Volume 08 - 2021

Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/26000

Browse

Search Results

Now showing 1 - 1 of 1
  • Item
    ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) කුමාරි, ඩබ්.එම්.අයි.එස්.එස්.
    සියදිවි නසා ගැනීම යනු ගෝලීය වශයෙන් මිනිසුන් 703,000ක ප්‍රමාණයක් සෑම වසරකදී ම මිය යන බව දැක්වෙන ලොව පුරා දරුණු ඛේදවාචකයකි. ලෝකයේ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ද සියදිවි නසා ගැනීම යනු දැඩි අවධානයකට ලක්විය යුතු පැතිකඩකි. 2019 වර්ෂය වන විට සියදිවි නසා ගැනීමේ අනුපාතිකය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 29වන ස්ථානයේ පසු වී ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එබැවින් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී ද්විතියික දත්ත මූලාශ්‍රයක් වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධ දත්ත යොදා ගෙන ඇත. මෙහිදී එම කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධව පුමිතිරිභාවය, වයස් මට්ටම, ආගම, විවාහක අවිවාහකභාවය සහ අධ්‍යාපන මට්ටම යන ප්‍රජාවිද්‍යාත්මක සාධක ඔස්සේ අවධානය යොමු කර ඇත. ඒ සඳහා විස්තරාත්මක සංඛ්‍යානමය ශිල්ප ක්‍රම යොදා ගෙන ඇත. මෙහිදී පුරුෂයන් අතර සියදිවි නසා ගැනීම් 75%කට වඩා ඉහළ බව, සමස්ත සියදිවි නසා ගැනීම්වලින් 26%ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව, සියදිවි නසා ගැනීම්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් 1-10 වසර දක්වා අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයින් අතර සිදු වී ඇති බව, විවාහක පුද්ගලයන් අතර සියදිවි නසා ගැනීම 76%ක් පමණ වන බව සහ සියදිවි නසා ගත් පුද්ගලයින්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් බෞද්ධාගමිකයන් වන බව තහවුරු කර ගෙන ඇත.