ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය වර්ධනය වීම සහ ආර්ථිකයට ඇති කරනු ලබන බලපෑම
Date
2020
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka
Abstract
රටක වැදගත්ම සම්පත මානව සම්පතයි. ඕනෑම රටක හෝ සමාජයක වයස්ගත ජන සංඛ්‍යාව වර්ධනය වීම, එම රටේ සමාජ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත්තද එම වයස්ගත ජනගහනයේ වර්ධනය ඒ ඒ සමාජයට වාසිදායක මෙන්ම අවාසිදායක විය හැකිය. රටක ජනගහනය වියපත් වීම යනු ජන සංඛ්‍යාවෙහි වයස්ගතවූවන්ගේ ප්‍රතිශතය මුළු ජන සංඛ්‍යාවට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යාමයි. රටක ආර්ථික වර්ධනය රඳා පවතින්නේ සියලුම වයස් මට්ටම්වල ජනගහනයෙහි ප්‍රමාණය මතයි. නමුත් වර්තමානය වන විට රටේ වයස්ගතවූවන්ගේ ප්‍රතිශතය මුළු ජන සංඛ්‍යාවට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබේ. මෙම අධ්‍යයනයෙහි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය වර්ධනය වීම හා ආර්ථිකයට ඇති කරනු ලබන බලපෑම අධ්‍යයනය කිරීමයි. 1964 දී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 5.9% ක් විය. 1981-2011 කාල පරිච්ඡේදය තුළ වියපත් ජනගහනය දෙගුණයක් විය. එමෙන්ම 2041 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 27.8% ක් වන බව පුරෝකථනය කර ඇත සංවර්ධනය වෙමින් පවතින රටවල වියපත් ජනගහනයෙහි ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධක වන්නේ ප්‍රබල සෞඛ්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් ආයු අපේක්ෂාව වර්ධනය වීම නිසා මර්ත්‍යතාවය පහළ බැසීම, පවුල් සැලසුම් ක්‍රම වර්ධනය වීම හේතුවෙන් සඵලතාවය පහළ බැසීම හා සංක්‍රමණයි. මෙම අධ්‍යයනය ද්විතික දත්ත උපයෝගි කරගනිමින් සිදුකර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා මඟින් ලබා ගත් කාලශ්‍රේණි දත්ත මේ සඳහා උපයෝගී කොටගෙන ඇත. දත්ත විශ්ලේෂණයෙන් පසු එළඹිය හැකි නිගමනය වන්නේ ලංකාවේ වයස්ගත ජනගහන වර්ධනය දළ දේශීය නිශ්පාදනය කෙරෙහි ඝෘණාත්මකව බලපෑම් එල්ල කරන බවයි. එමෙන්ම ජනගහනය වියපත් වීම නිසා ශ්‍රම බලකා සහභාගිත්වය අඩු වීම, යැපුම් අනුපාතය වැඩි වීම, ඵලදායිතාවය අඩුවීම, ඉතුරුම් අනුපාතය අඩු වීම හා සමාජ සුබසාධනය සඳහා රජයේ වියදම වැඩි වීම වැනි බරපතල ආර්ථික ගැටලු රට තුළ වර්ධනය වේ. එමෙන්ම මෙම ආර්ථික බලපෑම අවම කිරීම සඳහා නිපුණතා වැඩි දියුණු කිරීම මඟින් වයස්ගත ජනගහනය ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදවීම, වයස්ගත වූවන් රැක බලා ගැනීමේ අංශයෙහි නිපුණතා වැඩි දිය ුණු කිරීම හා විශ්‍රාම සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ග යෝජනා කළ හැකිය.
Description
Keywords
ආර්ථික බලපෑම, වියපත් ජනගහන වර්ධනය, ශ්‍රී ලංකාව
Citation
Sewwandi, H.L.A.M. ( 2020). ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය වර්ධනය වීම සහ ආර්ථිකයට ඇති කරනු ලබන බලපෑම. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.28.