , ගවේෂණ ශිල්ප ක්‍රම , සෙවුම් වර්ග , විශ්වවිද්‍යාලයen_US
dc.titleතොරතුරු ගවේෂණය සඳහා විශ්වවිද්‍යාල පුස්තකාල තුළ භාවිත කරනු ලබන තොරතුරු ගවේෂණ උපක්‍රම පිළිබද විද්‍යාර්ථින්ගේ දැනුවත්භාවය පිළිබද අධ්‍යනයක් (කැළණිය විශ්වවිද්‍යාල පුස්තකාලය ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2020 Abstract Volume 18.pdf
Size:
149.77 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections