ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්තියෙහි පවතින නව ප්‍රවණතාවන්

Thumbnail Image

Date

2020

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka

Abstract

මානව සමාජයේ අතීතයේ සිටම මිනිසුන් විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වී තිබේ. මෙම සංක්‍රමණ තාවකාලික හෝ ස්ථිර සංක්‍රමණ ලෙස වර්ගකර දැකවිිය හැකිය. ඔවුහු මෙම සංක්‍රමණ කිසියම් ස්වභාවික සංසිද්ධියක් හේතුවෙන් හෝ එසේත් නොමැති නම් තමාගේ භෞතික හා සමාජ තත්ත්වය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් සිදුකරති. ඒ අනුව විදේශසේවා නියුක්තිය යනුවෙන් ගම්‍ය වන්නේ මිනිසුන් තමාගේ භෞතික හා සමාජ තත්ත්වය උසස් කර ගැනීමේ අරමුණින් තාවකාලික විදේශ රටකට ගමන් කිරීම ලෙස දැක්විය හැකිය. මෙම අධ්‍යයනය මඟින් වර්ථමානය වන විට විදේශසේවා නියුක්තිකයන්ගේ සංක්‍රමණ වල පවතින ස්වභාවය අධ්‍යයනය කර තිබේ. ඒ අනුව විදේශගතවන ශ්‍රමිකයන් වැඩි වශයෙන යොමුවන රැකියා ක්ෂේත්‍රය හඳුනා ගැනීම, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් ගමන් කරන රට හෝ රටවල් හඳුනා ගැනීම, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් රටේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අධ්‍යයනය කිරීම යන අරමුණු ත්‍රිත්වය ඔස්සේ අධ්‍යයනය කිරීම සිදුකර තිබේ. මේ සඳහා ද්වීතීක දත්ත මූලාශ්‍ර භාවිතා කර ඇති අතර එම දත්ත පරිගණක මෘදුකාංග මඟින් ප්‍රස්ථාර සටහන් ආශ්‍රයෙන් විශ්ලේෂණය කර තිබේ මෙම අධ්‍යනයෙ නිගමන වශයෙන්, වෘතීය ශ්‍රමිකයින් මෙන්ම පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයින් විදේශසේවා සඳහා යොමු වීමේ ඉහළ ප්‍රවනතාවක් පැවතිමත්, ගෘහ සේවිකාවන් ඇතුලත්ව සමස්ථ කාන්තා නියෝජනය රැකියා සඳහා විදේශගත වීමේ අඩු ප්‍රවනතාවන් පවතින බවත් නිරීක්ෂණය කළ හැකිය. එසේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රධාන ගමනාන්ත රටවල් ලෙස මැදපෙරදිග රටවල්, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව හා ජපානය බව නිගමනය කළ හැකි අතර විදේශ සේවා නියුන්තිනයින්ගේ ප්‍රේෂණ දේශීය ආර්ථිනයට විදේශවිනිමය ලබා දෙන ප්‍රධාන මාර්ගයක් වන බවත් නිගමනය කළ හැකිය.

Description

Keywords

සංක්‍රමණය, විදේශසේවා නියුක්තිය, විදේශ විනිමය, ගෘහ සේවය, ශ්‍රම ඉල්ලුම

Citation

Tharindi, D.D., Thanthirige, P., Dilrangi, W.D., Kumara, K.M.S.P. and Athukorala, P.A.H.L. ( 2020). ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්තියෙහි පවතින නව ප්‍රවණතාවන්. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.30.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By