සමාජ මාධ්‍ය හරහා අපරාධ වින්දිතයන් බවට පත්වීමට බලපාන හේතු අධ්‍යයනය: බස්නාහිර පළාත ඇසුරින්

dc.contributor.authorමධුෂානි, කේ. දිනිති ප්‍රදීපා
dc.date.accessioned2023-05-24T03:49:37Z
dc.date.available2023-05-24T03:49:37Z
dc.date.issued2022
dc.description.abstractඅන්තර්ජාල තාක්ෂණය සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය වේගවත් වූ අතර වර්තමානය වනවිට ලෝකයේ මෙන්ම ලංකාවේ ද සමාජ මාධ්‍ය හරහා අනවසරයෙන් ඇතුළු වීම, මාර්ගත තර්ජනය, ලුහුබැඳීම, වෛරස්වලට ගොදුරුවීම, වාණිජ පැතිකඩයන් හරහා මුදල් වංචා සිදුකිරීම හා ව්‍යාජ සබැඳි මිත්‍රත්වය වැනි අපරාධයන් රැසක් නිර්මාණය වී ඇත. තවද බස්නාහිර පළාත තුළින් 2019 වර්ෂයේ දී වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් වූ 368 දෙනෙකු සමාජ මාධ්‍ය අපරාධ ගොදුරු බවට පත්වී ඇති බව වාර්තා කර ඇත. එමනිසා මෙම අධ්‍යයන සංගහනය ලෙස බස්නාහිර පළාතේ අපරාධ ගොදුරු බවට පත්වූ පරිශීලකයන් 100 දෙනෙකු ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය මඟින් තෝරා ගන්නා ලද අතර අදාළ දත්ත රැස් කිරීම ප්‍රශ්නාවලි ක්‍රමවේදය යටතේ සිදු කරන ලදී. ඒ අනුව මෙම අධ්‍යයන විශ්ලේෂණය තුළින් පුරුෂ 51්‍රක් සමාජ මාධ්‍ය අපරාධවලට ගොදුරු වී ඇති බවත් එම පරිශීලකයන් අතරින් 50්‍රක්ම වයස අවුරුදු 25 - 30ත් වයස් කාණ්ඩයේ පසුවන බවත් හඳුනාගත හැකිය. තවද මෙම පරිශීලකයන් අතරින් 69්‍රක් අවිවාහක වූ අතර 32්‍රක් උපාධි අපේක්ෂකයන් ලෙස අනාවරණය විය. එසේම 35්‍රක ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ රැකියාවල නිරත විය. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වූ සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක විශ්ලේෂණයේදී “සාධක බලපෑම“, “ආර්ථික බලපෑම“ සහ “පරිශීලක හැසිරීමේ බලපෑම“ ලෙස ප්‍රධාන සාධක තුනක් යටතේ තෝරාගත් විචල්‍යයන් හඳුනාගත හැකිය. තවද සෙසු අරමුණක් වු අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන විචල්‍යයන් සහ ප්‍රජා විද්‍යාත්මක සාධක අතර සම්බන්ධතාව සලකා බැලීමේ දී වයස සමඟ දැනුවත්භාවය නම් විචල්‍යය පමණක් සම්බන්ධතාවක් දක්වන බව පැහැදිලි වේ. තවද මෙම සම්බන්ධතා සලකා බැලීමේ දී සමාජ මාධ්‍ය අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන විචල්‍යයන් සහ පුමිතිරිභාවය පිළිබඳ සිදුකළ පරීක්ෂාවේ ප්‍රතිඵලවලට අනුව ශක්තිමත් මුරපදයක් භාවිත නොකිරීම, ව්‍යාජ දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම, ලින්ක් විවෘත කිරීම යන විචල්‍යයන් තුන සඳහාම 91ග5්‍රක ඉහළ පුරුෂ එකඟතාවයක් දක්වා ඇත. මෙම අධ්‍යයනයේ තවත් එක් සෙසු අරමුණක් වු පූර්ව සහ පශ්චාත් පරිශීලක හැසිරීම් වන සමාජ මාධ්‍ය භාවිතය, සමාජ මාධ්‍ය තුළ සිටින මිතුරන් සංඛ්‍යාව සහ සමාජ මාධ්‍ය වෙත ඡායාරූප උඩුගත කිරීම යන විචල්‍යයන් අතර වෙනසක් පවතින බව ද නිගමනය විය.en_US
dc.identifier.citationDilaksha W. D. V. (2022), Factors affecting the Adoption of Mobile Banking by Rural People: With special reference to Kalutara District, Journal of Social Statistics, Volume 09, Issue 02, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka. 27-40en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26332
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.subjectඅන්තර්ජාලය, අපරාධ ගොදුරු, සමාජ මාධ්‍ය පරිශීලකයන්, සාධක විශ්ලේෂණය, පරිශීලක හැසිරීමen_US
dc.titleසමාජ මාධ්‍ය හරහා අපරාධ වින්දිතයන් බවට පත්වීමට බලපාන හේතු අධ්‍යයනය: බස්නාහිර පළාත ඇසුරින්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
JSS Vol9 Issue 2 3.pdf
Size:
1007.79 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections