නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක (ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇසුරින්)

dc.contributor.authorදිසානායක, ඩී. එම්. ඒ. එස්.
dc.date.accessioned2023-02-22T05:39:35Z
dc.date.available2023-02-22T05:39:35Z
dc.date.issued2021
dc.description.abstractවර්තමාන ලෝකයේ වැඩිවන ජන සංඛ්‍යාවත් නාගරීකරණයත් හේතුවෙන් නිවුන් දරුවන්ගේ ව්‍යාප්තිය වැඩි වී ඇති බව හඳුනාගත හැකිය. සාමාන්‍ය දරුවන්ට සාපේක්ෂව නිවුන් දරුවන්ගේ සුවිශේෂී ලක්ෂණ දැකගත හැකි අතර ඒ සඳහා සාධක ගණනාවක් බලපානු ලබන බව හඳුනාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන විද්‍යාර්ථීන් අධ්‍යයන ප්‍රදේශය කොට ගනිමින් පර්යේෂණයේ අරමුණ වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනාගනු ලබයි. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත යොදා ගන්නා ලද අතර අධ්‍යයන ප්‍රදේශය තුළින් සම්භාවිතා නියැදුම් ක්‍රමය යටතේ ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය මඟින් නියැදිය සඳහා ඒකක තෝරා ගන්නා ලදී. මෙම පර්යේෂණය සඳහා නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන් වශයෙන් නියැදි දෙකක් සඳහා ඒකක 100 බැගින් තෝරාගන්නා ලදී. අධ්‍යයන අරමුණට අදාළව ප්‍රශ්නාවලි ක්‍රමය යටතේ දත්ත රුස් කර ගන්නා ලදී. සාධක විශ්ලේෂණය යොදා ගනිමින් නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනා ගන්නා ලද අතර එහිදී නිවුන් සහෝදර සහෝදරියන් සඳහා බාහිර සාධක, ඉගෙනුම් සාධක සහ සමාජීය සාධක වශයෙන් සාධක තුනක් බලපානු ලබන බවත් නිවුන් නොවන සහෝදර සහෝදරියන් සඳහා බාහිර සාධක, ඉගෙනුම් සාධක, සමාජීය සාධක සහ මානසික සාධක වශයෙන් සාධක 4 ක් බලපානු ලබන බව හඳුනාගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක් මෙමඟින් සිදු කර ඇත.en_US
dc.identifier.citationදිසානායක ඩී. එම්. ඒ. එස්. (2021), නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක (ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇසුරින්), Journal of Social Statistics, Volume 08, Issue 02, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka, Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 29-39.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26010
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.subjectඅධ්‍යාපනය, නිවුන් සහෝදර සහෝදරියන්, නිවුන් නොවන සහෝදර සහෝදරියන්, රාජ්‍ය විශ්වවිද්‍යාල, සාධකen_US
dc.titleනිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක (ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
JSS Vol8 Issue 2 04.pdf
Size:
280.08 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections