ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල / විද්‍යායතන තෝරා ගැනීමට බලපාන සාධක

dc.contributor.authorHashani, B.C.G.
dc.date.accessioned2021-05-20T11:30:43Z
dc.date.available2021-05-20T11:30:43Z
dc.date.issued2020
dc.description.abstractශ්‍රී ලංකාවේ වර්තමානය වන විට උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය වී තිබේ. ඒ අනුව වත්මන් තරුණ පරපුර උසස් අධ්‍යාපනය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් බොහෝ පිරිසක් ඒ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලරැවිද්‍යායතන තෝරා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බව හඳුනාගත හැකිය. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන තෝරා ගැනීමට බලපාන සාධක හඳුනාගැනීමයි. හිම බෝල නියදිය යොදාගෙන දකුණු පළාතේ තරුණ ප්‍රජාව 50 දෙනෙක් නියදිය ලෙස ගනු ලැබීය. ප්‍රශ්නාවලි ක්‍රමය මඟින් දත්ත රැස්කර විස්තරාත්මක සංඛ්‍යානය භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කිරීමට SPSS හා Excel මෘදුකාංග භාවිත කර ඇත. දත්ත විශ්ලේෂණයේ ප්‍රතිඵලවලට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන තෝරාගැනීමට හේතු වන ප්‍රධාන සාධකය ලෙස අ.පො.ස උසස් පෙළ විභාගයේ පවතින අධික තරගකාරීත්වය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තේරීමට ’ අගය ප්‍රමාණවත් නොවීම බව අනාවරණය විය. එමෙන් ම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තේරීපත් වූ අය ද ප්‍රතිඵල පැමිණ වසරක් යනතුරු බඳවා ගැනීම් සිදු නොකිරීම,නවක වදය,කැමති විශ්වවිද්‍යාලය නොලැබීම,කැමති පාඨමාලාවට නොතේරීම,උපාධිය අවසන් කිරීමට දීර්ඝ කාලයක් ගතවීම,වසරක තුනක කාලයකින් විශේෂ උපාධියක් ලබා ගැනීමට හැකි වීම යන සාධක මෙම තෝරා ගැනීමට හේතු වී ඇති බව අනාවරණය විය. එමෙන් ම අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පැමිණීමට පෙර අපේක්ෂිත ප්‍රතිඵල මත උපාධිය ආරම්භ කිරීමට අවස්ථාව සලසා තිබීම,ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධි පාඨමාලාවන් මෙරට දී හැදෑරීමට හැකිවීම, පූර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් තමන්ට රුචි පරිදි උපාධිය හැදෑරීමට හැකිවීම,රැකියා වෙළදපොළට උචිත ප්‍රමිතිගත උපාධි හා පෞද්ගලික ආයතන අතර පවතින පුළුල් සබදතාවය නිසා රැකියාවලට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබීම යන හේතු ද බලපා ඇති බව අනාවරණය විය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීමේ දී එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත වීම පිළිබඳව ද අවධානය යොමු කරන බව අධ්‍යයනයෙන් තහවුරු විය. තවද පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන අනුගමනය කරනු ලබන මහජන සම්බන්ධතා ක්‍රමෝපායන් හා වඩාත් තෘප්තිමත් සේවයක් සැපයීම සිසුන් පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන තෝරා ගැනීමට අදාළ තීරණාත්මක කාර්යයභාරයක් ඉටු කරන බව අධ්‍යයනයෙන් තහවුරු විය.en_US
dc.identifier.citationHashani, B.C.G. (2020). ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල / විද්‍යායතන තෝරා ගැනීමට බලපාන සාධක . In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.59.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22416
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන, මහජන සම්බන්ධතාවen_US
dc.titleශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල / විද්‍යායතන තෝරා ගැනීමට බලපාන සාධකen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2020 Abstract Volume 36.pdf
Size:
153.07 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections