NRCASS 2020
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/22377
Browse
Item 1977 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණයක්(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Kumari, K.D.M.N.ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් අවධානය යොමු කෙරෙන්නේ රටක ආර්ථික ක්‍රියාවලියේ දිශානතිය, අරමුණු සහ ක්‍රියාවලිය පෙන්නුම් කරනු ලබන සුවිශේෂි ලේඛනයක් ලෙස ද හැඳින්විය හැකි ය. විශේෂයෙන් ආර්ථිකමය, ගෝලීය සංවර්ධන බලපෑම්, සම්පත් හිඟකම, ප්රාග්ධනය, තාක්ෂණය, වෙළදපොළ ප්‍රසාරණය වීම වැනි ප්‍රශ්න විසදාලීමේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව දශක ගණනාවක් පුරාවට ම අවධානය යොමු කරන ලදී. ඒ අනුව 1948 වර්ෂයේ සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්තින් තුළ ම මෙරට සංවර්ධන ප්‍රතිපත්තිය සුවිශේෂි මඟකට යොමු කිරීමට හේතු පාදක විය. එම ප්‍රතිපත්ති තුළ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නැත්නම්, බාහිරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්තිය විදේශිය පෞද්ගලික අංශය දේශිය ආර්ථිකයට යොමු කරමින් ලෝක ආර්ථික ක්‍රමවේදය වෙත දිශානතිගත කිරීමක් සිදු කරන ලදී. එබැවින් මෙම පර්යේෂණයේ මුඛ්‍ය අභිමතාර්ථය බවට පත් වන්නේ 1977 වර්ෂයෙන් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සිදු කරන ලද බලපෑම පිළ ිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි. එහිදි අවධානය යොමු කරනු ලබන්නේ, 1977 සිට 88 දක්වා යුගය, 1989 සිට 1994 දක්වා යුගය, 1994- සිට 2004 දක්වා යුගය සහ 2004 සිට 2016 දක්වා ක්‍රියාත්මක වු මහින්ද චින්තන යුගයය ි. විශේෂයෙන් මෙම ආර්ථික ප්‍රතිපත්තිය සඳහා පාදක වු හේතූන්, ක්රමෝපායන් සහ ආර්ථික දර්ශනය කෙරෙහි වඩාත් අවධානය යොමු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. මෙම පර්යේෂණයේ ගැටලුව බවට පත් වන්නේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙකී සංවර්ධන ප්‍රතිපත්තිය කෙතරම් දුරට සාධනීය මෙන් ම නිශේෂධනීය ආකාරයෙන් බලපෑමක් සිදු කර ඇත්තේ ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමයි. පර්යේෂණ ක්‍රමවේදය ලෙස විස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක ක්රමවේදයත්, අධ්‍යයනය සඳහා ද්විතියික දත්ත භාවිතයට ගෙන ඇත. පර්යෙ ්ෂණ නිගමනය බවට පත් වන්නේ මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන අභියෝග, ප්‍රශ්න විසඳාලීමත්, ඒ තුළින් ඉලක්ක ඉදිරියට මෙහෙයවා සංවර්ධනය ඉදිරියට වේගවත් කර ගැනීමේ අවස්ථාව මේ තුළින් නිර්මාණය වී ඇති බවයි. එබැවින් විවිධ මුහුණ ුවරකින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති යෝජනා වශයෙන්, ආර්ථික සංවර්ධනය තුළ පෞද්ගලික අංශයේ මැදිහත් වීම පුළුල් කිරිම, ජාතික මෙන් ම ජාත්‍යන්තර තාක්ෂණික සබඳතා පුළුල් කර ගැනීම, වෙළඳපොල ප්‍රසාරණ අවස්ථා පුළුල් කිරීම, රට තුළ භෞතික සම්පත් භාවිතයට ගැනීම මෙන් ම රට තුළ දේශපාලන ක්රමවේදයත්, රාජ්‍ය ප්රතිපත්තීන්හි ස්ථාවරත්වයත් ගොඩ නැංවීම, යනාදී කාරණා අත්‍යාවශ්‍ය වේ.Item 2019 ජනාධිපතිවරණය සහ මාධ්‍ය හැසිරීම (ලංකාදීප පුවත්පතට විශේෂිතව සිදු කරන ලද අධ්‍යයනයක්)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wanigasingha, C.B.; Attanayaka, A.M.S.K.ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැය නවයක කාලයකට සීමා වුව ද කුමන පක්ෂයක කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ යුතු ද යන මතය නිර්මාණය කිරීමට බොහෝ කාලයක් ගත වනු ඇත. එකී මතය නිර්මාණය කිරීමේ මෙහෙවර ජනමාධ්‍ය මෙන්ම අද්යයතනයේ දී නව මාධ්‍යයන් ද විසින් සිදු කරනු ඇත. මෙම අධ්‍යයනයේ දී 2019 ජනාධිපතිවරණය කාල සීමාව තුළ දී පුවත්පත් මාධ්‍ය තුළ වාර්තාරකණය සිදු කළ ආකාරය දිනපතා ලංකාදීප පුවත්පතට විශේෂිතව අධ්‍යයනය කෙරේ. 2019 ජනාධිපතිවරණයේ දී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම කෙබඳු ද? යන්න විමසා බැලීම මෙම පර්යේෂණයේ මූලික ගැටලුව විය. 2019 ජනාධිපතිවරණයේදී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. මෙම පර්යේෂණය සඳහා අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය යොදා ගන්නා ලදී. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් වූ 2019 ඔක්තෝම්බර් මස 07 වන දිනයේ සිට ජනාධිපතිවරණය පැවැත් වූ 2019 නොවැම්බර් මස 16 දින දක්වා මුද්‍රිත, දිනපතා ලංකාදීප පුවත්පත්වල පළ වූ පුවත්, විශේෂ පිටු සහ අතිරේක, විශේෂාංග ලිපි, කතුවැකි හා කාටුන් පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණය සිදු කරන ලදී. පුවත්පතේ මුල් පිටුව තුළ පළ වූ පුවත් හා සිරස්තල තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩි අවස්ථාවක් ලබා දී ඇති බව නිගමනය විය. ප්‍රධාන ශීර්ෂපාඨය මගින් කිසිදු අපේක්ෂකයෙකුට සෘජුවම සහය පළ කරන ආකාරයේ වාර්තාකරණයක් සිදු කොට නොතිබුණ ආකාරයත් යම් අවස්ථාවන්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වක්‍රාකාරයෙන් සහය පළවන ආකාරයේ පුවත් වාර්තා කරණයක් සිදු කොට ඇත. පුවත්පතේ හැඩය යම් යම් අවස්ථාවන් තුළ වෙනස් වී ඇති අතර මුල් පිටුවට පෙර විශේෂ පිටුවක් එකතු කොට ඇති බව නිගමනය විය. මැතිවරණ කාලසීමාවක් තුළ දී රටේ ජනමාධ්‍ය හැසිරීම කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මගින් 2019 අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් 2019 සැප්තැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය උපමානයන් අනුව සෑම මුද්‍රිත මාධ්‍යයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී මධ්‍යස්ථ සහ අපක්ෂපාතී විය යුතු බව මූලික යෝජනාව වේ.Item Consumer awareness and satisfaction about the functioning of the financial institution system in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Upekshanee, N.B.P.The financial institutional systems that began with the trade-off of the goods system and began with the use of money are now operating through a very complex system of institutions. The functionality of the current financial institutional system in Sri Lanka is examined here. The research problems are there is proper knowledge and understanding about the financial institutional system of Sri Lanka, Do the customers satisfy with the performance of the financial institution system in Sri Lanka and there is a difference in efficiency between public sector banks and private banks. The main objectives of the research are to examine whether consumers have proper knowledge and understanding of the functioning of the financial institution system in Sri Lanka, whether customers are satisfied with the performance of the financial institution system in Sri Lanka, and whether there is a difference in efficiency between public sector banks and private banks. Gampaha district was selected as the research area for the data collection and the primary data was collected through sixty questionnaires under four age groups. Tables, charts and graphs are used for data representation. Data analysis shows that customers transact with banks at least once a month and private banks are ahead of state banks in terms of friendliness and hospitality. About 55% of people maintain their savings, accounts in state banks on account of their accountability and security. The people with a monthly income of over Rs. 100,000 who use bank current accounts and get a general level of satisfaction. Most people over the age of 35 have taken out a bank loan and are generally satisfied with it. The majority of people use debit cards based on increased efficiency and get highly satisfied across it. Due to ignorance there are very few users of the eBook service. Many people are tempted to buy vehicles under the leasing facility and get a normal level of satisfaction.Item Contribution of the major sectors of Sri Lankan Economy(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Sewwandi, H.L.A.M.The Economy of Sri Lanka mainly depends on three major sectors which are agriculture, industry and services that are highly contributing to the Gross Domestic Product (GDP). GDP is the market value of all officially recognized final goods and services produced within a country in a year, or over a given period of time. The main objective of this research is to study the contribution of major sectors such agriculture, industry and services to the economic growth of Sri Lanka. The data is secondary time series of all the variables and taken over the duration of 2005-2019. This data is approximately 15 years past. Main source of data is Central bank of Sri Lanka and Department of census and statistics. Moreover, for drawing useful inference from the available secondary data, the statistical tools and test like correlation analysis and multiple regression analysis have been used to analyze these data using SPSS and Excel. Finally, the study concludes that there is significant difference among the performance of the three sectors with regard to GDP contribution in the period 2005- 2019. There is higher positive degree of correlation between three major sectors and GDP growth rate of Sri Lanka. Each one-unit increase in Agriculture growth rate is associated with 0.847 unit increases in GDP growth rate, holding all other variables constant. Each one-unit increase in industry growth rate is associated with 0.189 unit increases in GDP growth rate, holding all other variables constant.Item Covid – 19 Pandemic and Unemployment in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Weerasinghe, M.G.D.L; Madhuwanthi, Y.I.; Wijemanna, P.R.The Covid-19 pandemic also known as the corona virus pandemic, is an ongoing pandemic of in the world. This pandemic has affected economic and social activities all over the world. There are lot of countries have locked down their economies. Unemployed persons available and/or looking for work, and who did not work and taken steps to find a job during last 4 weeks and ready to accept a job given a work opportunity within next two weeks are defined as unemployed. Unemployment is a key measure of economic health. Sri Lankan labor force has 8.6 million of economically active population in the 4th quarter of 2019.Because of this pandemic employment protection has been threatened and the loss of income. The problem is how to affect Covid -19 pandemic to unemployment in Sri Lanka? Objectives of this study, is to identify the relationship between these two, how this situation affects to Sri Lankan economy, due to the impact of new trade routes, export import orientation, international trade and advancement of new transportation system we as a country experience the impact of globalization. In this study, primary data from questionnaire and secondary data from quarterly data reports of Census and Statistics department, Sri Lanka have used to this study and used descriptive statistics for represent data and used some statistical data packages for data analysis.The challenge that Sri Lanka faces now is that how to take control over economy regenerated employment opportunities and take relevant measures protect existing employment in the labor market through proper labor market reforms. As a result of this study we found the unemployment rate got increased because of the pandemic and these two have positive relationship. The final conclusion is that the objectives have been achieved.Item Factors affecting the profitability of small-scale gem mining industry (Based on Kuruwita divisional secretariat in Rathnapura district)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wickramanayaka, D.G.A.M.; Henegedara, G. M.Gem industry, which is highly developed through the advancement of technology, has increased Sri Lanka's foreign exchange. By 2017, Sri Lanka has received a total of 22,075 million Rupees. This is a very high contribution of 99.85% of the total mineral exports to Sri Lanka (Economic and Social Statistics of Sri Lanka, 2018). Small-scale gem miners have very important part of this industry. The goal of small scale gem miners to get into the gem industry is to improve their quality of life. However, the profit earned by the miners is not enough to sustain the small scale gem mining business as a profitable business. Accordingly, the study aims to find out what factors are driving the small scale gem mining business as a profitable venture. The purpose of this study was to study the problems faced by small scale gem miners today. As the study area, the Kuruwita Divisional Secretariat in the Ratnapura District and 50 small scale gem miners in the two Grama Seva Divisions of Ihalagama / Theppanawa and Pathagama in this Divisional Secretariat were selected as the study sample. This study is mainly based on primary data. Data were analyzed using quantitative and qualitative analysis methods using a structured questionnaire. The results of the chi-Squared test revealed that the level of experience, technology, and investment potential (capital) influence the small-scale gem mining business as a profitable venture and level of education does not influence in the small-scale gem mining business as a profitable venture. It was also revealed that there were problems with the availability of raw materials, labor, licensing, mechanical technology and the gem market. Proposals to provide practical knowledge, financial support and marketing facilities to promote the value of small scale gem mining among the younger generation can be proposed.Item The impact of Covid-19 outbreak on the tourism industry in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Weerakkody, W. C. L.Covid-19 outbreak started in Wuhan, China, in December of 2019. The WHO declared the Covid-19 outbreak as a pandemic on 11th of March 2020. With the spread of Covid-19 all over the world, considerable number of patients were identified in Sri Lanka. The Covid-19 outbreak in Sri Lanka affected tourism industry. Tourism industry can be considered as the main path of income in Sri Lanka. The objectives of the research are identifying the impacts of Covid-19 outbreak for the tourism industry in Sri Lanka, considering about the effects on the whole economy which were caused by the tourism industry, and paying attention to the actions that are implementing by the relevant parties. All the tourist hotels in the Sri Lanka are considered as the population and five hotels selected randomly which are in Colombo district. The research is based quantitative data and those data are collected as secondary data. The collected data were analyzed using SPSS software and chi square test, and Anova model are used to analyze data. With the Covid-19 outbreak, the arrivals of foreign passengers were reduced and finally the airport is closed. The government and other parties take actions and imposing new rules on the tourism industry and the tourists’ hotels are implementing some relevant actions to reconstruction of the tourism industry. According to the research, the Covid-19 affect to tourism industry badly and thereby the main income source of Sri Lanka has collapsed. Finally, according to the research it can be concluded that Sri Lankan tourism industry has faced large losses with the effects of Covid-19, and it can be reconstructed by implementing relevant actions.Item The impact of unemployment rate to inflation rate in Sri Lanka(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Upekshanee, N.B.P.This paper examines about the unemployment rate responsiveness to the inflation rate expansion occurring during 1990-2017. The problem of this research is how impact unemployment rate to inflation rate in Sri Lanka? The objective of this study is to identify the impact of unemployment rate to inflation rate in Sri Lanka. Simple regression uses for measuring the impact of unemployment rate to inflation rate in Sri Lanka. SPSS software is used for calculating simple regression. Secondary data which has been collected from Central bank reports and department of census and statistics reports has been used for this survey. According to regression equation when increasing unemployment rate, increasing inflation rate in Sri Lanka. The unemployment rate of Sri Lanka 38.2 present affect to the inflation rate of Sri Lanka. Pearson correlation value 0.618 is less than 0.75. Therefore, this correlation is positive. But it is not strengthening. The regression equation is Y = 3.008 + 0.725Item Issues related to the Land use and Water Resource Management in Sri Lanka (A case study of Mi Oya River basin in Kurunegala District)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Madhumali, H.S.; Munasinghe, D.S.A.; Manamperi, S.B.; Fernando, D.C.V.The radial network of rivers begins in Central highlands in Sri Lanka. About 103 distinct river basins are covering 90 percent of the island. The Southwest quarter of the island has seven major basins including Kelani Ganga, Kalu Ganga, Maha oya, Attanagalu oya, Gin Ganga, Nilwala Ganga, and Bentota Ganga. Accordingly, river basins are the most significant ecosystem in biodiversity at present. As well as the problems of managing water efficiency and equitably have become an urgent policy and research issue in recent years for Sri Lanka. Due to river basins are more efficient in rural development of the country, it is very important to have a proper management procedure in order to address the issues of land use and water resource practices in Sri Lanka. This study aims to identify the issues related to land use and water resource management for the proper land and water utilization practices in Mi Oya river basin while research questions seek the answers for issues regarding land use and water resource management. Both quantitative and qualitative data collection methods used through the questionnaires, observations, structural, and semi-structured interviews. Among the descriptive and statistical data analytical methods, statistical analysis is highly used for the data analysis and discussion. The results revealed that paddy cultivation is the major land use practice and livelihood method in this area based on Mi Oya. But due to the lack of enough water condition and brackish water, paddy cultivation has to do only one season among the Yala, Maha and Intermediate season and it’s become non-profitable also. Therefore, the identification of additional water resources and water purifying can be identified as effective solutions for the recognized issues in this case study.Item Mass Media and cultural imperialism in Sri Lanka (A special reference on the impact of Korean Tele drama's soft power to Sri Lankan culture)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Piyumali, W.M.This Research paper examines the impact of Korean Tele dramas that broadcasting in Sri Lankan channels to the subjugation of Sri Lankan culture and the emergence of Koreans culture. The selected dramas are famous and adored in both Korean & Sri Lankan audience. They contain insight in to the Korean culture, religion, myths, Korean music, the Korean pop culture and also the background of the Korean society. This research employs the method of both qualitative and quantitative analysis (mixed research method). To prepare research findings the data gathering tools used were interviews and questionnaires. The sample size of 100 was involved in the study through questionnaire data gathering technique by using random sampling methods, how simple television productions can be used as a tool for effective social changes & win millions of hearts and minds in the nation was researched. The cultural Influences made by these dramas created market potential for such culture based commercial goods in the local market. The hidden truth behind it is that they used the ideology of these dramas for establish themselves in the local market as well as to publicise their businesses. The lifestyles of many Sri Lankan have been affected by these Korean characters and ideologies they stand for. This is controversial social, cultural and media industrial challenge for Sri Lanka due to the gradual invasion of the culture by the Korean soft power thus creating an ideology to trap on the local audience as well as on the very core of the local culture.Item A study on identifying land use changers in Monaragala city area(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Rathnayaka, R. M. KalinduThis study examines the changes that have occurred in the land use of the Monaragala city area during the period from 1985 to 2018. The main objective of this research is to identify land-use changes, trends, and progress of the land use pattern in the study area. Three Grama Niladhari Divisions belonging to the Monaragala Divisional Secretariat Division were selected as the study area. Because the City area was located in these three GN Divisions. Quantitative and qualitative data were used for this study using a regional approach and secondary data required for the study were obtained from the Land Use Department of Monaragala District, Department of Agriculture in Monaragala District, and the Agrarian Services Center of Monaragala District. Investigating the nature of the study area which is 1:50000 Metric Digital Data in 1985 and 1: 50000 Metric Digital Data in 2000 and 2018 data is obtained through Google Earth. The data thus collected were analyzed using GIS technology and Excel. After analyzing the data, it was possible to identify the changes, trends, and progress of the land use pattern in this area. The land area of a home garden which was 4.179km2 in 1985 had increased to 5.054km2 in 2018. Rubber plantations were introduced to the study area in the year 2000, which resulted in a change in land-use patterns. Accordingly, in the analysis of the data, it was found that by the year 2018, 0.709km from the study area had been planted rubber. And also the forest cover of 2.032km2 in 1985 has decreased to 1.325km2 by 2018. The number of paddy lands reduced from 0.417km2 in 1985 to 0.219km2 by 2018. The rock area of the study area was 0.171km2 in the year 1985, and it has reduced to 0.147km2 by the year 2018. Thus, at the end of the study, four key factors were identified that could influence changes, trends, and progress in land use patterns in the study area. They are increased service facilities, increased city limits of Monaragala town area, increased habitat, and the introduction of new crops such as rubber.Item Study the most influential factors of human- peacock conflicts in rural areas in Sri Lanka; A case study in Wewere GND, in Kandy District.(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Danasekara, D.R.A.K.The peacock is an omnivorous animal which is already identified as the top agro- pest in Sri Lanka. As a conserved wildlife species, peacocks are usually found outside forest reservations since they get their food requirement fulfilled through grains and small insects in the agricultural fields. There has been a huge increase in peacock populations over the past five years in Sri Lanka. However, farmers in the study area are suffering as the peacock attacks on their crops damaging the produce. Wewere GND is selected for this study as there was high consumption of land for agriculture in Kandy District. The main object of this research is to identify the most influential factors of human – peacock conflict in the study area. The methodology of the research was a mixed method under the human – ecological approach. Random sampling method used to collect primary data from 30 farmers in study area. Google Earth pro and Arc GIS 10.5 software used to analyze the land cover changes in the Wewere GND. The results were represented with maps, charts, graphs, tables using MS Excel. The results revealed that the most influential factor to this problem is reducing the land cover due to the mismanagement of the land. Lack of predators for peacocks and, the religious-cultural aspects based with peacocks increase the peacock population. The management of agricultural system must be carried on the sustainable approach and related authorities should pay attention to minimize the severe problem.Item Use of Social Media to Release Personal Stress(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Madhusriya, W.A.D.This research discusses the Use of Social Media to Release Personal Stress. Social media consist of computer-mediated technologies that facilitate the creation and sharing of information, ideas, career interests, and other forms of expression via virtual communities and networks. Many people today tend to release their stresses through social media. Hence this research is very timely. The research in consideration looks into the problem of ‘What is the use of social media in releasing personal stress?’ Accordingly, the research questions are as follows 1) do people release their stress through social networks? 2) how do people release their stress through social networks? And lastly, 3) what are the most commonly used social media platforms to release stress? The main purpose of this study is to identify ‘Why people are tempted to use social media to release personal stresses? The objectives are to identify the factors that affect personal stress? Does using social media to relieve stress reduce their stress? How does the use of social media to relieve stress affect society? In this study, it is hypothesized that social networks build/ strengthened through social media platforms as a mode to relieve personal stresses. The study also followed a quantitative methodology when conducting the research and collected qualitative data through surveys using the Random sampling method. Primary data was collected through a Google form questionnaire by sharing it on social media. For this, 100 responders in to 21-30 age limit were used as the sample. The study has analyzed data by SPSS. According to the data obtained, in the age group of 21-30, 84.56% of database users say that social media is used to relieve stress, and 96% of that percentage reported that stress is released without harming others and society. 92% of people say that Facebook, WhatsApp, and Instagram are the most used social media platforms utilized to relieve stress. The majority of the sample uploads statuses, posts, shares posts, and writes poetry as a way to relieve stress. 68% of the responders stated that engaging in such activities can reduce stress. It is noteworthy to identify that 97% of people use emoji to relieve their stress. Finally, this research concludes that there is a positive effect in terms of relieving a person’s stress through social media.Item ඉන්දියානු සාගර කලාපය තුළ චීනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Prasanthika, R.G.A.ලෝක දේශපාලනය තුළ ජාත්‍යන්තර සබඳතා, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, ආගමික යන විවිධ ක්ෂේත්රයන් පිළිබඳ සලකා බැලීමේදී මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස ඉන්දියානු සාගර කලාපය හඳුනාගත හැකිය. ඉන්දියානු සාගර කලාපය දකුණු ආසියාවට පමණක් නොව මුහුදු මාර්ග හරහා පෙරදිග හා අපරදිග සම්බන්ධ කරනු ලබන උපාය මාර්ගික වශයෙන් වැදගත් කලාපයක් වශයෙන්ද හඳුනාගත හැකිය. විවිධත්වයෙන් යුතු රාජ්‍ය ගණනාවක් ඉන්දීය සාගර කලාපයට අයත් වන අතර ගෝලීය වෙළඳාමේදී වැඩි ආර්ථික ශක්‍යතාවයක් ද ඉන්දියානු සාගර කලාපයට හිමිවේ. එනම් ලෝක වෙළදාමෙන් විශාල ප්‍රමාණයක් ඉන්දීය සාගරය හරහා සිදු වීමයි. එමෙන්ම උපාය මාර්ගික වටිනාකමක් ඉන්දියානු සාගර කලාපය සම්බන්ධයෙන් පැවතීම හේතු කොට ගෙන ආසියාවේ නැගී එන රාජ්‍යයක් ලෙස, චීනයේ වැඩි අවධානයට ලක් වී ඇත. ඉන්දියානු සාගර කලාපය තුළ චීනය විසින් බල ආධිපත්‍ය ව්‍යාප්ත කර ගැනීමේ ක්‍රියාවලිය හරහා ඉන්දියානු සාගර කලාපයේ කුඩා රාජ්‍යයන්ට හා ඉන්දියාවට එය අභියෝගයක් මෙන්ම තර්ජනයක් වන ආකාරය විමර්ශනය කිරීම මෙම පර්යේෂණයේ ගැටලුව වේ. පර්යේෂණයේ අරමුණු ලෙස, චීනයේ ක්‍රියාකාරිත්වය නිසා ඉන්දියන් සාගර කලාපය තුළ පවතින කුඩා රාජ්‍යයන්ගේ පැවැත්ම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබීම අධ්‍යයනය කිරීමත්, දකුණු ආසියානු බලවතා ලෙස ඒ සම්බන්ධව ඉන්දීය මැදිහත්වීම කෙසේද යන කරුණු අරමුණු කර ගනී. පර්යේෂණ දත්ත සපයා ගැනිම ද්විතියික මූලාශ්‍ර මත පදනම්ව විස්තරාත්මක ක්‍රමවේදය භාවිතා කරමින් ඉදිරිපත් කර ඇත. පර්යේෂණය තුළින් සනාථ වූයේ, ඉන්දියන් සාගර කලාපය තුළ චීනය තම බලය ව්‍යාප්ත කර ගැනීමේ උත්සහයක නිරත වන බවත් එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියන් සාගරය හා සම්බන්ධ කුඩා රාජ්‍යයන් වෙත සංවර්ධන ආධාර සැපයීම හා ආයෝජන පවත්වා ගෙනයාම ආදී ක්‍රියාමාර්ග ඔස්සේ චීනය විසින් එම රාජ්‍ය භාවිතයට ගනු ලබන බවත්, ඉන්දියාව චීනයේ බලයට අභියෝගකාරී ලෙස තම බලය ඉන්දියන් සාගරය තුළ ව්‍යාප්ත කර ගැනීම සඳහා නියැලෙන බවත්ය. තවද, චීනය විසින් මුහුදු මාර්ග ඔස්සේ චීනයට වාසිදායක වූ ව්‍යාපාර සිදු කරන අතර මැදපෙරදිග සිට අප්‍රිකානු ප්‍රදේශයන්ට ව්‍යාපාර මෙහෙය වීමේදි චීනය ඉන්දියන් සාගර කලාපය බහුලව භාවිතා කොට ඇත. එම නිසා ඉන්දියානු සාගර කලාපය තුළ බලවත් ඉන්දියාව, ප්‍රබල අභියෝගයකට මෙන්ම තර්ජනයකට මුහුණ දී ඇත. එමෙන්ම ඉන්දියන් සාගරය හා බද්ධ කුඩා රාජ්‍යයන්ගේ බලවත් වරායන් චීනය සූක්ෂමව නතු කර ගැනිම ද දක්නට ලැබේ. එය චීනය විසින් මුතු ඇමිණීමක් සිදු කිරිම වශයෙන් හඳුන්වනු ලැබේ.Item කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අධ්‍යාපනයට COVID 19 වසංගතයේ බලපෑම(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Madhushani, N.M.S.H.S.; Amarakoon, B.G.T.H.; Sewwandi, D,B.M.කොරෝනා වෛරසය යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරසයකි. මෙය චීනයෙන් ආරම්භ වී ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 250කට අධිකව ව්‍යාප්ත විය. මේ හේතුවෙන් ලංකාවේ සියලුම අංශ කෙරෙහී විශාල බලපෑමක් එල්ල විය. එමගින් අධ්‍යාපනය කෙරෙහිද විශාල බලපෑමක් සිදු විය. ඒ අනූව එම වෛරසය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල මාස 5ක් පමණ අඛණ්ඩව වසා දැමුණී. මෙලෙස විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනික, තාක්ෂණික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් ගැටලු පිලිබඳ අධ්‍යනය කිරීම මෙම අධ්‍යනයේ මූලික අරමුණ විය. කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් තෝරා ගෙන එයින් එක් එක් වසර වලින් විද්‍යාර්ථීන් 100 බැගින් ගෙන 400ක නියැදියක් පොකුරු සසම්භාවී නියැදුම් ක්‍රමය මගින් තෝරාගන්නා ලදි. අධ්‍යනය සඳහා ප්‍රාථමික දත්ත යොදාගත් අතර එහිදී ප්රශ්ණමාලා ක්‍රමය මගින් දත්ත ලබාගන්නා ලදී. වගු හා ප්‍රස්තාර වැනි සරල සංඛ්‍යාන ක්‍රම මෙන්ම කයිවර්ග පරීක්ෂාව වැනි පරීක්ෂණ ක්‍රම මඟින් දත්ත විශ්ලේෂණය කරන ලදී. කොරෝනා සමයේ ඇදිරි නීතිය දැමීම හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපන අවස්ථා බොහෝදුරට සීමා විය. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී පොළොන්නරුව, අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශවල සිස ුන්ට තාක්ෂණික මෙන්ම ආර්ථික ගැටලු නිසා දේශණ වලට සහභාගී විමට නොහැකි විය. පළමු වසර හා දෙවන වසර සිසුන්ට එම අවස්ථාවද අහිමි වූ අතර මෙහිදී වැඩි වශයෙන් බලපෑම් එල්ල වූයේ ඔවුන්ටය. ඒ අනූව COVID 19 වසංගතය කැලණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපා ඇති බව දත්තවලට අනූව නිගමනය කළ හැකිය. විභාග කටයුතු සිසුන්ට පීඩනයක් නොවන ආකාරයට පැවැත්වීම, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීම, ඇගයීම් ලකුණු සාමාන්‍යයෙන් ලබාදෙන ප්‍රමාණයට වඩා වැඩි කිරීමට කටයුතු කිරීම කොරෝනා වෛරසය නිසා සිසුන්ට බලපෑ අධ්‍යාපන ගැටලු වලට විසදුමක් ලෙස යෝජනා කළ හැකිය.Item කුඩා ව්‍යාපාර සඳහා මූල්‍ය සම්පාදනය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Shreemali, W.P.S.කුඩා ව්‍යාපාර ආර්ථිකයේ ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇති අතර අපනයන ප්‍රවර්ධනය, ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම, දේශීය ආර්ථික වෘද්ධිය ඉහළ නැංවීම සහ රැකියා උත්පාදනය සඳහා සුවිසාල දායකත්වයක් ලබා දෙයි. ගෝලීයකරණය හා පෞද්ගලීකරණය සමඟ ලොව සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ද කුඩා ව්‍යාපාර වර්ධනය උදෙසා විශේෂ අවධානයක් යොමු කර ඇත. ආර්ථිකයේ දැඩි තරඟකාරීත්වය මත කුඩා ව්‍යාපාර දුෂ්කරතාවයන් රැසකට මුහුණ දෙන අතර ප්‍රාග්ධන හිගකම, ශ්‍රම හිගකම, ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක කිරීමෙදී තාක්ෂණික පහසුකම් අවම වීම ඒ අතර ප්‍රධාන වේ. මේ අතුරින් ව්‍යාපාරයේ පැවැත්ම සඳහා සෘජුවම බලපාන අභියෝගයක් ලෙස ප්‍රාග්ධන සම්පාදනයේදී ඇතිවන ගැටලු දැක්විය හැකිය. කුඩා ව්‍යාපාර ප්‍රාග්ධන අවශ්‍යතාවලදී අභ්‍යන්තර හා බාහිර වශයෙන් විවිධ මූල්‍ය සම්පාදන ක්‍රම අනුගමනය කරන අතර බාහිර ප්‍රාග්ධන මූලාශ්‍ර භාවිතයේදී වැඩි වශයෙන් අවිධිමත් ණය ක්‍රමවේද වෙත යොමු වීමේ තත්ත්වයක් පවතී. කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා වාණිජ බැංකු හරහා ණය වැඩසටහන් ක්‍රියාත්මක වුවද මූල්‍ය සම්පාදන කටයුතුවලදී වාණිජ බැංකු කෙරෙහි කුඩා ව්‍යාවසායකයින් යොමු නොවීම සඳහා කුමන ආකාරයේ සාධකයන්හි බලපෑමක් පවතී ද යන්න අධ්‍යයනය මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වේ. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ව්‍යාපාර පනහක් සරල සසම්භාවී නියදුම් ක්‍රමය යටතේ නියදිය ලෙස තෝරා ගන්නා ලදී. පර්යේෂණ සීමා ලෙස සේවා සපයන කුඩා ව්‍යාපාර පමණක් සහ විධිමත් මූල්‍ය සම්පාදන ක්‍රම වේද යටතේ වාණිජ බැංකු ණය පිළිබඳ පමණක් අධ්‍යයනය සඳහා යොදා ගන්නා ලදී. ප්‍රාථමික දත්ත සහ ද්විතියික දත්ත යොදා ගත් අතර ප්‍රශ්නාවලියක් මඟින් ප්‍රාථමික දත්ත රැස් කරගන්නා ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිත කර අතර විශ්ලේෂණාත්මක මෙවලම් SPSS හා Excel මෘදුකාංග යොදා ගැනිණි. බැංකු ණය සඳහා ඉහළ පොළියක් ගෙවීමට සිදුවීම, දැඩි ඇපකර කොන්දේසි මත අවශ්‍ය ඇපසුරැකුම් ඉදිරිපත් කිරීමේ අපහසුතාවය, බැංකු ණය වැඩසටහන් පිළිබඳ දැනුවත්භාවය අඩු බව, බැංකු ණය ලබා ගැනීමේ දී හුවමාරු පිරිවැය ඉහළ යාම , රජය මඟින් වාණිජ බැංකු හරහා ව්‍යාපාර ණය ලබා දීමේදී දේශපාලන මැදිහත්වීම් සිදු වීම යන සාධක හේතුවෙන් කුඩා ව්‍යවසායකයින් මූල්‍ය අවශ්‍යතාවලදී වාණිජ බැංකු ණය සඳහා යොමු නොවන බවත් බැංකු ණය ලබා ගැනීම සම්බන්ධව කුඩා ව්‍යවසායකයින්ට ප්‍රමාණවත් ඉඩ ප්රස්ථා පුළුල් නොවීම මත ඔවුන් අවිධිමත් ණය මූලාශ්‍ර වෙත යොමු වීම සිදුවන බවත් නිගමනය කළ හැකිය. බැංකු විසින් කුඩා ව්‍යවසායකයින්ට ණය ලබා දීමේදී අනුගමනය කරනු ලබන සංකීර්ණ රෙගුලාසිවල නම්‍යශීලී බව වැඩි කිරීම තුළින් විධිමත් මූල්‍ය ප්‍රවේශයක් ලබා ගැනීමට ඇති හැකියාව පුළුල් වන අතර රාජ්‍ය මැදිහත්වීම මත ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රම, ඇප ආවරණ යෝජනා ක්‍රම විධිමත් සහ සර්ව සාධාරණව ක්‍රියාත්මක කිරීම මඟින් කුඩා ව්‍යවසායකයින් මුහුණ දෙනු ලබන ප්‍රාග්ධන අර්බුදය විසඳා ගැනීමෙහිලා සුවිසාල දායකත්වයක් ලැබෙනු ඇත.Item ගුණාත්මක අධ්‍යාපනය සහ තිරසර සංවර්ධනය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wickramanayaka, D.G.A.M.ගෝලීය වශයෙන් 2030 වර්ෂය වන විට ඉටුකර ගැනීමට අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු 17 අතුරින් සිව්වන අරමුණ බවට පත්ව ඇත්තේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි. එහි පරමාර්ථය වී ඇත්තේ “සියල්ලන් ඇතුළත් කර ගත් හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනය සහ සියල්ලන් උදෙසා ජීවිත කාලීන ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කිරීම” යන්නයි (www.undp.org) ලෝක බැංකුව පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ළමයෙකු සාමාන්‍යයෙන් වසර 13ක පාසල් අධ්‍යාපනයක් සම්පූර්ණ කරන නමුත් එහි ගුණාත්මකභාවය සමඟ සැසඳූ විට ළමයෙකුට හිමිව ඇත්තේ වසර 8.3කට සමාන ඉගෙනුමක් පමණි. ඒ අනුව වසර 4.7 ක ඉගෙනුම් පරතරයක් නිර්මාණය වී තිබේ (ලෝක බැංකුව, 2018). ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කර ගත් එකක් වන අතර පසුගිය දශක කීපයේ දී 92.7% ක ප්‍රශංසනීය සාක්ෂරතාවයක් සාක්ෂාත් කර ගෙන ඇත ( මහ බැංකු වාර්ෂික වාර්තාව, 2019). නමුත් නාගරික හා ග්‍රාමීය වශයෙන් අධ්‍යාපනයේ පවත්නා අසමානතා සැලකීමේ දී උදාහරණ වශයෙන් පාසල් වර්ගය අතර පවත්නා වෙනස්කම් සහ ඒවායේ යෝග්‍යතාවය අනුව දරුවන්ගේ ඉගෙනුම් සහ අධ්‍යාපනයේ එල සීමා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය වෙත පවත්නා අසමාන අවස්ථා මොනවාද යන්න හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ ගැටලුව වන අතර එමඟින් ඇති වන ප්‍රතිවිපාක පිළිබඳ විමසීම ද මෙහි අරමුණ විය. මේ සඳහා ද්විතීයික දත්ත යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා, අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා, වෙනත් ආයතනික වාර්තා, පොත් පත් හා සඟරා ආදිය භාවිත කර ඇත. ඒ අනුව පාසල් වර්ගය, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය හා සම්පත් යෙදවුම් හා පාසල් කළමනාකරණය තුළ අසමානතා තිබෙන බවත්, ඒවා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා බලපාන බවත් හඳුනා ගැනීමට හැකි විය. මෙම අසමාන ඉගෙනුම් අවස්ථා දරුවන්ගේ ඉගෙනුම් ඵලයන්හි අසමානකම් වලට තුඩු දෙන අතර එය ජාතික විභාග වල කාර්ය සාධන වාර්තා සහ අධ්‍යාපන පර්යේෂණ හා ඇගයිම් මධ්‍යස්ථාන වාර්තා මගින් විද්‍යාමාන වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සඳහා සියල්ලන්ම ඇතුළත් වීම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන නමුත් අධ්‍යාපනයේ ගුණාත්මක බව සම්බන්ධයෙන් අසමානතා පවතින බව මනාව පැහැදිලි වේ.Item චිත්‍රපට දැන්වීම්කරණයේ ඡායාරූපමය භාවිතය : තෝරා ගත් ශ්‍රී ලාංකීය චිත්‍රපට කිහිපයක පෝස්ටර් දැන්වීම්වලට විශේෂිතව*(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Dulanjalee, K.A.N.වර්තමානය වන විට සිනමාව කලාවක් පමණක් නොව, ප්‍රධාන ධාරාවේ කර්මාන්තයක් බවට ද පත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපට වෙළඳපොළක් බිහිවී ඇති අතර චිත්‍රපට නිර්මාණකරුවන්ට එකී වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණ දීමට සිදු වී ඇත. එනිසා චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමේදී ප්‍රචාරණ සැලැසුමක් අනුව කටයුතු කිරීමට ද සිදු වී ඇති අතර එවැනි සැලැසුම් අතර චිත්‍රපට පෝස්ටරයට ප්‍රමුඛතාවයක් ලැබී ඇත. මෙම අධ්‍යයනයේ මූලික අවධානය යොමු කර ඇත්තේ චිත්‍රපට පෝස්ටර් නිර්මාණයයට යොදාගන්නා නිශ්චල ඡායාරූප සම්බන්ධවයි. ‘ශ්‍රී ලංකාව තුළ බිහිවන චිත්‍රපට සඳහා නිර්මාණය කරන පෝස්ටර් දැන්වීම්වලට යොදා ගැනෙන ඡායාරූප මගින්, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිසි පරිදි ප්‍රේක්ෂකයාට සන්නිවේදනය වේ ද?’ යන පර්යේෂණ ගැටලුව පාදක කර ගනිමින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ජාතික චිත්‍රපට සංස්ථාවේ දළ ආදායම් වාර්තාවන්ට අනුව 2015 සිට 2018 දක්වා වසරවල ඉහළ ආදායම් ලැබූ චිත්‍රපට අතුරින්, ශානර 5 ක් නියෝජනය වන සේ චිත්‍රපට 5 ක් පර්යේෂණය සඳහා යොදා ගත් අතර එම චිත්‍රපටවල පෝස්ටරයේ ඇති ඡායාරූප හා චිත්‍රපට අන්තර්ගතය අතර සම්බය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලි හා සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රැස් කරන ලදි. ප්‍රශ්නාවලිය සඳහා නියැදිය වශයෙන් අහඹු නියැදි ක්‍රමයට 50 දෙනෙකු තෝරා ගන්නා ලදී. සම්මුඛ සාකච්ඡා සඳහා නියැදිය තෝරා ගනු ලැබුවේ, තෝරාගත් චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන්, නිශ්චල ඡායාරූපය ශිල්පීන්, ග්‍රැෆික් නිර්මාණකරුවන් සහ සිනමා ක්ෂේත්රයේ විෂය ප්රවීණයන්ය. රැස් කර ගත් ප්‍රමාණාත්මක දත්ත SPSS මෘදුකාංගය හරහා ද ගුණාත්මක දත්ත ගුණාත්මක විශ්ලේෂණය හරහා ද විශ්ලේෂණය කරන ලදි. බහුතරයක් ශ්‍රී ලාංකික චිත්‍රපට පෝස්ටර් සඳහා යොදා ගන්නා ඡායාරූප, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය කරන ඒවා නොවන බවත්, ඒ වෙනුවට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබා දෙන ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් හෝ නැතිනම් චිත්‍රපටය විසින් ඉලක්ක කරන ලද ප්‍රේක්ෂක ප්‍රජාව වඩාත් ඉක්මණින් ආකර්ෂණය කර ගැනීමේ සන්නිවේදනාත්මක ශක්‍යතා සහිතව පෝස්ටර් නිර්මාණය කර ඇති බවත් පැහැදිලි විය. පෝස්ටර් මගින් චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය වී ඇති අවස්ථාවලදීට වඩා ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් පෝස්ටර් නිර්මාණය කර ඇති අවස්ථාවලදී එම පෝස්ටර් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳී ඇති බව ද තහවුරු විය.Item තොටයක් සමයම මගින් සමාජයට ලැබෙන්නාවූ සන්නිවේදනය හා උපදේශනය(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Chandrasekara, C.M. Ramith Preshalතොටයක් සමයම ශාන්තිකර්මය ඌව පළාත හා ඊට තදාශ්රිත මහඔය, පදියතලාව, නාමල්ඔය, අරන්තලාව, සේරන්කඩ යන ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්තව පවතී. මෙය හුදෙක් කාන්තා පාර්ශවය උදෙසා පවත්වනු ලබන ශාන්තිකර්මයක් වේ. තොට යක්ෂයාගේ ඇල්ම බැල්ම හේතුවෙන් කාන්තාවන් හට ඇතිවන උපද්‍රව දුරු කිරීමෙහිලා මෙම ශාන්තිකර්මය පැවැත්වේ. නමුත් මෙම ශාන්තිකර්මයේ අන්තර්ගත පද්‍ය සාහිත්‍යය හා චාරිත්‍ර විමර්ශනයේ දී ප්‍රකට වන්නේ මෙම ශාන්තිකර්මය මගින් උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව ය. තොටයක් සමයම ශාන්තිකර්මය මගින් සමාජයට උපදේශනයක් සන්නිවේදනයක් වන්නේ ද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ක්‍රමවේදය ලෙස ඌව හා ඊට තදාසන්න ප්‍රදේශයන්හි තොටයක් සමයම පවත්වනු ලබන පාරම්පරික ශිල්පීන්ට අයත් ප්‍රාථමික, ද්විතීක මූලාශ්‍රය අධ්‍යයනය කරන ලදි. තව ද ක්ෂේත්‍ර අධ්‍යයනය මගින් මෙම ශාන්තිකර්ම ප්‍රායෝගිකව නිරීක්ෂණය කරන ලද අතර පාරම්පරික ශිල්පීන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා මගින් ද පර්යේෂණයට අවශ්‍ය දත්ත රැස් කරගන්නා ලදි. එසේ රැස්කරගත් දත්ත විශ්ලේෂණයේ දී මෙම කරුණු අනාවරණය විය. අතීතයේ සමාජ ඇසුරක් නොමැතිව සාමාන්‍ය දැනුමකින් තොර ස්ත්‍රීන්, පුරුෂයන් පිටිසරබද පළාත ආශ්‍රිතව ජීවත් විය. ඔවුන්ට ලිංගික ජීවිතය පිළිබඳ උපදෙස් දීමට දෙමාපිය වැඩිහිටියෝ ඉදිරිපත් නොවිණි. තොටයක් සමයම මගින් නව යොවුන් තරුණියන්ටත්, අඹු සැමියන් හටත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන වක්‍රව සන්නිවේදනය කරනු දැකගත හැකි වේ. යෞවනියන් හැසිරිය යුතු ආකාරය, ගමන් බිමන් යා යුතු ආකාරය, ආහාර ගත යුතු ආකාරය පිළිබඳව උපදේශ තොටයක් ශාන්තිකර්මයේ ඇතුළත් මගින් බලි පදය ප්‍රකට වනු දක්නට ඇත. විවාහ ජීවිතයට ඇතුළත් වන කාන්තාවන් හට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන තොටයක් සමයම මගින් සමාජයට සන්නිවේදනය කරනු දක්නට ලැබේ. මෙම ශාන්තිකර්මයේ ඇතුළත් නානුමුරය මගින් කාන්තාවක් පිරිසිදු විය යුතු ආකාරය, කපු කැටීම මගින් තම පුරුෂයා සමඟ සබඳතා පැවැත්විය යුතු ආකාරය, දරු වැදීමේ දී දරුවකු බිහි කරන අයුරු හා වින්නඹු මවගේ කාර්ය පිළිබදවත්, දරු නැළවීම මගින් කුඩා දරුවකු නළවන ආකාරයත්, ගිරි යකිනි කවි මගින් ළඳරුවෙකුට ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳ පූර්ණ උපදේශනයක් සෞන්දර්යාත්මකව සමාජයට සන්නිවේදනයක් කෙරෙනු දක්නට ඇත. මෙම පර්යේෂණයන්ට අනුව තොටයක් සමයම මගින් සෞන්දර්යාත්මකව සමාජයට උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව නිගමනය කළ හැකි වේ.Item තොරතුරු ගවේෂණය සඳහා විශ්වවිද්‍යාල පුස්තකාල තුළ භාවිත කරනු ලබන තොරතුරු ගවේෂණ උපක්‍රම පිළිබද විද්‍යාර්ථින්ගේ දැනුවත්භාවය පිළිබද අධ්‍යනයක් (කැළණිය විශ්වවිද්‍යාල පුස්තකාලය ඇසුරින්)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Indrachapa, W.R.N.තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වනවිට තොරතුරු බිහිවීමේ සීඝ්‍රතාවය වර්ධනය වී ඇත. මේ හේතුවෙන් විවිධ විෂය ක්ෂේත්රයකට අදාළව විවිධාකාර තොරතුරු බිහිවන අතර තොරතුරු බහුලතායක් ඇති වී තොරතුරු පුපුරායාමකට ලක් වේ . මෙලෙස තොරතුරු බහුලතාවය නිසාවෙන් තමාට අවශ්‍ය නිවැරදි තොරතුරු නිවැරදි ආකාරයෙන් ලබා ගැනීමට බොහෝ දෙනා උත්සහ කරනු ලබයි. ඒ අතරින් විශේෂිත කණ්ඩායමක් ලෙස විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දැක්විය හැකිය . එම නිසා වර්තමානයේ විශ්වවිද්‍යාල පුස්තකාලයන් තුළ විද්‍යාර්ථීන්ට නිවැරදි තොරතුරු ගවේෂණය සදහා විවිධ ගවේෂණ උපක්‍රම හදුන්වා දී ඇත . මෙම තොරතුරු ගවේෂණ උපක්‍රම හරහා තොරතුරු අවශ්‍ය වේලාවට , නිවැරදි ආකාරයෙන් ලබා ගැනීමට හැකියාව ලැබේ . මෙලෙස විවිධාකාර වූ ගවේෂණ ක්‍රමවේදයන් විශ්වවිද්‍යාල පුස්තකාලයන් තුළ පැවතියද ඒ පිළිබද විද්‍යාර්ථීන් තුළ පවතින දැනුවත්භාවය මදගතියක් පැවතීම මෙම පර්යේෂණයට පාදක වූ ගැටලුවයි. මෙම අධ්‍යනයේ මූලික අරමූණු වන්නේ , විශ්වවිද්‍යාල පුස්තකාලයන් තුළ තොරතුරු ගවේෂණයට භාවිතා කරනු ලබන ගවේෂණ උපක්‍රම හදුනාගැනීම , ගවේෂණ ක්‍රම භාවිතයෙන් විද්‍යාර්ථීන්ට තොරතුරු දැනගැනීමට ඇති හැකියාව අධ්‍යනය කිරීම හා ගවේෂණ ක්‍රමවේදයන් පිළිබඳ ඔවුන්ගේ පවතින දැනුවත්භාවය හදුනා ගැනීමයි . මෙහිදී දත්ත රැස් කිරීම සදහා ප්‍රථමික හා ද්විතීයික මූලාශ්‍ර භාවිතා කළ අතර ප්‍රථමික මූලාශ්රයන් ලෙස නිරීක්ෂණය හා ප්‍රශ්නාවලීන් ද ද්විතීයික මූලාශ්රයන් ලෙස පොත්පත් හා වාරසඟරාද භාවිතා කරන්නට විය . මෙම අධ්‍යනය සිදුකරනු ලැබූයේ සමීක්ෂණ පර්යේෂණ ක්‍රමය යටතේ ප්‍රමාණාත්මක පරේය්ෂණ ක්‍රමවේදය මිශ්‍රිතව භාවිතා කර ගනිමිනි. එමෙන්ම සංගහණය වශයෙන් කැළණිය විශ්වවිද්‍යාල පුස්තකාලය භාවිතා කරනු ලබන සියලුම විද්‍යාර්ථීන් තෝරාගනු ලැබූ අතර නියැදිය තේරීමේදී අහඹු නියැදීමේ ක්‍රමට යටතේ විද්‍යාර්ථියින් 200 දෙනෙකු තෝරාගනු ලැබීය . මෙහිදී දත්ත විශ්ලේෂණය සදහා ෑඞක්ෑඛ මෘදුකාංගය භාවිතා කරනු ලැබීය . මෙම පර්යේෂණයේ ප්‍රතිඵල වශයෙන් පුස්තකාලයන් තුළ විවිධාකාර තොරතුරු ගවේෂණ උපක්‍රම භාවිතා කළද එකිනෙක විද්‍යාර්ථීන් තුළ ඒ පිළිබද පවතින දැනුවත්භාවය දුර්වල මට්ටමක පවතින බව හා පුස්තකාලය තුළ භාවිත කරනු ලබන ගවේෂණ ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවන බව අනාවරණ කරගත හැකි විය.