NRCASS 2020
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/22377
Browse
Item රාජ්‍ය ආයතන මගින් පරිපාලන කාර්යක්ෂමතාවය කෙරෙහි සමාජ මාධ්‍යයක් වන මුහුණු පොත භාවිතයට ගැනීම පිළිබඳ සමාජ අවබෝධය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Chathurika, K.K.S.; Sewwandi, W.T.K.T.වර්තමාන තොරතුරු සමාජ පද්ධතිය කෙරෙහි නව මාධ්‍යයේ ආගමනය සිදු වී ඇති අතර මානව සමාජය එහි පවතින වෙනස්කම් වෙත අනුවර්තනය වෙමින් පවතී. නව මාධ්‍ය සමාජ,ආර්ථික,සංස්කෘතික,දේශපාලන හා ආගමික ආදී සියලුම ක්ෂේත්‍ර කෙරෙහි බලපෑම් සිදු කිරීමට සමත් වී තිබේ. ඒ අනුව විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන ආයතන මගින් පරිපාලන කාර්යක්ෂමතාවය ඇති කරලීම සඳහා මුහුණු පොත යොදා ගැනීමක් දක්නට ලැබෙන අතර එම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සමාජ දැනුවත්භාවය විමසීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. නියැදිය ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෝරා ගනු ලැබූ අතර එමගින් මුහුණු පොත හරහා ගෙන යනු ලබන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් විමසීමක් සිදු කරනු ලැබීය.බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජීවත්වන්නන් වයස අවුරුදු 18ත් 30ත් හා 30ත් 60ත් අතර පසුවන්නන් තිස් දෙනෙකුගෙන් යුත් නියැදියක් තුළින් සම්මුඛ සාකච්ඡා සිදු කිරීම මගින් මුහුණූ පොත හරහා ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සමාජ දැනුවත්භාවය පිළිබඳ දත්ත රැස් කරගන්නා ලදී. රැස් කරගනු ලැබූ දත්ත Microsoft Excel මෘදුකාංගය ඔස්සේ විශ්ලේෂණය කරනු ලැබීය. එමගින් කරුණු කිහිපයක් අනාවරණය විය.නියැදිය ලෙස ගන්නා ලද වයස් කාණ්ඩ මත දැක්විය හැකි කාරණයන් ලෙස වයස අවුරුදු 18ත් 30 අතර පසුවන්නන් මෙන්ම 30ත් 60ත් අතර පසුවන්නන් මුහුණු පොත හරහා සැලකිය යුතු සේවාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා ගන්නා බවත් එලෙස දැනුවත්භාවයක් ඇති පුද්ගලයන් අතරින් කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා තිබීමයි. වයස් මට්ටම අනුව මුහුණු පොත පිළිබඳ ඇති දැනුවත්භාවය විමසීමක් සිදු කිරීමෙන් පසක් වූ කාරණය වූයේ අධ්‍යාපන මට්ටම අනුව දැනුවත්භාවයේ අඩු වැඩි වීමක් සිදු වී ඇති බවයි. කෙසේ නමුත් පරිපාලන කාර්යක්ෂමතාවය කෙරෙහි මුහුණු පොත භාවිතය පිළිබඳව සැලකිය යුතු මට්ටමේ සමාජ දැනුවත්භාවයක් දක්නට ඇති බව සඳහන් කළ හැකි අතර මෙවැනි වූ භාවිතයන් වැඩි දියුණු කිරීම මගින් කාර්යක්ශම පරිපාලන යාන්ත්රණයකට මෙන්ම රාජ්‍ය ආයතන මගින් ඉතා සමීප සේවාවක් මහජනතාවට ලබා දිය හැකිවනු ඇති බව නිගමනය කළ හැකි වේ.Item ගුණාත්මක අධ්‍යාපනය සහ තිරසර සංවර්ධනය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wickramanayaka, D.G.A.M.ගෝලීය වශයෙන් 2030 වර්ෂය වන විට ඉටුකර ගැනීමට අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු 17 අතුරින් සිව්වන අරමුණ බවට පත්ව ඇත්තේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි. එහි පරමාර්ථය වී ඇත්තේ “සියල්ලන් ඇතුළත් කර ගත් හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනය සහ සියල්ලන් උදෙසා ජීවිත කාලීන ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කිරීම” යන්නයි (www.undp.org) ලෝක බැංකුව පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ළමයෙකු සාමාන්‍යයෙන් වසර 13ක පාසල් අධ්‍යාපනයක් සම්පූර්ණ කරන නමුත් එහි ගුණාත්මකභාවය සමඟ සැසඳූ විට ළමයෙකුට හිමිව ඇත්තේ වසර 8.3කට සමාන ඉගෙනුමක් පමණි. ඒ අනුව වසර 4.7 ක ඉගෙනුම් පරතරයක් නිර්මාණය වී තිබේ (ලෝක බැංකුව, 2018). ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කර ගත් එකක් වන අතර පසුගිය දශක කීපයේ දී 92.7% ක ප්‍රශංසනීය සාක්ෂරතාවයක් සාක්ෂාත් කර ගෙන ඇත ( මහ බැංකු වාර්ෂික වාර්තාව, 2019). නමුත් නාගරික හා ග්‍රාමීය වශයෙන් අධ්‍යාපනයේ පවත්නා අසමානතා සැලකීමේ දී උදාහරණ වශයෙන් පාසල් වර්ගය අතර පවත්නා වෙනස්කම් සහ ඒවායේ යෝග්‍යතාවය අනුව දරුවන්ගේ ඉගෙනුම් සහ අධ්‍යාපනයේ එල සීමා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය වෙත පවත්නා අසමාන අවස්ථා මොනවාද යන්න හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ ගැටලුව වන අතර එමඟින් ඇති වන ප්‍රතිවිපාක පිළිබඳ විමසීම ද මෙහි අරමුණ විය. මේ සඳහා ද්විතීයික දත්ත යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා, අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා, වෙනත් ආයතනික වාර්තා, පොත් පත් හා සඟරා ආදිය භාවිත කර ඇත. ඒ අනුව පාසල් වර්ගය, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය හා සම්පත් යෙදවුම් හා පාසල් කළමනාකරණය තුළ අසමානතා තිබෙන බවත්, ඒවා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා බලපාන බවත් හඳුනා ගැනීමට හැකි විය. මෙම අසමාන ඉගෙනුම් අවස්ථා දරුවන්ගේ ඉගෙනුම් ඵලයන්හි අසමානකම් වලට තුඩු දෙන අතර එය ජාතික විභාග වල කාර්ය සාධන වාර්තා සහ අධ්‍යාපන පර්යේෂණ හා ඇගයිම් මධ්‍යස්ථාන වාර්තා මගින් විද්‍යාමාන වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සඳහා සියල්ලන්ම ඇතුළත් වීම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන නමුත් අධ්‍යාපනයේ ගුණාත්මක බව සම්බන්ධයෙන් අසමානතා පවතින බව මනාව පැහැදිලි වේ.Item චිත්‍රපට දැන්වීම්කරණයේ ඡායාරූපමය භාවිතය : තෝරා ගත් ශ්‍රී ලාංකීය චිත්‍රපට කිහිපයක පෝස්ටර් දැන්වීම්වලට විශේෂිතව*(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Dulanjalee, K.A.N.වර්තමානය වන විට සිනමාව කලාවක් පමණක් නොව, ප්‍රධාන ධාරාවේ කර්මාන්තයක් බවට ද පත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපට වෙළඳපොළක් බිහිවී ඇති අතර චිත්‍රපට නිර්මාණකරුවන්ට එකී වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණ දීමට සිදු වී ඇත. එනිසා චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමේදී ප්‍රචාරණ සැලැසුමක් අනුව කටයුතු කිරීමට ද සිදු වී ඇති අතර එවැනි සැලැසුම් අතර චිත්‍රපට පෝස්ටරයට ප්‍රමුඛතාවයක් ලැබී ඇත. මෙම අධ්‍යයනයේ මූලික අවධානය යොමු කර ඇත්තේ චිත්‍රපට පෝස්ටර් නිර්මාණයයට යොදාගන්නා නිශ්චල ඡායාරූප සම්බන්ධවයි. ‘ශ්‍රී ලංකාව තුළ බිහිවන චිත්‍රපට සඳහා නිර්මාණය කරන පෝස්ටර් දැන්වීම්වලට යොදා ගැනෙන ඡායාරූප මගින්, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිසි පරිදි ප්‍රේක්ෂකයාට සන්නිවේදනය වේ ද?’ යන පර්යේෂණ ගැටලුව පාදක කර ගනිමින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ජාතික චිත්‍රපට සංස්ථාවේ දළ ආදායම් වාර්තාවන්ට අනුව 2015 සිට 2018 දක්වා වසරවල ඉහළ ආදායම් ලැබූ චිත්‍රපට අතුරින්, ශානර 5 ක් නියෝජනය වන සේ චිත්‍රපට 5 ක් පර්යේෂණය සඳහා යොදා ගත් අතර එම චිත්‍රපටවල පෝස්ටරයේ ඇති ඡායාරූප හා චිත්‍රපට අන්තර්ගතය අතර සම්බය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලි හා සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රැස් කරන ලදි. ප්‍රශ්නාවලිය සඳහා නියැදිය වශයෙන් අහඹු නියැදි ක්‍රමයට 50 දෙනෙකු තෝරා ගන්නා ලදී. සම්මුඛ සාකච්ඡා සඳහා නියැදිය තෝරා ගනු ලැබුවේ, තෝරාගත් චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන්, නිශ්චල ඡායාරූපය ශිල්පීන්, ග්‍රැෆික් නිර්මාණකරුවන් සහ සිනමා ක්ෂේත්රයේ විෂය ප්රවීණයන්ය. රැස් කර ගත් ප්‍රමාණාත්මක දත්ත SPSS මෘදුකාංගය හරහා ද ගුණාත්මක දත්ත ගුණාත්මක විශ්ලේෂණය හරහා ද විශ්ලේෂණය කරන ලදි. බහුතරයක් ශ්‍රී ලාංකික චිත්‍රපට පෝස්ටර් සඳහා යොදා ගන්නා ඡායාරූප, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය කරන ඒවා නොවන බවත්, ඒ වෙනුවට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබා දෙන ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් හෝ නැතිනම් චිත්‍රපටය විසින් ඉලක්ක කරන ලද ප්‍රේක්ෂක ප්‍රජාව වඩාත් ඉක්මණින් ආකර්ෂණය කර ගැනීමේ සන්නිවේදනාත්මක ශක්‍යතා සහිතව පෝස්ටර් නිර්මාණය කර ඇති බවත් පැහැදිලි විය. පෝස්ටර් මගින් චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය වී ඇති අවස්ථාවලදීට වඩා ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් පෝස්ටර් නිර්මාණය කර ඇති අවස්ථාවලදී එම පෝස්ටර් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳී ඇති බව ද තහවුරු විය.Item Contribution of the major sectors of Sri Lankan Economy(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Sewwandi, H.L.A.M.The Economy of Sri Lanka mainly depends on three major sectors which are agriculture, industry and services that are highly contributing to the Gross Domestic Product (GDP). GDP is the market value of all officially recognized final goods and services produced within a country in a year, or over a given period of time. The main objective of this research is to study the contribution of major sectors such agriculture, industry and services to the economic growth of Sri Lanka. The data is secondary time series of all the variables and taken over the duration of 2005-2019. This data is approximately 15 years past. Main source of data is Central bank of Sri Lanka and Department of census and statistics. Moreover, for drawing useful inference from the available secondary data, the statistical tools and test like correlation analysis and multiple regression analysis have been used to analyze these data using SPSS and Excel. Finally, the study concludes that there is significant difference among the performance of the three sectors with regard to GDP contribution in the period 2005- 2019. There is higher positive degree of correlation between three major sectors and GDP growth rate of Sri Lanka. Each one-unit increase in Agriculture growth rate is associated with 0.847 unit increases in GDP growth rate, holding all other variables constant. Each one-unit increase in industry growth rate is associated with 0.189 unit increases in GDP growth rate, holding all other variables constant.Item The impact of unemployment rate to inflation rate in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Upekshanee, N.B.P.This paper examines about the unemployment rate responsiveness to the inflation rate expansion occurring during 1990-2017. The problem of this research is how impact unemployment rate to inflation rate in Sri Lanka? The objective of this study is to identify the impact of unemployment rate to inflation rate in Sri Lanka. Simple regression uses for measuring the impact of unemployment rate to inflation rate in Sri Lanka. SPSS software is used for calculating simple regression. Secondary data which has been collected from Central bank reports and department of census and statistics reports has been used for this survey. According to regression equation when increasing unemployment rate, increasing inflation rate in Sri Lanka. The unemployment rate of Sri Lanka 38.2 present affect to the inflation rate of Sri Lanka. Pearson correlation value 0.618 is less than 0.75. Therefore, this correlation is positive. But it is not strengthening. The regression equation is Y = 3.008 + 0.725Item Covid – 19 Pandemic and Unemployment in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Weerasinghe, M.G.D.L; Madhuwanthi, Y.I.; Wijemanna, P.R.The Covid-19 pandemic also known as the corona virus pandemic, is an ongoing pandemic of in the world. This pandemic has affected economic and social activities all over the world. There are lot of countries have locked down their economies. Unemployed persons available and/or looking for work, and who did not work and taken steps to find a job during last 4 weeks and ready to accept a job given a work opportunity within next two weeks are defined as unemployed. Unemployment is a key measure of economic health. Sri Lankan labor force has 8.6 million of economically active population in the 4th quarter of 2019.Because of this pandemic employment protection has been threatened and the loss of income. The problem is how to affect Covid -19 pandemic to unemployment in Sri Lanka? Objectives of this study, is to identify the relationship between these two, how this situation affects to Sri Lankan economy, due to the impact of new trade routes, export import orientation, international trade and advancement of new transportation system we as a country experience the impact of globalization. In this study, primary data from questionnaire and secondary data from quarterly data reports of Census and Statistics department, Sri Lanka have used to this study and used descriptive statistics for represent data and used some statistical data packages for data analysis.The challenge that Sri Lanka faces now is that how to take control over economy regenerated employment opportunities and take relevant measures protect existing employment in the labor market through proper labor market reforms. As a result of this study we found the unemployment rate got increased because of the pandemic and these two have positive relationship. The final conclusion is that the objectives have been achieved.Item පෝස්ටර් ජායාරූපය, දේශපාලන ප්‍රතිරූපය හා මහජන සම්බන්ධතා (ශ්‍රී ලංකාවේ 2015 ජනාධිපතිවරණයට විශේෂිතව)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Rupasingha, W.A.I.ලෝකයේ දේශපාලන ප්රතිරූප හා මහජන සම්බන්ධතා ගොඩනංවනු පිණිස භාවිත කරන නොයෙකුත් දෘශ්‍ය මාධ්‍යය ප්‍රචාරණ ක්‍රම අතර කටවුට්ස්, බිල්බෝඩ්ස් හා පෝස්ටර් ප්රමුඛ වේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ප්රතිරූප හා මහජන සමබන්ධතා ගොඩනැංවීමෙහිලා කටවුට්ස්, බිල්බෝඩ්ස් භාවිතයට වඩා පෝස්ටර් භාවිතය අධික වන අතර ඒ සඳහා මෙරට දේශපාලන සංස්කෘතිය තුළ දිගු ඉතිහාසයක් ඇත. පෝස්ටරය කටවුට්ස් හා බිල්බෝඩ්ස්වලට වඩා ප්‍රමාණයෙන් කුඩාය. ග්රාහක ආකර්ෂණය හා සන්නිවේදනය සඳහා කටවුට්ස්, බිල්බෝර්ඩ්ස් හා පෝස්ටර් තුළ ජායාරූප භාවිත කෙරේ. දේශපාලන ප්රතිරූප හා මහජන සම්බන්ධතා ගොඩනැංවීමට පෝස්ටර් ජායාරූපය භාවිතයේ ඇති යෝග්‍යතාවය කෙබඳුද? යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. එම කාර්යය සඳහා පෝස්ටර් ජායාරූපය භාවිතයේ යෝග්‍යතාවය අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ විය. පර්යේෂණ ක්‍රමවේදය ලෙස මිශ්‍ර ක්‍රමවේදය භාවිත කෙරිණි. පර්යේෂණයේ සීමාව ලෙස ශ්‍රී ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වූ මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කණ්ඩායම විසින් භාවිත කළ පෝස්ටර් ජායාරූප පමණක් පර්යේෂණයට භාජනය කෙරිණි. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල අහඹු නියැදියක් ලෙස ජන්දදායකයින් සිය දෙනෙකුට ගූගල් ප්‍රශ්නාවලී ලබා දීමෙන් පර්යේෂණය සඳහා දත්ත රැස්කෙරිණි. ප්‍රශ්නාවලිය, අන්තර්ගත විශ්ලේෂණය හා සම්මුඛ සාකච්ජා මඟින් දත්ත රැස්කර Spss හා Excel මෘදුකාංග ඔස්සේ දත්ත විශ්ලේෂණය කර නිගමනයට එළඹුණි. දේශපාලන ප්රතිරූප හා මහජන සම්බන්ධතා ගොඩනැංවීමට පෝස්ටර් ජායාරූපය යෝග්‍යතාවයක් නොදැක්වු බව පර්යේෂණයේ අවසාන නිගමනය විය. දේශපාලනඥයින් අවංක මහජන සේවයට ප්‍රමුඛත්වය දි මහජන මතය ගොඩනැගිය යුතු බවත්, දේශපාලන ප්රතිරූප හා මහජන සම්බන්ධතා ගොඩනැංවීමට සමාජ මාධ්‍යය ආශ්රිත නව මහජන සම්බන්ධතා ක්‍රම භාවිතය හා ඒ සඳහා නිර්මාණශීලි ජායාරූප භාවිතය සිදු කළ යුතු බව පර්යේෂණයෙන් යෝජනා විණි.Item ශ්‍රී ලංකාවේ සු`ඵ පරිමාණ පශු සම්පත් කර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය (කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියර කිරි නිෂ්පාදනය ඇසුරෙන්)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wanninayaka, W.M.N.S.ලෝකයේ සැලකිය යුතු රටවල් සංඛ්‍යාවක පශු සම්පත ප්‍රචලිතව ඇති මුත් බහුතරයක් රටවල් තුළ කිරි කර්මාන්තයේ අනාගතය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයට පත් ව ඇත. පශු සම්පතෙහි සුවිශේෂීම නිෂ්පාදනය වන්නේ දියර කිරි නිෂ්පාදනයයි. ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදන මඟින් සමස්ත පර්භෝජන අවශ්‍යතාවයෙන් 31% ක් පමණ සපයන අතර ඉතිරිය ආනයන මඟින් සපයාගනී. ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීම සඳහා සු`ඵ පරිමාණ කිරි නිෂ්පාදකයින් ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවකි. එයට හේතුව කිරි නිෂ්පාදකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් සහ රටේ කිරි නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ සු`ඵ පරිමාණ කිරි ගොවීන් විසිනි. මොවුන් වැඩි පිරිසක් නියෝජනය වන්නේ ග්‍රාමීය අංශයෙනි. වර්තමානයේ අඩු සංවර්ධනයේ ගති ලක්ෂණ ග්‍රාමීය අංශයෙන් බහුලව දක්නට ලැබෙන අතර එහිදී දරිද්‍රතාවට මූලිකත්වයක් හිමි වේ. එයට පිළියමක් ලෙස කිරි කර්මාන්තය කුටුම්භ ආදායමට කිනම් දායකත්වයක් දක්වන්නේ ද පරීක්ෂා කිරීම මෙම අධ්‍යයනය තුලින් බලාපොරොත්තු වේ. පශු සම්පත් කර්මාන්තය දුර්වල වීම සඳහා බලපාන හේතු සහ අභියෝග හඳුනාගැනීමත් එය නගා සිටුවීම සඳහා යෙදිය හැකි පිළියම් සහ නීති රීති හඳුනාගැනීමත් මෙම අධ්‍යයනයේ අරමුණු වේ. මෙම අරමුණු තෘප්ත කිරීම සඳහා ප්‍රාථමික සහ ද්විතීක දත්ත පදනම් කරගනිමින් දත්ත විශ්ලේෂණය සිදුකළ අතර නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් පහකින් පවුල් 30 ක නියැදියක් මේ සඳහා තෝරාගෙන ගැණිනි. ප්‍රශ්නාවලියක් සහ සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් දත්ත රැස්කිරීමත්, වගු සහ ප්‍රස්තාර භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කිරීම සිදු කලේය. එහිදී ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක දත්ත ඇතුළත් කරනු ලැබීය. පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා වැඩි වශයෙන් සහභාගී වන්නේ පුරුෂ පාර්ෂවය. මෙය ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයකි. කෙසේ වුවද කිරි ගොවීන් දැඩි අර්බුද රැසකට මුහුණ පා සිටී. ඔවුන් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ලැබිය යුතු ය. කිරි නිෂ්පාදන සඳහා තරුණ පිරිස් ආකර්ශනය කරගැනීමට නව අවස්ථා උදාකළ යුතු අතර සමාජයේ පවතින මතය ඉවත් කරමින් නව තාක්ෂණික දැනුම සමඟ පුහුණු තරුණ පිරිසක් කිරි නිෂ්පාදනයේ අනුයුක්ත කළ යුතුය.Item මෑත කාලීන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රජා ගුවන්විදුලියේ භාවිතය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Thennakoon, R.N.M.කිසියම් රටක් සංවර්ධනය සඳහා යන ගමනේ දී ප්‍රජා මාධ්‍ය භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි මාධ්‍ය ආරම්භ කරනු ලබන්නේ මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රජාව නැවත පදිංචි කිරීමේදී ඔවුන්ව සවිබල ගැන්වීම අරමුණු කොටගෙනය. නූතන ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජා ගුවන්විදුලිය දායක කරගැනීම සම්බන්ධව මෑතකාලීනව පර්යේෂණ අධ්‍යයනයන් සිදු වී නොමැත. එම නිසා මෙරට සංවර්ධනයට ප්‍රජා ගුවන්විදුලිය දායක කරගත හැකිද? යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවයකි. පර්යේෂණයේ මූලික අරමුණු ද්විත්වය වන්නේ, නූතන ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජා ගුවන්විදුලි මාධ්‍ය දායක කරගත හැකි ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම සහ නූතන සංවර්ධන සංදේශ ග්රාහකයා වෙත ගෙනයාමේදී ප්‍රජා ගුවන්විදුලිය අනුගමනය කරන ක්‍රමවේදය අධ්‍යනය කිරීමයි. පර්යේෂණ උපන්‍යාසය වූයේ නූතන ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජා ගුවන්විදුලිය දායක කරගැනීමට හැකියාව ඇති බවයි. මිශ්‍ර ක්‍රමවේදය යටතේ සිදුකරන ලද මෙම පර්යේෂණයේදී දත්ත රාශිකරණ ක්‍රමවේදයන් ලෙස සාහිත්‍ය මූලාශ්‍ර විමර්ශනය, ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලිය, සහ ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් සංරක්ෂිත හඬපට භාවිත කරන ලදී. ප්‍රශ්නාවලිය මගින් දත්ත ලබා ගැනීමේ දී ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහා ඌව සහ දඹාන ප්‍රජා ග ුවන්විදුලි නාලිකා ශ්‍රාවකයන් අතුරින් සියදෙනෙකුගෙන් යුත් නියැදියක් භාවිත කරන ලදි. පර්යේෂකයාගේ බුද්ධිය මත පදනම්ව සහ ීඡී මෘදුකාංගය භාවිතයෙන් දත්ත විෂ්ලේෂණය කරන ලදී. පර්යේෂණයේ එක් ප්‍රතිඵලයක් ලෙස ප්‍රජා ගුවන්විදුලි ශ්‍රවණ කලාපීය ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහා රූපවාහිනීමාධ්ය භාවිතා කරන පිරිස 70% ට වඩා වැඩි බව අනාවරණය විය. ඒ අනුව ගුවන්විදුලි මාධ්‍ය ග්රාහකයාගෙන් ඈත්ව තිබෙන ආකාරයක් හඳුනාගත හැකිය. ගුවන්විදුලි මාධ්‍යයට සවන්දෙන සුළුපිරිස අතරිනුත් ඌව සහ දඹාන ප්‍රජා ග ුවන්විදුලියට සවන්දෙන පිරිස 68%කි. සමස්ත ගුවන්කාලය සැළකූවිට නූතන සංවර්ධන ඉලක්ක සපුරාගැනීම අරමුණු කරගනිමින් ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය වන්නේ ගුවන් කාලයෙන් 2% වැනි අවම කාලයකි. මෙවැනි අභියෝගයන් හමුවේ වුවද ප්‍රජා ගුවන්විදුලිය සතු නවීන තාක්ෂණික පහසුකම් සහ ප්‍රමාණවත් මානව සම්පත හේතුවෙන් ප්‍රජා ගුවන්විදුලිය සංවර්ධන අභිමතාර්ථයන් ඉටු කරගැනීම සඳහා භාවිත කිරීමේ හැකියාව පවතී. බහතරයක් ග්‍රාමීය ජනතාව වෙසෙන මෙරට සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීමට යාමේ දී, ප්‍රජා ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහන් අන්තර්ගතය සහ ආකෘතිය නූතන සංවර්ධන අවශ්‍යතා අනුව සකස් කළ යුතුය. ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් අවබෝධ කරගනිමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමටත්, ඔවුන් ඒ සඳහා සක්‍රීයව දායක කගැනීමටත් මෙහි දී යෝජනා කෙරේ.Item ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෝග්‍යතාවය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Bandara, I.H.R.T.M.අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් අතරින් 23,000 ක් පමණ පිරිසක් පමණක් වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගත්තද විශ්වවිද්‍යාල සිසුන්ට ලබාගත් දැනුම ප්‍රායෝගිකව යොදා ගනිමින් රැකියාවක නිරතවීමට අවස්ථාව නොලැබේ. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ දැනට උපාධිය අවසන් කර ඇති උපාධිධාරීන් තම උපාධියට සුදුසු පරිදි උගත් දෑ උපයෝගී කරගනිමින් ඵලදායී රැකියාවන්හි නිරත වනවාදැයි සොයාබැලීම, විශ්වවිද්යාලයන්වල ඒ ඒ විෂයයන්ට අදාලව දැනට පවත්නා විෂය නිර්දේශයන් රැකියා වෙළඳපොළ සඳහා කෙතෙක් දුරට සුදුසු වන්නේදැයි සොයා බැලීම සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකියා වෙළඳපොළට සුදුසු ආකාරයට ඉහළ නැංවීමේලා ක්‍රියාත්මක කර ඇති හා යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීම යන කරුණු වේ. මෙම පර්යේෂණයේ සංගහනය ලෙස 2019 වර්ෂයේදී උපාධිය අවසන් කළ උපාධිධාරීන් හැඳින්විය හැකි අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා 2019 වර්ෂයෙ ්දී තම උපාධිය අවසන් කළ උපාධිධාරීන් ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය යටතේ නියැදිය සඳහා තෝරා ගන්නා ලදී. මෙම පර්යේෂණය සඳහා ප්‍රශ්නාවලියක් යොදාගෙන සිසුන්ගෙන් ලබාගත් ප්‍රාථමික දත්ත මෙන්ම සංඛ්‍යාලේඛන හා දත්ත අධීක්ෂණ ඒකකයෙන් ලබාගත් ද්වීතියික දත්ත ද යොදා ගන්නා ලදී. රැස්කරගන්නා ලද දත්ත SPSS මෘදුකාංගය භාවිතයෙන් විශ්ලේෂණය කරන ලදී. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ලෙස දැක්විය හැක්කේ රැකියා වෙළඳපොළ තුළ පවතින ඉල්ලුම තාක්ෂණයත් සමඟ යාවත්කාලීන වුවද විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන්හි පවතින කරුණු යාවත්කාලීන නොවීම හා තාක්ෂණික වශයෙන් ප්‍රායෝගික දැනුමක් උපාධිධාරීන්ට නොමැති වීම විශාල ගැටළුවක් වන බවයි. එමෙන්ම රජය විසින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීම උදෙසා විෂය නිර්දේශයන් ආර්ථිකය මුල් කරගත් ක්‍රමවේදයකට සැකසීම, භාෂා හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදීම හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක් යෝජනා කර ඇත. මෙම පර්යේෂණයෙන් ලබාගත හැකි නිගමනය වනුයේ රැකියා වෙළඳපොළට ගැලපෙන ආකාරයෙන් උපාධිධාරීන් බිහිකිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.Item Study the most influential factors of human- peacock conflicts in rural areas in Sri Lanka; A case study in Wewere GND, in Kandy District.(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Danasekara, D.R.A.K.The peacock is an omnivorous animal which is already identified as the top agro- pest in Sri Lanka. As a conserved wildlife species, peacocks are usually found outside forest reservations since they get their food requirement fulfilled through grains and small insects in the agricultural fields. There has been a huge increase in peacock populations over the past five years in Sri Lanka. However, farmers in the study area are suffering as the peacock attacks on their crops damaging the produce. Wewere GND is selected for this study as there was high consumption of land for agriculture in Kandy District. The main object of this research is to identify the most influential factors of human – peacock conflict in the study area. The methodology of the research was a mixed method under the human – ecological approach. Random sampling method used to collect primary data from 30 farmers in study area. Google Earth pro and Arc GIS 10.5 software used to analyze the land cover changes in the Wewere GND. The results were represented with maps, charts, graphs, tables using MS Excel. The results revealed that the most influential factor to this problem is reducing the land cover due to the mismanagement of the land. Lack of predators for peacocks and, the religious-cultural aspects based with peacocks increase the peacock population. The management of agricultural system must be carried on the sustainable approach and related authorities should pay attention to minimize the severe problem.Item ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි covid 19 හි බලපෑම(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wickramanayake, D.G.A.M.ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින covid 19 වෛරසයෙන් පීඩාවට පත් මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත අතරින් තෙවැනි විශාලතම ව්‍යාපාරය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 60%කින් අඩු වී ඇත. එසේම මෙම කාලය තුළ විශාලතම සංචාරක ප්‍රභව වෙළෙඳපොළ ඉන්දියාව බවට පත්ව තිබෙන අතර ශ්‍රී ලාංකිකයන් 95%ක් පමණ ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණ ඇත. (SRTDA, 2020). ශ්‍රී ලංකා ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 84ක් වන අතර එයින් 5%ක් ම සංචාරක ව්‍යාපාරය මත රඳා පවතී. මිලියන 22ක ජනගහනයෙන් මිලියන 2කට අධික ජනතාවක් සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අතර එය ආර්ථිකය සමඟ ප්‍රතිලෝම වේ (රණසිංහ. ආර්, 2020). සංචාරක ක්ෂේත්රය හා සම්බන්ධ එම සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය සමස්ත ශ්‍රම බලකායෙන් 4.6%කි. ඒ අනුව covid 19 වෛරසය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම අධ්‍යයනය කිරීම අධ්‍යයනයේ ගැටලුව වේ. ඒ සඳහා ද්විතීක දත්ත පදනම් කර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකු හා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි වාර්තා, ආයතනික වාර්තා, පොත් පත් සහ සඟරා යනාදිය ඒවා වේ. සංචාරක ව්‍යාපාරය ගෝලීය වශයෙන් විශාලතම හා වේගයෙන් වර්ධනය වන කර්මාන්තයකි. එමෙන්ම කලාපීය සංවර්ධනයට මඟ පාදන, විවිධ වර්ගයේ රැකියා සහ ව්‍යාපාර සඳහා සෘජුවම සහාය වන සංචාරක කර්මාන්තය covid 19 හේතුවෙන් බිඳ වැටී ඇත. ගෝලීය තරඟකාරිත්වය තුළ සෞඛ්යාරක්ෂිත බව, ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ආගන්තුක සත්කාර වල අපගේ ශක්තිමත් මානව, සමාජීය හා පොහොසත් සාරධර්ම ප්‍රදර්ශනයෙන් නැවත ලෝකයට සන්නිවේදනයෙන් හා ස්ථානගත කිරීම සහ ශක්තිමත් ගමනාන්ත ප්‍රතිරූපයක් ගොඩනැගීමට ආරම්භ කර ඇත. එසේම සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කර ඇත. මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කිරීම, නව සංචාරක ආකර්ෂණ ස්ථාන 12ක් සංවර්ධනය කිරීම, පැරණි දුම්රිය ස්ථාන නවිකරණය කිරීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇති මන්නාරම්, කල්පිටිය සහ මඩකලපුවෙහි පැරණි බලකොටු සංවර්ධනය කිරීම, රටවල් 48 ක් සඳහා වීසා බලපත්‍රය දීර්ඝ කිරීම, සංචාරක බද්ද අත්හිටුවීම සහ සංචාරක හෝටල් සහ වාහන හිමියන්ට සහන ලබා දීම ආදිය ඒ අතර විය.Item ව්‍යවසායකත්වය සඳහා කැලණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ නැඹුරුව(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Athukorala, W.A.V.D.K.නව ව්‍යාපාර ඇරඹීම නැතහොත් පවතින ව්‍යාපාරයකට නව මුහුණුවරක් ගෙන ඒම යන අර්ථ දැක්වීම අපට ව්‍යවසායකත්වයට ලබාදිය හැකිය. රටක ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කළ හැකි බල ප්‍රභවයක් ලෙස ව්‍යවසායකත්වය අපට හඳුනාගත හැක. නමුත් වර්තමනයේ පවත්නා ව්‍යාපාරවලින් බොහෝමයක හිමිකාරීත්වය දරන්නන් වන්නේ ව්‍යාපර පිළිබඳ වැඩි දුර අධ්‍යාපනයක් නොලැබූ සාමන්‍ය පුද්ගලයන් ය. ඒ අනූව උසස් අධ්‍යාපනයක් ලැබූ විශ්වවිද්‍යාල සිසුන්ද නව ව්‍යාපාර ආරම්භ කිරීමට නැඹුරුවක් දක්වයි ද? නොදක්වයි ද? යන්න විමසීම සහ එයට බලපාන සාධක ගවේෂණය මෙන්ම සිසුන් තුළ ඇති ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ වේ. ඒ අනූව, කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් තෝරා ගෙන එයින් එක් එක් වසර වලින් විද්‍යාර්ථීන් 100 බැගින් ගෙන 400ක නියැදියක් කොටස් නියැදුම් ක්‍රමය මඟින් තෝරාගන්නා ලදි. අධ්‍යයනය සදහා ප්‍රාථමික දත්ත යොදාගත් අතර එහිදී ප්‍රශ්නමාලා ක්‍රමය මඟින් දත්ත ලබා ගන්න ලදී. වගු, ප්‍රස්තාර හා කයිවර්ග පරීක්ෂාව වැනි පරීක්ෂණ ක්‍රම මඟින් දත්ත විශ්ලේෂණය කරන ලදී. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී අවධානමක් ගැනීමට සිදු වන අතර එම අවධානමට මුහුණදීමට සිසුන් බිය වීමද, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔවුන්ට මූලික ප්‍රාග්ධනයක් නොමැති වීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාර පිළිබද දැනුමක් නොමැති වීම, මෙලෙස ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය සම්පත් රජයෙන් ප්‍රමාණවත්ව නොලැබීම යන ගැටලු හදුනාගත හැකිවිය. එසේම වර්තමාන ලෝකයක් මුහුණ දී ඇති කොරෝනා වසංගතය නිසා අද නව නිර්මාණ හා නව ව්‍යාපාර පිළිබද බොහෝ සිසුන්ගේ අවධානය යොමු වී ඇති අතර ඒ සදහා රජයේ අදාළ බලධාරීන් ඊට දිරිගැන්වීම් සිදු කිරීම, විශ්වවිද්‍යාල සිසුන්ගේ ව්‍යාපාරික දැනුම වර්ධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ප්රාග්ධනය රජය විසින් පහසු ක්‍රම යටතේ සැලසීම නව ව්‍යාපාර ඇරඹීමට සිසුන්ගේ නැඹුරුව වැඩි කිරීමට උපක්‍රම ලෙස යෝජනා කළ හැකිය.Item A study on identifying land use changers in Monaragala city area(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Rathnayaka, R. M. KalinduThis study examines the changes that have occurred in the land use of the Monaragala city area during the period from 1985 to 2018. The main objective of this research is to identify land-use changes, trends, and progress of the land use pattern in the study area. Three Grama Niladhari Divisions belonging to the Monaragala Divisional Secretariat Division were selected as the study area. Because the City area was located in these three GN Divisions. Quantitative and qualitative data were used for this study using a regional approach and secondary data required for the study were obtained from the Land Use Department of Monaragala District, Department of Agriculture in Monaragala District, and the Agrarian Services Center of Monaragala District. Investigating the nature of the study area which is 1:50000 Metric Digital Data in 1985 and 1: 50000 Metric Digital Data in 2000 and 2018 data is obtained through Google Earth. The data thus collected were analyzed using GIS technology and Excel. After analyzing the data, it was possible to identify the changes, trends, and progress of the land use pattern in this area. The land area of a home garden which was 4.179km2 in 1985 had increased to 5.054km2 in 2018. Rubber plantations were introduced to the study area in the year 2000, which resulted in a change in land-use patterns. Accordingly, in the analysis of the data, it was found that by the year 2018, 0.709km from the study area had been planted rubber. And also the forest cover of 2.032km2 in 1985 has decreased to 1.325km2 by 2018. The number of paddy lands reduced from 0.417km2 in 1985 to 0.219km2 by 2018. The rock area of the study area was 0.171km2 in the year 1985, and it has reduced to 0.147km2 by the year 2018. Thus, at the end of the study, four key factors were identified that could influence changes, trends, and progress in land use patterns in the study area. They are increased service facilities, increased city limits of Monaragala town area, increased habitat, and the introduction of new crops such as rubber.Item ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ තේ වගාව සහ ග්‍රාමීය දරිද්‍රතාවය (රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින්)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Piyarathna, S.H.M.P.තේ ගස ප්‍රථමයෙන්ම සොයාගනු ලැබ ඇත්තේ චීනයේ රජකම් කළ සෙන්නූන් අධිරාජ්‍යයා ය. මෙසේ සොයා ගනු ලැබූ තේ ගස 1867 දී පමණ ශ්‍රී ලංකාව තුළ වාණිජමය වැවිලි බෝගයක් ලෙස ව්‍යාප්ත විය. වර්තමානය වනවිට තේ ප්‍රධාන අපනයන බෝගයක් මෙන්ම අපේ රටට විනිමය සපයන ප්‍රධාන අපනයන මාර්ගයක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය. මේ සඳහා කුඩා පරිමාණ තේ වගාව තුළින් විශාල දායකත්වයක් සපයනු ලබයි. 2018 වර්ෂය වන විට වතු අංශය සඳහා කුඩා පරිමාණ තේ වගාවේ දායකත්වය සියයට 75ක් පමණ වේ. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කුඩා පරිමාණ තේ වගාව විශාල පරිමාණයෙන් සිදුවන බවත් ඒ සඳහා විශාල වගාකරුවන් ප්‍රමාණයක් ශ්‍රම දායකත්වය සපයන බවත් සඳහන් කළ යුතුය. නමුත් එම වගා භූමි තුළින් ඉහළ ගුණාත්මක ඵලදාවක් ලබාගැනීම අසීරු වී ඇත. වගාව සඳහා මූලික අවශ්‍යතා හිඟ වීමෙන් මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තාවලින් හෙළි වී ඇත. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය ප්‍රදේශයක් මුල් කරගෙන කරන ලද මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ තේ වගාව මඟින් ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීමට හැකියාවක් පවතිනවා ද යන්න සොයා බැලීම මෙහි මූලික ගැටලුව වේ. එහිදී ද්විතික දත්ත පදනම් කරගෙන ප්‍රදේශය පිළිබඳ මූලික අධ්‍යයනයක නිරත වී ඇත. මීට අමතරව ප්‍රාථමික දත්ත පදනම් කරගෙන විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රමය යටතේ පාදක කරගත් අරමුණු වන ග්‍රාමීය දරිද්‍රතාවක් ඇතිවී ඇත්තේ කුමන හේතු නිසාවෙන් ද ග්‍රාමීය දරිද්‍රතාව සඳහා කුඩා පරිමාණ තේ වගාවෙන් බලපෑමක් ඇති වනවාද එහිදී වගාකරුවන් විසින් යම්කිසි විසඳුමක් යටතේ දරිද්‍රතාවෙන් මිදීමට කටයුතු කරනවාද යන්නත් පිළිබඳව සොයා බැලීමක් සිදු කෙරිණි. මෙම අධ්‍යයනයට අනුව වගාකරුවන් අපේක්ෂා කරනු ලබන්නේ සහනාධාර යටතේ නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග සකස් කිරීමට අවශ්‍ය බවය. නිශ්චිත ක්‍රියාමාර්ග සඳහා යොමුවීමෙන් අපේක්ෂිත අමු තේ ඵලදායිතාව සහ එහි ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමට හැකියාවක් පවතින බවට ද අපේක්ෂා කළ හැකි බව වගාකරුවන් තුළින් ඉස්මතු වූ කරුණකි. අධ්‍යයනයට අදාළව නිගමනය කළ හැකි වන්නේ කුඩා පරිමාණ තේ වගාව ආශ්රිත වගාකරුවන් සැබෑ වශයෙන් ග්‍රාමීය දරිද්‍රතාවයකට මුහුණ දෙන බවයි.Item තොටයක් සමයම මගින් සමාජයට ලැබෙන්නාවූ සන්නිවේදනය හා උපදේශනය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Chandrasekara, C.M. Ramith Preshalතොටයක් සමයම ශාන්තිකර්මය ඌව පළාත හා ඊට තදාශ්රිත මහඔය, පදියතලාව, නාමල්ඔය, අරන්තලාව, සේරන්කඩ යන ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්තව පවතී. මෙය හුදෙක් කාන්තා පාර්ශවය උදෙසා පවත්වනු ලබන ශාන්තිකර්මයක් වේ. තොට යක්ෂයාගේ ඇල්ම බැල්ම හේතුවෙන් කාන්තාවන් හට ඇතිවන උපද්‍රව දුරු කිරීමෙහිලා මෙම ශාන්තිකර්මය පැවැත්වේ. නමුත් මෙම ශාන්තිකර්මයේ අන්තර්ගත පද්‍ය සාහිත්‍යය හා චාරිත්‍ර විමර්ශනයේ දී ප්‍රකට වන්නේ මෙම ශාන්තිකර්මය මගින් උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව ය. තොටයක් සමයම ශාන්තිකර්මය මගින් සමාජයට උපදේශනයක් සන්නිවේදනයක් වන්නේ ද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ක්‍රමවේදය ලෙස ඌව හා ඊට තදාසන්න ප්‍රදේශයන්හි තොටයක් සමයම පවත්වනු ලබන පාරම්පරික ශිල්පීන්ට අයත් ප්‍රාථමික, ද්විතීක මූලාශ්‍රය අධ්‍යයනය කරන ලදි. තව ද ක්ෂේත්‍ර අධ්‍යයනය මගින් මෙම ශාන්තිකර්ම ප්‍රායෝගිකව නිරීක්ෂණය කරන ලද අතර පාරම්පරික ශිල්පීන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා මගින් ද පර්යේෂණයට අවශ්‍ය දත්ත රැස් කරගන්නා ලදි. එසේ රැස්කරගත් දත්ත විශ්ලේෂණයේ දී මෙම කරුණු අනාවරණය විය. අතීතයේ සමාජ ඇසුරක් නොමැතිව සාමාන්‍ය දැනුමකින් තොර ස්ත්‍රීන්, පුරුෂයන් පිටිසරබද පළාත ආශ්‍රිතව ජීවත් විය. ඔවුන්ට ලිංගික ජීවිතය පිළිබඳ උපදෙස් දීමට දෙමාපිය වැඩිහිටියෝ ඉදිරිපත් නොවිණි. තොටයක් සමයම මගින් නව යොවුන් තරුණියන්ටත්, අඹු සැමියන් හටත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන වක්‍රව සන්නිවේදනය කරනු දැකගත හැකි වේ. යෞවනියන් හැසිරිය යුතු ආකාරය, ගමන් බිමන් යා යුතු ආකාරය, ආහාර ගත යුතු ආකාරය පිළිබඳව උපදේශ තොටයක් ශාන්තිකර්මයේ ඇතුළත් මගින් බලි පදය ප්‍රකට වනු දක්නට ඇත. විවාහ ජීවිතයට ඇතුළත් වන කාන්තාවන් හට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන තොටයක් සමයම මගින් සමාජයට සන්නිවේදනය කරනු දක්නට ලැබේ. මෙම ශාන්තිකර්මයේ ඇතුළත් නානුමුරය මගින් කාන්තාවක් පිරිසිදු විය යුතු ආකාරය, කපු කැටීම මගින් තම පුරුෂයා සමඟ සබඳතා පැවැත්විය යුතු ආකාරය, දරු වැදීමේ දී දරුවකු බිහි කරන අයුරු හා වින්නඹු මවගේ කාර්ය පිළිබදවත්, දරු නැළවීම මගින් කුඩා දරුවකු නළවන ආකාරයත්, ගිරි යකිනි කවි මගින් ළඳරුවෙකුට ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳ පූර්ණ උපදේශනයක් සෞන්දර්යාත්මකව සමාජයට සන්නිවේදනයක් කෙරෙනු දක්නට ඇත. මෙම පර්යේෂණයන්ට අනුව තොටයක් සමයම මගින් සෞන්දර්යාත්මකව සමාජයට උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව නිගමනය කළ හැකි වේ.Item Mass Media and cultural imperialism in Sri Lanka (A special reference on the impact of Korean Tele drama's soft power to Sri Lankan culture)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Piyumali, W.M.This Research paper examines the impact of Korean Tele dramas that broadcasting in Sri Lankan channels to the subjugation of Sri Lankan culture and the emergence of Koreans culture. The selected dramas are famous and adored in both Korean & Sri Lankan audience. They contain insight in to the Korean culture, religion, myths, Korean music, the Korean pop culture and also the background of the Korean society. This research employs the method of both qualitative and quantitative analysis (mixed research method). To prepare research findings the data gathering tools used were interviews and questionnaires. The sample size of 100 was involved in the study through questionnaire data gathering technique by using random sampling methods, how simple television productions can be used as a tool for effective social changes & win millions of hearts and minds in the nation was researched. The cultural Influences made by these dramas created market potential for such culture based commercial goods in the local market. The hidden truth behind it is that they used the ideology of these dramas for establish themselves in the local market as well as to publicise their businesses. The lifestyles of many Sri Lankan have been affected by these Korean characters and ideologies they stand for. This is controversial social, cultural and media industrial challenge for Sri Lanka due to the gradual invasion of the culture by the Korean soft power thus creating an ideology to trap on the local audience as well as on the very core of the local culture.Item The impact of Covid-19 outbreak on the tourism industry in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Weerakkody, W. C. L.Covid-19 outbreak started in Wuhan, China, in December of 2019. The WHO declared the Covid-19 outbreak as a pandemic on 11th of March 2020. With the spread of Covid-19 all over the world, considerable number of patients were identified in Sri Lanka. The Covid-19 outbreak in Sri Lanka affected tourism industry. Tourism industry can be considered as the main path of income in Sri Lanka. The objectives of the research are identifying the impacts of Covid-19 outbreak for the tourism industry in Sri Lanka, considering about the effects on the whole economy which were caused by the tourism industry, and paying attention to the actions that are implementing by the relevant parties. All the tourist hotels in the Sri Lanka are considered as the population and five hotels selected randomly which are in Colombo district. The research is based quantitative data and those data are collected as secondary data. The collected data were analyzed using SPSS software and chi square test, and Anova model are used to analyze data. With the Covid-19 outbreak, the arrivals of foreign passengers were reduced and finally the airport is closed. The government and other parties take actions and imposing new rules on the tourism industry and the tourists’ hotels are implementing some relevant actions to reconstruction of the tourism industry. According to the research, the Covid-19 affect to tourism industry badly and thereby the main income source of Sri Lanka has collapsed. Finally, according to the research it can be concluded that Sri Lankan tourism industry has faced large losses with the effects of Covid-19, and it can be reconstructed by implementing relevant actions.Item කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අධ්‍යාපනයට COVID 19 වසංගතයේ බලපෑම(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Madhushani, N.M.S.H.S.; Amarakoon, B.G.T.H.; Sewwandi, D,B.M.කොරෝනා වෛරසය යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරසයකි. මෙය චීනයෙන් ආරම්භ වී ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 250කට අධිකව ව්‍යාප්ත විය. මේ හේතුවෙන් ලංකාවේ සියලුම අංශ කෙරෙහී විශාල බලපෑමක් එල්ල විය. එමගින් අධ්‍යාපනය කෙරෙහිද විශාල බලපෑමක් සිදු විය. ඒ අනූව එම වෛරසය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල මාස 5ක් පමණ අඛණ්ඩව වසා දැමුණී. මෙලෙස විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනික, තාක්ෂණික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් ගැටලු පිලිබඳ අධ්‍යනය කිරීම මෙම අධ්‍යනයේ මූලික අරමුණ විය. කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් තෝරා ගෙන එයින් එක් එක් වසර වලින් විද්‍යාර්ථීන් 100 බැගින් ගෙන 400ක නියැදියක් පොකුරු සසම්භාවී නියැදුම් ක්‍රමය මගින් තෝරාගන්නා ලදි. අධ්‍යනය සඳහා ප්‍රාථමික දත්ත යොදාගත් අතර එහිදී ප්රශ්ණමාලා ක්‍රමය මගින් දත්ත ලබාගන්නා ලදී. වගු හා ප්‍රස්තාර වැනි සරල සංඛ්‍යාන ක්‍රම මෙන්ම කයිවර්ග පරීක්ෂාව වැනි පරීක්ෂණ ක්‍රම මඟින් දත්ත විශ්ලේෂණය කරන ලදී. කොරෝනා සමයේ ඇදිරි නීතිය දැමීම හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපන අවස්ථා බොහෝදුරට සීමා විය. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී පොළොන්නරුව, අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශවල සිස ුන්ට තාක්ෂණික මෙන්ම ආර්ථික ගැටලු නිසා දේශණ වලට සහභාගී විමට නොහැකි විය. පළමු වසර හා දෙවන වසර සිසුන්ට එම අවස්ථාවද අහිමි වූ අතර මෙහිදී වැඩි වශයෙන් බලපෑම් එල්ල වූයේ ඔවුන්ටය. ඒ අනූව COVID 19 වසංගතය කැලණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපා ඇති බව දත්තවලට අනූව නිගමනය කළ හැකිය. විභාග කටයුතු සිසුන්ට පීඩනයක් නොවන ආකාරයට පැවැත්වීම, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීම, ඇගයීම් ලකුණු සාමාන්‍යයෙන් ලබාදෙන ප්‍රමාණයට වඩා වැඩි කිරීමට කටයුතු කිරීම කොරෝනා වෛරසය නිසා සිසුන්ට බලපෑ අධ්‍යාපන ගැටලු වලට විසදුමක් ලෙස යෝජනා කළ හැකිය.Item Consumer awareness and satisfaction about the functioning of the financial institution system in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Upekshanee, N.B.P.The financial institutional systems that began with the trade-off of the goods system and began with the use of money are now operating through a very complex system of institutions. The functionality of the current financial institutional system in Sri Lanka is examined here. The research problems are there is proper knowledge and understanding about the financial institutional system of Sri Lanka, Do the customers satisfy with the performance of the financial institution system in Sri Lanka and there is a difference in efficiency between public sector banks and private banks. The main objectives of the research are to examine whether consumers have proper knowledge and understanding of the functioning of the financial institution system in Sri Lanka, whether customers are satisfied with the performance of the financial institution system in Sri Lanka, and whether there is a difference in efficiency between public sector banks and private banks. Gampaha district was selected as the research area for the data collection and the primary data was collected through sixty questionnaires under four age groups. Tables, charts and graphs are used for data representation. Data analysis shows that customers transact with banks at least once a month and private banks are ahead of state banks in terms of friendliness and hospitality. About 55% of people maintain their savings, accounts in state banks on account of their accountability and security. The people with a monthly income of over Rs. 100,000 who use bank current accounts and get a general level of satisfaction. Most people over the age of 35 have taken out a bank loan and are generally satisfied with it. The majority of people use debit cards based on increased efficiency and get highly satisfied across it. Due to ignorance there are very few users of the eBook service. Many people are tempted to buy vehicles under the leasing facility and get a normal level of satisfaction.