ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බැදුණු ග්‍රාමීය ජීවනෝපාය
No Thumbnail Available
Date
2022
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
Abstract
මෙම ශාස්ත්‍රිය ලිපිය මඟින් අවධානය යොමු කරනු ලබන්නේ ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බැඳුණු ග්‍රාමීය ජීවනෝපාය පිළිබඳවයි. කන්නෙලිය වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පහත් බිම් නිවර්තන වැසි වනාන්තරයකි. සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයට සාපේක්ෂව කන්නෙලිය ශාක විවිධත්වයෙන් පොහොසත් ම වනාන්තරය ලෙස සැලකේ. ලංකා ප්ලයිවුඩ් සංස්ථාව (Ceylon Plywood Corporation) වර්ෂ 1968 සිට වර්ෂ 1988 දී දැව කැපීම අත්හිටුවන තෙක් මෙම සංකීර්ණයේ දැව කැපීමේ කටයුතුවල නිරත වී ඇත. නමුත් ස්වභාවික සම්පතක් වශයෙන් කන්නෙලිය වැසි වනාන්තරය ග්‍රාමීය ජීවනෝපාය තර කර ගැනීම සඳහා ගම්මුන් තවමත් උපයෝජනය කර ගනී. ඒ අනුව මෙහි පර්යේෂණ ගැටළුව ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හා බැඳුණු ග්‍රාමීය ජීවනෝපායන් මොනවාද යන්න හැඳින්විය හැකි ය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ ග්‍රාමීය ජීවනෝපායන් හඳුනාගැනීම වේ. පර්යේෂණ ගැටළුවට අදාළව ප්‍රාථමික හා ද්විතියික දත්ත අධ්‍යනය තුළ රැස්කර ඇති අතර ලබාගන්නා ලද ගුණාත්මක දත්ත තේමා විශ්ලේෂණය ඇසුරින් විශ්ලේෂණය කර ඇත. අධ්‍යයනය තුළ ලබාගන්නා ලද ප්‍රාථමික දත්ත උද්ගාමී තර්කන ප්‍රවේශය යටතේ මිශ්‍ර ක්‍රමවේදය භාවිතා කරමින් විශ්ලේෂණය කර ඇති අතර එහි ප්‍රතිඵල වගු හා ප්‍රස්ථාර මඟින් ඉදිරිපත් කර ඇත. ප්‍රතිඵල හා සාකච්ඡාව තුළ කන්නෙලිය වැසි වනාන්තරයට ප්‍රතිවිරුද්ධ පැති දෙකක පිහිටා තිබෙන නාකියාදෙණිය හා දෙදියගල ගම්මාන අවට ගම්වාසීන්ගේ මානව හා කෘෂි ආර්ථික කටයුතු වනාන්තරය සමඟ දක්වන අන්තර් සම්බන්ධතාවයන් විශ්ලේෂණය කර විග්‍රහ කර ඇති අතර පර්යේෂණය තුළ හේන් ගොවිතැන, වී වගාව, වන ද්‍රව්‍ය රැස්කිරීම හා කිතුල් කර්මාන්තය, රබර් කිරි කැපීම, කුරුඳු කැපීම, ගම්මිරිස් වගාව, තේ ගස් සිටුවීම, කන්නෙලිය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සහ සංචාරක මාර්ගෝපදේශ රැකියාව ග්‍රාමීය ජීවනෝපායන් වශයෙන් හදුනාගෙන ඇත.
Description
Keywords
ස්වභාවික ප්‍රාග්ධනය, කන්නෙලිය වැසි වනාන්තරය, ග්‍රාමීය ජීවනෝපායන්, ප්‍රාථමික ආර්ථික කටයුතු
Citation
මිහිරිණි එච්.එල්.අයි. (2022), ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බැදුණු ග්‍රාමීය ජීවනෝපාය, Yugathara Volume 4, Center for Heritage Studies, University of Kelaniya Sri Lanka. 14.