ඉන්දියානු සාගර කලාපය තුළ චීනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorPrasanthika, R.G.A.
dc.date.accessioned2021-05-20T11:03:40Z
dc.date.available2021-05-20T11:03:40Z
dc.date.issued2020
dc.description.abstractලෝක දේශපාලනය තුළ ජාත්‍යන්තර සබඳතා, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, ආගමික යන විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ සලකා බැලීමේදී මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස ඉන්දියානු සාගර කලාපය හඳුනාගත හැකිය. ඉන්දියානු සාගර කලාපය දකුණු ආසියාවට පමණක් නොව මුහුදු මාර්ග හරහා පෙරදිග හා අපරදිග සම්බන්ධ කරනු ලබන උපාය මාර්ගික වශයෙන් වැදගත් කලාපයක් වශයෙන්ද හඳුනාගත හැකිය. විවිධත්වයෙන් යුතු රාජ්‍ය ගණනාවක් ඉන්දීය සාගර කලාපයට අයත් වන අතර ගෝලීය වෙළඳාමේදී වැඩි ආර්ථික ශක්‍යතාවයක් ද ඉන්දියානු සාගර කලාපයට හිමිවේ. එනම් ලෝක වෙළදාමෙන් විශාල ප්‍රමාණයක් ඉන්දීය සාගරය හරහා සිදු වීමයි. එමෙන්ම උපාය මාර්ගික වටිනාකමක් ඉන්දියානු සාගර කලාපය සම්බන්ධයෙන් පැවතීම හේතු කොට ගෙන ආසියාවේ නැගී එන රාජ්‍යයක් ලෙස, චීනයේ වැඩි අවධානයට ලක් වී ඇත. ඉන්දියානු සාගර කලාපය තුළ චීනය විසින් බල ආධිපත්‍ය ව්‍යාප්ත කර ගැනීමේ ක්‍රියාවලිය හරහා ඉන්දියානු සාගර කලාපයේ කුඩා රාජ්‍යයන්ට හා ඉන්දියාවට එය අභියෝගයක් මෙන්ම තර්ජනයක් වන ආකාරය විමර්ශනය කිරීම මෙම පර්යේෂණයේ ගැටලුව වේ. පර්යේෂණයේ අරමුණු ලෙස, චීනයේ ක්‍රියාකාරිත්වය නිසා ඉන්දියන් සාගර කලාපය තුළ පවතින කුඩා රාජ්‍යයන්ගේ පැවැත්ම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබීම අධ්‍යයනය කිරීමත්, දකුණු ආසියානු බලවතා ලෙස ඒ සම්බන්ධව ඉන්දීය මැදිහත්වීම කෙසේද යන කරුණු අරමුණු කර ගනී. පර්යේෂණ දත්ත සපයා ගැනිම ද්විතියික මූලාශ්‍ර මත පදනම්ව විස්තරාත්මක ක්‍රමවේදය භාවිතා කරමින් ඉදිරිපත් කර ඇත. පර්යේෂණය තුළින් සනාථ වූයේ, ඉන්දියන් සාගර කලාපය තුළ චීනය තම බලය ව්‍යාප්ත කර ගැනීමේ උත්සහයක නිරත වන බවත් එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියන් සාගරය හා සම්බන්ධ කුඩා රාජ්‍යයන් වෙත සංවර්ධන ආධාර සැපයීම හා ආයෝජන පවත්වා ගෙනයාම ආදී ක්‍රියාමාර්ග ඔස්සේ චීනය විසින් එම රාජ්‍ය භාවිතයට ගනු ලබන බවත්, ඉන්දියාව චීනයේ බලයට අභියෝගකාරී ලෙස තම බලය ඉන්දියන් සාගරය තුළ ව්‍යාප්ත කර ගැනීම සඳහා නියැලෙන බවත්ය. තවද, චීනය විසින් මුහුදු මාර්ග ඔස්සේ චීනයට වාසිදායක වූ ව්‍යාපාර සිදු කරන අතර මැදපෙරදිග සිට අප්‍රිකානු ප්‍රදේශයන්ට ව්‍යාපාර මෙහෙය වීමේදි චීනය ඉන්දියන් සාගර කලාපය බහුලව භාවිතා කොට ඇත. එම නිසා ඉන්දියානු සාගර කලාපය තුළ බලවත් ඉන්දියාව, ප්‍රබල අභියෝගයකට මෙන්ම තර්ජනයකට මුහුණ දී ඇත. එමෙන්ම ඉන්දියන් සාගරය හා බද්ධ කුඩා රාජ්‍යයන්ගේ බලවත් වරායන් චීනය සූක්ෂමව නතු කර ගැනිම ද දක්නට ලැබේ. එය චීනය විසින් මුතු ඇමිණීමක් සිදු කිරිම වශයෙන් හඳුන්වනු ලැබේ.en_US
dc.identifier.citationPrasanthika, R.G.A. (2020). ඉන්දියානු සාගර කලාපය තුළ චීනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.47.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22404
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectඉන්දියානු සාගර කලාපය, චීනය, ඉන්දියාව, කුඩා රාජ්‍යයන්, ක්‍රියාකාරිත්වයen_US
dc.titleඉන්දියානු සාගර කලාපය තුළ චීනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2020 Abstract Volume 26.pdf
Size:
152.47 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections