Volume 08 - 2021
Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/26000
Browse
Item A New Step forward for Tourism Sector in Sri Lanka through Smart Tourism Applications (Special reference to Kandy Tourism Zone)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) Gamage, L.G.H.RSmart Tourism Applications present new and better experiences for tourists while improving operating processes in the tourism industry through the use of modern technology. Therefore, the purpose of this research is to explore the tourists’ intention to Acceptance of Smart Tourism Applications in the Kandy Tourism Zone according to the UTAUT Model. The main objective of this study is to examine the tourists’ intention on accepting smart tourism applications in the Kandy tourism zone according to the UTAUT Model. As the study field, the Kandy tourism zone was selected and this research study adopted a quantitative research approach using a questionnaire to collect data from 400 tourists. The confirmatory factor analysis was used to measure the model and hypothesized relationship between the constructs by using Amos Graphic Version. The results of the study revealed that the proposed four hypotheses were supported and one hypothesis was not supported. Further, it can be concluded that performance expectancy, effort expectancy, facilitating condition, and risk have a significant influence on tourists’ intention to accept smart tourism applications in the Kandy tourism zone and social influence has no significant influence on tourists’ intention on acceptance of smart tourism applications in the Kandy tourism zone. Therefore, the findings of this paper provide the companies who developed the new applications that are related to the tourism sector with guidance about how to fulfil tourist needs.Item Study on Factors Affecting to the Customers’ Intention Towards Usage of Mobile Banking Application in Gampaha District(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) Kumudumali, B.A.A.Mobile banking is a fast growing, convenient and portable banking service that is being used by a few in the world in relation to the expected number but has become a global phenomenon. Extensive growth and development of new and improved information technologies has made mobile devices are very powerful, especially in their use in banking. This study explored factors affecting to the usage of mobile banking applications in Gampaha District using structured online questionnaire created using standard variables in the extended Technology Acceptance Model (TAM). Data related to the research was collected by 100 selected respondents and the purpose of this study is to find out the factors that affect whether or not use the mobile banking application. The results of the factor analysis are usefulness and convenience, interaction of the application, cost reduction and perceived risk which shows that these facts will help the mobile banking application service to become more popular and improved.Item අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) බණ්ඩාර, එම්.ජී.යූ.එස්.විද්‍යුත් තාක්ෂණික ක්ෂේත්රයේ සහ සන්නිවේදන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සමඟ ව්‍යාපාර ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක්ව ඇති අතර එමනිසා වර්තමානය වනවිට සාමාන්‍ය අලෙවිකරණ ක්රමවේදයද අන්තර්ජාලයේ බලපෑමත් සමඟ නව්යකරණයව ඇති බව දැක්විය හැකිය. මෙම පසුබිම තුළ ගොඩනැගුණු නව ව්‍යාපාර ක්ෂේත්රයක් ලෙස විද්‍යුත් වාණිජ්‍යය හඳුන්වාදිය හැකි අතර විද්‍යුත් වාණිජ්‍යය ක්ෂේත්රයට අයත් ප්‍රධාන ව්‍යාපාර ආකෘතියක් වන ඊ2ක් ආකෘතිය ආශ්‍රිතව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය තුළ පාරිභෝගික හැසිරීම පිළිබඳව මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වශයෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම (මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය) ආශ්රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක හඳුනාගැනීම දැක්විය හැකිය. අධ්‍යයනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-24 වයස් කාණ්ඩයට අයත් ජනගහනය සංගහනය ලෙස යොදාගෙන ඇති අතර තෝරාගත් නියැදියට සංරචක 100 ක් ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය සඳහා සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරීක්ෂාව යොදා ගෙන ඇත. කයි වර්ග පරීක්ෂාවට අනුව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය, වයස සහ ප්‍රාදේශීත්වය යන සාධක සමඟ සම්බන්ධතාවයක් පවතින බව හඳුනාගන්නා ලද අතර මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්රිත පාරිභෝගික හැසිරීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ආයතනික හා සමාජ සාධක, තාක්ෂණික පිළිගැනීම හා තාක්ෂණික අවබෝධය සහ පාරිභෝගික ලක්ෂණ පිළිබඳ සාධක යන සාධක තුන සාධක විශ්ලේෂණය හරහා හඳුනාගන්නා ලදී. මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය සඳහා පාරිභෝගිකයන්ගේ අනුගතවීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ලෙස; පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබාදීම, නොමිලේ භාණ්ඩ බෙදාහැරීම :ත්‍රුැ ෘැකසඩැරහ* සහ පළමු වරට වෙබ් අඩවිය භාවිතා කරන පාරිභෝගිකයෙකුට පහසුවන පරිදි රූපමය උපදෙස් මාලාවක් වෙබ් අඩවියට ඇතුළත් කිරීම දැක්විය හැකිය.Item ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) දිසානායක, ඩී. එම්. ඒ. එම්.වර්තමානය වන විට අන්තර්ජාලය යනු පෞද්ගලික ක්ෂේත්රයේ මෙන්ම රාජ්‍ය ක්ෂේත්රය තුළ ද දියුණු වෙමින් පවතින ක්ෂේත්රයකි. ආරම්භයේ සිට වර්තමානය දක්වාම ගෝලීය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වූ අන්තර්ජාල භාවිතය පුද්ගල දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇත. තොරතුරු සෙවීම, විනෝදාස්වාදය උදෙසා, සමාජ ජාලා භාවිතය, මාර්ගගත බැංකුකරණය, මාර්ගගත සාප්පු සවාරි සහ මාර්ගගත අධ්‍යාපනය යන කාර්යයන් උදෙසා අන්තර්ජාලය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. විදුලි සංදේශ ක්ෂේත්රය තුළ ආරම්භයේ සිට වර්තමානය දක්වා ම ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන මෙම අන්තර්ජාල භාවිතය ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. අන්තර්ජාල භාවිතය ඉහළ යාමත් සමග අන්තර්ජාල සේවා සපයනු ලබන සන්නාමකරුවන් විසින් පාරිභෝගික ප්‍රජාව උදෙසා ජංගම අන්තර්ජාල පැකේජ හඳුන්වා දෙන ලදී. ඒ තුළින් සාධාරණ මිලක් යටතේ තම අන්තර්ජාල අවශ්‍යතාවය තෘප්තිමත් ආකාරයෙන් ඉටුකරවා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ විය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඒ අතර කාර්යක්ෂම භාවිතයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව මෙම අධ්‍යයනයේ සංගහනය ලෙස ශ්‍රී ලංකාවේ සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් හඳුනාගන්නා ලදී. නියැදිය තෝරා ගැනීම සම්භාවිතා නියදුම් ක්‍රමය යටතේ ස්තෘත සසම්භාවී නියැදීම මගින් නියැදි ඒකක 100 තෝරා ගන්නා ලදී. අධ්‍යයනයට අදාළ තොරතුරු රැස්කිරීම ප්‍රශ්නාවලි ක්‍රමවේදය යටතේ සිදු කරනු ලද අතර අධ්‍යයන අරමුණට අදාළ ව පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක හඳුනාගැනීම සඳහා සාධක විශ්ලේෂණය යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය තුළින් ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීම සඳහා බලපානු ලබන සාධක තුනක් හඳුනා ගන්නා ලදී. එනම් ජංගම අන්තර්ජාල පැකේජය පිළිබඳ බාහිර සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ විස්තරාත්මක සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ තාක්ෂණික සාධක යනාදී වශයෙන් හඳුනාගන්නා ලදී.Item නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වය : (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) පීරිස්, ටී.එච්.එම්.නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යනු බොහෝ රටවල් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන විශාල අභියෝගයකි. ශ්‍රී ලංකාවේද මෙය ජාතික ගැටලුවක් බවට පත් වී ඇත. පුරවැසියන් සෑමවිටම උපකල්පනය කරනු ලබන්නේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පළාත් පාලන ආයතනවල වගකීමක් බවත් ඔවුනට කිසිඳු වගකීමක් ඒ සඳහා නොමැති බවත්ය. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජනනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පුරවැසියන්ගේද වගකීමක් වේ. එබැවින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ප්‍රජා සහභාගීත්වය තීරණාත්මක සාධකයක් වන අතර එය තිරසාර ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ උපාය මාර්ගයක්ද වේ. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ මහ නගර සභාව කේන්ද්‍ර කොටගෙන සිදු කර ඇති අතර තෝරාගත් නිවාස 100ක් ආවරණය කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. මෙම අධ්‍යයනයේ අරමුණ වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය කවර ආකාරයෙන් බලපෑමක් සිදු කරයිද යන්න හඳුනා ගැනීමයි. එහිදී ලැබුණු ප්‍රතිඵල වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි.Item නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක (ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇසුරින්)(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) දිසානායක, ඩී. එම්. ඒ. එස්.වර්තමාන ලෝකයේ වැඩිවන ජන සංඛ්‍යාවත් නාගරීකරණයත් හේතුවෙන් නිවුන් දරුවන්ගේ ව්‍යාප්තිය වැඩි වී ඇති බව හඳුනාගත හැකිය. සාමාන්‍ය දරුවන්ට සාපේක්ෂව නිවුන් දරුවන්ගේ සුවිශේෂී ලක්ෂණ දැකගත හැකි අතර ඒ සඳහා සාධක ගණනාවක් බලපානු ලබන බව හඳුනාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන විද්‍යාර්ථීන් අධ්‍යයන ප්‍රදේශය කොට ගනිමින් පර්යේෂණයේ අරමුණ වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනාගනු ලබයි. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත යොදා ගන්නා ලද අතර අධ්‍යයන ප්‍රදේශය තුළින් සම්භාවිතා නියැදුම් ක්‍රමය යටතේ ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය මඟින් නියැදිය සඳහා ඒකක තෝරා ගන්නා ලදී. මෙම පර්යේෂණය සඳහා නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන් වශයෙන් නියැදි දෙකක් සඳහා ඒකක 100 බැගින් තෝරාගන්නා ලදී. අධ්‍යයන අරමුණට අදාළව ප්‍රශ්නාවලි ක්‍රමය යටතේ දත්ත රුස් කර ගන්නා ලදී. සාධක විශ්ලේෂණය යොදා ගනිමින් නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනා ගන්නා ලද අතර එහිදී නිවුන් සහෝදර සහෝදරියන් සඳහා බාහිර සාධක, ඉගෙනුම් සාධක සහ සමාජීය සාධක වශයෙන් සාධක තුනක් බලපානු ලබන බවත් නිවුන් නොවන සහෝදර සහෝදරියන් සඳහා බාහිර සාධක, ඉගෙනුම් සාධක, සමාජීය සාධක සහ මානසික සාධක වශයෙන් සාධක 4 ක් බලපානු ලබන බව හඳුනාගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක් මෙමඟින් සිදු කර ඇත.Item ශ්‍රී ලංකාව තුළ මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට බලපාන සාධක, භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් හඳුනාගැනීම.(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) රත්නමළල, ආර්.බී.අයි.වී.මත්ද්‍රව්‍ය යනු කිසිවිටෙකත් මිනිසා විෂයයෙහි යහපත් බලපෑමක් ඇති කරන ප්‍රස්තුතයක් නොවන අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ මෙය විශාල සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු වීමට බලපාන සාධක, භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් හඳුනා ගැනීම සඳහා කාලීන අවශ්‍යතාවයක් වශයෙන් මෙම පර්යේෂණය සිදු කරන ලදී. 2011-2020 දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත්කොට ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම්, බන්ධනාගාර ගතවීම් සහ පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමුවීම් යන නිර්ණායක මත පදනම්ව ද්විතියික දත්ත ඇසුරින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විස්තරාත්මක සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රම භාවිතා කරන ලදී. පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමු වී සිටින රැඳවියන් ඇසුරින් ප්‍රශ්නාවලියක් භාවිතා කොට ලබාගත් ප්‍රාථමික දත්ත භාවිතයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමට බලපාන සාධක හඳුනාගැනීම සිදු කරන ලදී. බාහිර බලපෑම, පාරිසරික බලපෑම, සමාජයීය බලපෑම, මානසික බලපෑම, අන්තර් පුද්ගල බලපෑම සහ කුටුම්භ බලපෑම යන සාධක පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි කරවීමට සමත් බව සාධක විශ්ලේෂණය තුළින් හඳුනාගත හැකි විය. ශ්‍රී ලංකාව තුළ ගංජා භාවිතය අභිබවා හෙරොයින් මත්ද්‍රව්‍ය ජනගත වී ඇති බව අධ්‍යයනය තුළින් පැහැදිලි වන අතර 2020 වර්ෂයේ හෙරොයින් වැරදි සඳහා 53% ක්ද, ගංජා ආශ්රිත වැරදි සඳහා 42% ක්ද අත්අඩංගුවට පත් වූ අතර සමස්තයෙන් 42%ක බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා විය. 2019 වර්ෂය හා සැසඳීමේ දී 2020 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සඳහා බන්ධනාගාර ගතවීම 32%කින් අඩුවී ඇති අතර පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමුවීම 54%කින් අඩුවී ඇති බව අධ්‍යයනය තුළින් හඳුනාගත හැකි විය. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර බහුවිධ මත්ද්‍රව්‍ය භාවිතය පොදු ප්‍රවණතාවක් වශයෙන්ද, සියලුම වැරදි අතරින් මත්ද්‍රව්‍ය වැරදි ප්රමුඛ වන බවද හඳුනාගත හැකි විය. ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා ව්‍යාප්තිය අවම කිරීමෙහි ලා ඊට අනුබද්ධිත නීති රීති හා දණ්ඩන දැඩි කිරීම යථොක්ත නීතිමය පසුබිම තුළ අධ්‍යාපනික සහ ආගමික වශයෙන් සමාජ උපදේශනයේ අවශ්‍යතාවයත් නිර්දේශ කළ හැකිය.Item ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්රජාවිද්යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) කුමාරි, ඩබ්.එම්.අයි.එස්.එස්.සියදිවි නසා ගැනීම යනු ගෝලීය වශයෙන් මිනිසුන් 703,000ක ප්‍රමාණයක් සෑම වසරකදී ම මිය යන බව දැක්වෙන ලොව පුරා දරුණු ඛේදවාචකයකි. ලෝකයේ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ද සියදිවි නසා ගැනීම යනු දැඩි අවධානයකට ලක්විය යුතු පැතිකඩකි. 2019 වර්ෂය වන විට සියදිවි නසා ගැනීමේ අනුපාතිකය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 29වන ස්ථානයේ පසු වී ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එබැවින් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්රජාවිද්යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී ද්විතියික දත්ත මූලාශ්‍රයක් වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධ දත්ත යොදා ගෙන ඇත. මෙහිදී එම කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධව පුමිතිරිභාවය, වයස් මට්ටම, ආගම, විවාහක අවිවාහකභාවය සහ අධ්‍යාපන මට්ටම යන ප්රජාවිද්යාත්මක සාධක ඔස්සේ අවධානය යොමු කර ඇත. ඒ සඳහා විස්තරාත්මක සංඛ්‍යානමය ශිල්ප ක්‍රම යොදා ගෙන ඇත. මෙහිදී පුරුෂයන් අතර සියදිවි නසා ගැනීම් 75%කට වඩා ඉහළ බව, සමස්ත සියදිවි නසා ගැනීම්වලින් 26%ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව, සියදිවි නසා ගැනීම්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් 1-10 වසර දක්වා අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයින් අතර සිදු වී ඇති බව, විවාහක පුද්ගලයන් අතර සියදිවි නසා ගැනීම 76%ක් පමණ වන බව සහ සියදිවි නසා ගත් පුද්ගලයින්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් බෞද්ධාගමිකයන් වන බව තහවුරු කර ගෙන ඇත.