කුඩා ව්‍යාපාර සඳහා මූල්‍ය සම්පාදනය
Date
2020
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka
Abstract
කුඩා ව්‍යාපාර ආර්ථිකයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇති අතර අපනයන ප්‍රවර්ධනය, ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම, දේශීය ආර්ථික වෘද්ධිය ඉහළ නැංවීම සහ රැකියා උත්පාදනය සඳහා සුවිසාල දායකත්වයක් ලබා දෙයි. ගෝලීයකරණය හා පෞද්ගලීකරණය සමඟ ලොව සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ද කුඩා ව්‍යාපාර වර්ධනය උදෙසා විශේෂ අවධානයක් යොමු කර ඇත. ආර්ථිකයේ දැඩි තරඟකාරීත්වය මත කුඩා ව්‍යාපාර දුෂ්කරතාවයන් රැසකට මුහුණ දෙන අතර ප්‍රාග්ධන හිගකම, ශ්‍රම හිගකම, ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක කිරීමෙදී තාක්ෂණික පහසුකම් අවම වීම ඒ අතර ප්‍රධාන වේ. මේ අතුරින් ව්‍යාපාරයේ පැවැත්ම සඳහා සෘජුවම බලපාන අභියෝගයක් ලෙස ප්‍රාග්ධන සම්පාදනයේදී ඇතිවන ගැටලු දැක්විය හැකිය. කුඩා ව්‍යාපාර ප්‍රාග්ධන අවශ්‍යතාවලදී අභ්‍යන්තර හා බාහිර වශයෙන් විවිධ මූල්‍ය සම්පාදන ක්‍රම අනුගමනය කරන අතර බාහිර ප්‍රාග්ධන මූලාශ්‍ර භාවිතයේදී වැඩි වශයෙන් අවිධිමත් ණය ක්‍රමවේද වෙත යොමු වීමේ තත්ත්වයක් පවතී. කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා වාණිජ බැංකු හරහා ණය වැඩසටහන් ක්‍රියාත්මක වුවද මූල්‍ය සම්පාදන කටයුතුවලදී වාණිජ බැංකු කෙරෙහි කුඩා ව්‍යාවසායකයින් යොමු නොවීම සඳහා කුමන ආකාරයේ සාධකයන්හි බලපෑමක් පවතී ද යන්න අධ්‍යයනය මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වේ. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ව්‍යාපාර පනහක් සරල සසම්භාවී නියදුම් ක්‍රමය යටතේ නියදිය ලෙස තෝරා ගන්නා ලදී. පර්යේෂණ සීමා ලෙස සේවා සපයන කුඩා ව්‍යාපාර පමණක් සහ විධිමත් මූල්‍ය සම්පාදන ක්‍රම වේද යටතේ වාණිජ බැංකු ණය පිළිබඳ පමණක් අධ්‍යයනය සඳහා යොදා ගන්නා ලදී. ප්‍රාථමික දත්ත සහ ද්විතියික දත්ත යොදා ගත් අතර ප්‍රශ්නාවලියක් මඟින් ප්‍රාථමික දත්ත රැස් කරගන්නා ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිත කර අතර විශ්ලේෂණාත්මක මෙවලම් SPSS හා Excel මෘදුකාංග යොදා ගැනිණි. බැංකු ණය සඳහා ඉහළ පොළියක් ගෙවීමට සිදුවීම, දැඩි ඇපකර කොන්දේසි මත අවශ්‍ය ඇපසුරැකුම් ඉදිරිපත් කිරීමේ අපහසුතාවය, බැංකු ණය වැඩසටහන් පිළිබඳ දැනුවත්භාවය අඩු බව, බැංකු ණය ලබා ගැනීමේ දී හුවමාරු පිරිවැය ඉහළ යාම , රජය මඟින් වාණිජ බැංකු හරහා ව්‍යාපාර ණය ලබා දීමේදී දේශපාලන මැදිහත්වීම් සිදු වීම යන සාධක හේතුවෙන් කුඩා ව්‍යවසායකයින් මූල්‍ය අවශ්‍යතාවලදී වාණිජ බැංකු ණය සඳහා යොමු නොවන බවත් බැංකු ණය ලබා ගැනීම සම්බන්ධව කුඩා ව්‍යවසායකයින්ට ප්‍රමාණවත් ඉඩ ප්‍රස්ථා පුළුල් නොවීම මත ඔවුන් අවිධිමත් ණය මූලාශ්‍ර වෙත යොමු වීම සිදුවන බවත් නිගමනය කළ හැකිය. බැංකු විසින් කුඩා ව්‍යවසායකයින්ට ණය ලබා දීමේදී අනුගමනය කරනු ලබන සංකීර්ණ රෙගුලාසිවල නම්‍යශීලී බව වැඩි කිරීම තුළින් විධිමත් මූල්‍ය ප්‍රවේශයක් ලබා ගැනීමට ඇති හැකියාව පුළුල් වන අතර රාජ්‍ය මැදිහත්වීම මත ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම, ඇප ආවරණ යෝජනා ක්‍රම විධිමත් සහ සර්ව සාධාරණව ක්‍රියාත්මක කිරීම මඟින් කුඩා ව්‍යවසායකයින් මුහුණ දෙනු ලබන ප්‍රාග්ධන අර්බුදය විසඳා ගැනීමෙහිලා සුවිසාල දායකත්වයක් ලැබෙනු ඇත.
Description
Keywords
කුඩා ව්‍යාපාර , මූල්‍ය සම්පාදනය , වාණිජ බැංකු ණය
Citation
Shreemali, W.P.S. ( 2020). කුඩා ව්‍යාපාර සඳහා මූල්‍ය සම්පාදනය. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.34.