ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක

dc.contributor.authorදිසානායක, ඩී. එම්. ඒ. එම්.
dc.date.accessioned2023-02-22T05:38:14Z
dc.date.available2023-02-22T05:38:14Z
dc.date.issued2021
dc.description.abstractවර්තමානය වන විට අන්තර්ජාලය යනු පෞද්ගලික ක්ෂේත්‍රයේ මෙන්ම රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයකි. ආරම්භයේ සිට වර්තමානය දක්වාම ගෝලීය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වූ අන්තර්ජාල භාවිතය පුද්ගල දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇත. තොරතුරු සෙවීම, විනෝදාස්වාදය උදෙසා, සමාජ ජාලා භාවිතය, මාර්ගගත බැංකුකරණය, මාර්ගගත සාප්පු සවාරි සහ මාර්ගගත අධ්‍යාපනය යන කාර්යයන් උදෙසා අන්තර්ජාලය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ ආරම්භයේ සිට වර්තමානය දක්වා ම ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන මෙම අන්තර්ජාල භාවිතය ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. අන්තර්ජාල භාවිතය ඉහළ යාමත් සමග අන්තර්ජාල සේවා සපයනු ලබන සන්නාමකරුවන් විසින් පාරිභෝගික ප්‍රජාව උදෙසා ජංගම අන්තර්ජාල පැකේජ හඳුන්වා දෙන ලදී. ඒ තුළින් සාධාරණ මිලක් යටතේ තම අන්තර්ජාල අවශ්‍යතාවය තෘප්තිමත් ආකාරයෙන් ඉටුකරවා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ විය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඒ අතර කාර්යක්ෂම භාවිතයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව මෙම අධ්‍යයනයේ සංගහනය ලෙස ශ්‍රී ලංකාවේ සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් හඳුනාගන්නා ලදී. නියැදිය තෝරා ගැනීම සම්භාවිතා නියදුම් ක්‍රමය යටතේ ස්තෘත සසම්භාවී නියැදීම මගින් නියැදි ඒකක 100 තෝරා ගන්නා ලදී. අධ්‍යයනයට අදාළ තොරතුරු රැස්කිරීම ප්‍රශ්නාවලි ක්‍රමවේදය යටතේ සිදු කරනු ලද අතර අධ්‍යයන අරමුණට අදාළ ව පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක හඳුනාගැනීම සඳහා සාධක විශ්ලේෂණය යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය තුළින් ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීම සඳහා බලපානු ලබන සාධක තුනක් හඳුනා ගන්නා ලදී. එනම් ජංගම අන්තර්ජාල පැකේජය පිළිබඳ බාහිර සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ විස්තරාත්මක සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ තාක්ෂණික සාධක යනාදී වශයෙන් හඳුනාගන්නා ලදී.en_US
dc.identifier.citationදිසානායක ඩී. එම්. ඒ. එම්. (2021), ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක, Journal of Social Statistics, Volume 08, Issue 02, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka, Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 15-28.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26008
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.subjectසියදිවි නසා ගැනීම, ප්‍රජාවිද්‍යාත්මක සාධක, පුමිතිරිභාවය, වයස් මට්ටම, අධ්‍යාපන මට්ටමen_US
dc.titleජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධකen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
JSS Vol8 Issue 2 02.pdf
Size:
337.76 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections