සංවර්ධනයෙහි ලා කාන්තා දායකත්වය පිළිබඳ සමාජ විද්‍යාත්මක විමසුමක්

dc.contributor.authorAsangika, K.P.R.Sujani
dc.date.accessioned2021-05-06T04:49:39Z
dc.date.available2021-05-06T04:49:39Z
dc.date.issued2020
dc.description.abstractසංවර්ධනය යනු සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වූ සෑම අංශයකම සිදුවන්නා වූ ගුණාත්මක වර්ධනයකි. බහුමානික සංකල්පයක් වන සංවර්ධනය ලෝකයේ රටවල් විවිධාකාරයෙන් භුක්තිවිඳිති. සංවර්ධනය යනුවෙන් මුල්කාලීනව හඳුනාගත්තේ ඒක පුද්ගල ආදායම (Pre Capital Income-PCI) ඉහළ තත්ත්වයක් සාධනය කරගැනීම මතය. නමුත් මෙම ක්‍රමවේදයේ දී පුද්ගල සංවර්ධනය පිළිබඳ කිසිදු ආකාරයකින් ඇගයීමට ලක් නොවීය. එහි පවත්නා වූ දුර්වලතා මගහරවා ගනු වස් භෞතික ජීවන තත්ත්ව දර්ශක (Physical Quality of Life Index-PQLI) උපයෝගී කරගනිමින් සංවර්ධනය මිනුම් කරන ලදි. ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය යන දෙයංශයම අන්තර්ගතවන පරිදි මානව සංවර්ධන දර්ශකය (Human Development Index-HDI) හඳුන්වා දෙන ලදි. 2000 වර්ෂය වන විට සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ (Millennium Development Goals –MDGs) මගින් යම් යම් අභිමතාර්ථ මුදුන් පමුණුවාගෙන ඇත. වර්තමානය වන විට එය පාරිසරික ප්‍රතිපත්ති හා තදනුබද්ධ වෙමින් තිරසර සංවර්ධන අභිමතාර්ථ (Sustainable Development Goals) වශයෙන් 2030 වර්ෂය දක්වා කාලපරාසය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් වශයෙන් හඳුනාගත හැකි ය. කාන්තාව පිළිබඳ විමසා බැලිමේ දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වනාහී ලිංගික වෙනස්කම් සඳහා දෙනු ලබන සමාජීය/සංස්කෘතික සහ ආර්ථික වටිනාකම් වේ. මෙය සංස්කෘතියෙන් සංස්කෘතියට මෙන්ම කාලයෙන් කාලයට ද වෙනස් විය හැකි ය.en_US
dc.identifier.citationAsangika, K.P.R.Sujani,2020, සංවර්ධනයෙහි ලා කාන්තා දායකත්වය පිළිබඳ සමාජ විද්‍යාත්මක විමසුමක්,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lankaen_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22269
dc.publisherSDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectකාන්තාව, කාන්තා දායකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සංවර්ධනයen_US
dc.titleසංවර්ධනයෙහි ලා කාන්තා දායකත්වය පිළිබඳ සමාජ විද්‍යාත්මක විමසුමක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
සංවර්ධනයෙහි ලා කාන්තා දායකත්වය පිළිබඳ සමාජ.pdf
Size:
183.01 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections