මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)

dc.contributor.authorබණ්ඩාර, එම්.ජී.යූ.එස්.
dc.date.accessioned2023-06-13T04:47:34Z
dc.date.available2023-06-13T04:47:34Z
dc.date.issued2021
dc.description.abstractවර්තමානය වනවිට විද්යුත් තාක්ෂණික ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදුවන අඛණ්ඩ වර්ධනය සහ අන්තර්ජාල සේවාව හා නව තාක්ෂණය භාවිතයට මිනිසා යොමුවීමේ ප්‍රවණතාව ඉහළයාම යන කරුණු හේතු කර ගෙන සම්ප්‍රදායික ව්‍යාපාරික ක්ෂේත්‍රය නව දිශානතියක් වෙත යොමුව ඇති බව හඳුනාගත හැකිය (Goyal, Sergi & Esposito, 2019). Sarkar සහ Das (2016) විසින් දක්වන පරිදි මෙම පසුබිම තුළ අන්තර්ජාලය මූලික කරගෙන නව ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් වානිජ්‍යය ක්ෂේත්‍රය ගොඩනැගී ඇති අතර (Turban, King, Lee, Liang සහ Turban (2015) විසින් විද්‍යුත් වානිජ්‍යය ක්ෂේත්‍රය, අන්තර්ජාලය ඇසුරු කරගෙන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා අලෙවිකරණය පහසු කිරීම සඳහා වේදිකාවක් සහිතව නිර්මාණය වූ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වාදී ඇත. Weghmare (2012) දක්වා ඇති ආකාරයට විද්‍යුත් වානිජ්‍ය ආශ්‍රිතව ප්‍රධාන ව්‍යාපාර ආකෘති තුනක්: B2C, B2B සහ B2G ලෙස හඳුනාගත හැකි අතර මෙම අධ්‍යයනය හරහා ප්‍රධාන වශයෙන් B2G ආකෘතිය ආශ්‍රිත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අවදානය යොමු කරයි. Visser සහ Nemoto (2002) විසින් B2C ආකෘතිය අන්තර්ජාලය හරහා ව්‍යාපාර සහ පාරිභෝගිකයා අතර සිදුවන ව්‍යාපාර ගණුදෙනු ලෙස හඳුන්වාදී ඇති අතර Rahman, Islam, Esha, Sultana සහ Chakravorty (2018) අදහස් දක්වා ඇති ආකාරයට අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන් විකුණුම්කරුගෙන් ඍජුවම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය, මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ලෙස දැක්විය හැකිය. පාරිභෝගිකයා ව්‍යාපාරයක පැවැත්ම සහ සාර්ථකත්වය සඳහා තීරණාත්මක සාධකයක් වේ. එමනිසා පරිභෝගිකයන් පිළිබඳ උපරිම අවධානයක් යොමු කිරීම සහ වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. පාරිභෝගිකයා භෞතික වෙළෙදසැල් ආශ්‍රිතව නිෂ්පාදන මිලදී ගැනීමේදී දක්වන හැසිරීම් රටාව හා සාපේක්ෂව සලකා බැලීමේදී, අන්තර්ජාල වෙළෙදසැල් ආශ්‍රිතව නිෂ්පාදන මිලදී ගැනීමේදී දක්වන හැසිරීම් රටාව තුළ වෙනස්කම් හඳුනාගත හැකිය. එම නිසා අන්තර්ජාල පරිසරය තුළ පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය සහ පාරිභෝගික හැසිරීමට බලපාන සාධක හඳුනාගැනීම වැදගත් වනබව දැක්විය හැකිය. ඒ අනුව මෙම පර්යේෂණය හරහා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳව අධ්‍යයනය සිදුකර ඇති අතර ඒ හරහා අන්තර්ජාලය ආශ්‍රිත පාරිභෝගික හැසිරීමට බලපාන සාධක හඳුනාගන්නා ලදී.en_US
dc.identifier.citationබණ්ඩාර එම්.ජී.යූ.එස්. (2021), මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්), 7th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 55-59en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26377
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.titleමාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2021 10.pdf
Size:
420.9 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections